මේ ජනාදිපතිතුමානම්හරියන්නේ නැහැ වගේ කොල්ලනේ... පට්ට කුනෙක්නේ... දැන් අර නිදහස් චතුරශ්‍රයේ තිබ්බ දිවුරුම් දීමට රු. 6500යි වියදම් කරලා තියෙන්නේ. දැන් ඊයේ තිබ්බ කැබිනට් එක දිවුරුම් දීමට රු. 285000යිලු වියදම් කරල තියෙන්නේ.. (ගනන්නන් හරිද කියල දන්නේ නෑ).. ඊයේ ඒකෙ 300ක් විතර හිටියනේ.. ගාන හරිනම් එතකොට එකෙකුට වියදම් කරල තියෙන්නෙ රු. 950යි.. (මට අංක ගණිතය හරියට බෑ.. හැබැයි 2/2 = 0 හරිය..) මට පේන විදිහට කන්න දීල තියෙන්නේ ආප්ප වගේ... පොරගෙ දැන් ප්‍රියතම කෑම කියනවනෙ ආප්ප... මෙහෙමනම් හරියනේ නැහැ.. මෙහෙම ගියොත් අපි ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වෙනව...මට තියෙන බය පොරගෙ තියෙන කුණුකමට ගෙදර වියදම අඩුකරගන්න හිතල බඩු මිලත් අඩුකරයිද දන්නේ නෑ... ශික්.. හරිම චීප්..හරිම චීප්.. අන්න ඒකට අපේ මහින්ද ලොක්කා... බයිය උනාට වියදම් කලා අත දිගඇරල...ලෝස් නෑ...පොර දින්නනම් ඔය උත්සව දෙකට අඩුමගානේ කෝටි 5ක් වත් වියදම් කරනව.. මදිවට අමාත්‍ය ධූර සංඛ්‍යාවත් අඩු කරලා... වැඩිම අමාත්‍ය මණ්ඩලයක් තිබෙන රට කියලා ලෝක වාර්තාව කප් එකත් නැහැ. ඒ අතින් මහින්ද ලොක්ක සුපිරි... අනික් දේ තමයි.. මොකක්ද මචං අර දන්සැල් හට් එකක් වගේ එකක ඉඳල ජාතිය අමතල පොර සේවකයෙක් කියල කියපු කතාව... ලංකාවෙ අපිට ඕනි රජෙක්නේ බොල..ලංකාවෙ මෙච්චර කාලෙකට ජනාදිපතිවරු ඉඳල තියෙන්නේ 4යි නේ..අනික් ඔක්කොම රජවරු... කොච්චර අමාරුවෙන්ද රාජපක්ශ රාජ පරම්පරාව අපි හදාගත්තෙ.. නැද්ද මං අහන්නේ... අපේ දේශප්‍රේමි බුද්ධිමත් ජනතාව සිංහලය පරාදයි කියල බුකියේ මැරෙන්නයන එකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියහම... දැන් බලාගෙන ගියහම මහින්ද ලොක්කව පරාද කලේ අපරාදෙනෙ ඕයි.... මෙහෙම ගියොත් මහින්ද ලොක්කව ආපහු ඉක්මනටම සිංහාරූඩ කරන්න වෙයි... (මට තියෙන බාහිර බලපෑම් නිසා ආපහු දේශපාලන කමෙන්ට්ස් දාන්නේ නැහැ කියල හිතුවෙ... මේකත් දාලම නවත්වනවයි කියල හිතුව...හොඳ123ase
Fb eken gaththe.ithin balapanko munge mole tharama