සරලව මෙහෙම හිතපන්කෝ
සාමාන්‍යෙන් උඹ ෆෝම් සබ්මිට් කෝඩ් වත් ලියලා ඇතිනේ (නැත්නම් පැය දෙකෙන් ඉගනගත්තැකි බේසික් දේවල් සේරම)
ප්‍රධාන වශයෙන් GET/POST රික්වෙස්ට් එකක් තමයි ෆෝම් එකෙන් සෙන්ඩ් කරන්නෙ ඒකට HTML අවුට්පුට් එකක් ජෙනරේට් වෙන එක තමයි සාමාන්‍යඑන් කරන්නෙ
මේ HTML එක වෙනුවට මොනවහරි ටෙක්ස්ට් එකක් රිටන් කරනවා කියලා හිතපන්කෝ, උදාහරනයක් විදියට ලොගින් ෆෝම් එක සබ්මිට් කරාම යුසර්නේම් පාස්වර්ඩ් හරි නම් yes කියල ටෙක්ස්ට් එකක් රිටන් කරනවා වැරදි නම් no කියලා රිටන් කරනවා කියලා
වෙබ් සර්විස් වල සරල තියරිය ඕකම තමයි, හැබැති ප්ලේන් ටෙක්ස්ට් වෙනුවට ස්ට්‍රක්චර්ඩ් ඩේටා එවන්න JSON හරි XML හරි යූස් කරනවා, ඒ එවන ෆෝමැට් එක හැදෙන්නෙ කොහොමද කියලා ස්ටෑන්ඩඩ් තියනවා SOAP/REST වගේ කියලා
මේවගේ හැම රික්වෙස්ට් එකටම සර්විස් හදා ගත්තට පස්සෙ ඕනම ලැන්ග්වේජ් එකකින් GET/POST හරි වෙන මොනවා හරි රික්වෙස්ට් යවලා ඕන දෙයක් කරන්න පුලුවන් (උදාහරන විදියට, login, get User info, Update profile, update content etc etc)
එතකොට මේ සර්විස් (API) ලියන්නේ සර්වර් සයිඩ් කෝඩ් විදියට(බැක් එන්ඩ් එක කියලාත් කියනවා) එතකොට සර්වර් සයිඩ් ලැන්ග්වේජ්/Technology යූස් කරලා මේක හදා ගන්න පුලුවන්, ලේසිම විදි තමයි
Php වගේ ඒවා, එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේදි .net, java වගේ ඒවා ගොඩක් දුරට යූස් කරනවා අලුත්ම ටෙක්නොලොජීස් විදියට NodeJS එහෙමත් යූස් කරනවා, තව Python වගේ ඒවයිනුත් පුලුවන් (මේ නිකන් උදාහරන ටිකක් දුන්න), මේ සර්විස් ඇතුලෙ ගොඩක් වැඩ කරන්න පුලුවන් උදා හරනයක් විදිට DB ඇක්සස් කරලා කරන වැඩ වගේ
මේ සර්විස් ටෙස්ට් කරගන්න පොඩි බ්‍රවුසර් ප්ලගින් එහෙම තියනවා (POSTMAN is one of most populer plugin https://chrome.google.com/webstore/detail/postman/fhbjgbiflinjbdggehcddcbncdddomop?hl=en)
කන්ටෙන්ට් අප්ඩේට් කරන ඇප් එකට කියන්නෙ ක්ලයන්ට් ඇප් එකක් කියලා, ඒකත් ඕනම ලැනග්වේජ් එකකින් කරන්න පුලුවන්, Backend එක හදපු ලැන්ග්වේජ් එකම වෙන්න ඕන නැහැ, ඒකට java/c#/javascript වගේ ඕනම දෙයක් යූස් කරන්න පුලුවන්, හැම වෙලේම කරන්නෙ අදාල වැඩේට හරියන්න රික්වෙස්ට් එක හදලා API එකට සෙන්ඩ් කරන එක විතරයි, API එකේන් අදලා වැඩේ කරනවා
මෙතන සරල ටියුටෝරියල් එකක් තියනවා මූලික දේවල් සේරම වගේ මෙතන තියනවා
https://trinitytuts.com/build-first-web-service-php/
ගොඩක් පිං මචන්,

ලොකු උදව්වක් කලේ,උඹ මහන්සි වෙලා ටයිප් කරලා හොඳ පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා.ලොකුම දෙයක් මේකනම්

