පොසොන් එකට උදව්වක් ඕනි..

පොසොන් එකට උදව්වක් ඕනි..

මෙහෙමයි මචන්ලා. අපේ ගමේ පන්සලේ පොසොන් කලාපයක් තියෙනවා. දන් අවරුදු 5ක් විතර තිස්සේ කරන එකක්. දන්සල්,කුඩු,බක්තිගීත,තොරණ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ පාර ඔක්කොම හරි තොරණ කරගන්න බැරිවුණා. පොසොන් කලාපේ තොරණ අඩුවක් කියල පේනවනේ බන්. ඉතින් පන්සලේ හාමුදුරුවෝ මට කිව්වා අපි Digital තොරණක් පෙන්නමු කියලා. හැම තිස්සෙම internet එකේ එල්ලිලා ඉන්න මට තොරණක් හොයාගන්න බැරිනම් වැඩක් නෑලු. මට ඉතින් එවෙලේම අපේ සහෝදර එළකිරි ජනතාව මතක් වුන.. මචෝ මගේ කාර්ඩ් එක බේරලා මට තොරණක් හොයලා දෙන්නකෝ. ගොඩක් පින්. බුද්ධාලම්බන ප්‍රීතියෙන් කරන වැඩක්නේ. Flash වගේ එකක් නම් තමයි බලාපොරුත්තු වෙන්නේ. නැතිනම් GIF එකක් හරි කමක් නැහැ. ප්‍රොජෙක්ටර් එකකින් තමයි පෙන්නන්න බලාපොරොත්තුව.මන් අහලා තියෙනවා powerpoint වලිමුත් තෝරන් ගහනවලු කට්ටිය. අනේ මචන්ලා පුළු පුළුවන් විදියට මේ පින්කමට දායක වෙයල්ලා..