පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද ?

  • සජිත්ට වාසියි

    Votes: 19 22.1%
  • අනුරට වාසියි

    Votes: 42 48.8%
  • රනිල්ට වාසියි

    Votes: 18 20.9%
  • පොහොට්ටු අපෙක්ශකයාට වාසියි

    Votes: 7 8.1%

  • Total voters
    86

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,391
    5,570
    113
    Panadura
    awurudu 2 laksha 20 rata gihin kiyana eka confirm karanda data thiyanawada ? ecchara yanda widihak na neda ?
    පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලින් තහවුරු වී තිබේ.

    එම සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,127,758 දෙනෙකු සහ 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,437,607 දෙනෙකු විදේශ රටවලට සංක්‍රමණය වී ඇත.

    සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි 2022 සහ 2023 වසරවලදී රැකියා සඳහා විදෙස්ගත වී ඇත්තේ, සමස්ත විදේශගත වූවන්ගෙන් 24%ක් පමණි. එනම්, ශ්‍රී ලාංකිකයින් 608,925 දෙනෙකි.

    ඒ, 2022 වසරේදී 311,269 දෙනෙකු සහ 2023 වසරේදී 297,656 දෙනෙකු වශයෙනි.

    මෙම දත්ත අනුව, 2022 වසරේදී රැකියා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින්ගේ මාසික සාමාන්‍යය 25,939 දෙනෙකි.

    2023 වසරේදී එම සාමාන්‍යය මසකට 24,805 දෙනෙකි.

    2023 වසරේදී විදේශ රටවලට සංක්‍රමණය වූවන්ගෙන් 70%ක් කුසලතා සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාර්තුමය වාර්තා අනුව 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
    ඒ අනුව, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789.4කි.
    ඉන් වැඩි ම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ අතර, සංඛ්‍යාත්මකව එම මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 139.7කි.

    කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 131.9), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 106.8), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 103.6) සහ දකුණු කොරියාව (අමෙරිකානු ඩොලර් මිලියන 89) ශ්‍රී ලංකාවට 2022 වසරේදී වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් වේ.

    ඊට අමතරව, 2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් ශ්‍රී ලංකාවට එවා ති‌බේ.

    එහිදී ද, වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට ය. 2022 වසරට සාපේක්ෂව එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, සංඛ්‍යාත්මකව එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 170.9කි.

    2023 වසරේදී ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් අතර කටාර් (අමෙරිකානු ඩොලර් මිලියන 156.9), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අමෙරිකානු ඩොලර් මිලියන 155), සෞදි අරාබිය (අමෙරිකානු ඩොලර් මිලියන 154.9) ද සිටී.

    ඒ අනුව, එම වසර දෙක තුළදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9,759කි.

    Source