පොහොට්ටුව_වැනෙන්නේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,642
    13,357
    113
    පොහොට්ටුව වැනෙන්නේ ඉන්දීය වුවමනාවටද ?


    2a28aebc1200566778a4366dd1286083_M.jpg




    බැසිල් රාජපක්ෂව ඉදිරියෙන් තබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දේශපාලන කටයුතු මෙහෙයවන්නේ ඉන්දියාව විසින් බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.


    චීන හිතවාදය ගැන අමනාපයෙන්

    වත්මන් රජයේ චීන හිතවාදී පිළිවෙත ඉන්දියාවේ අමනාපයට හේතු වී ඇති බවත් එහෙයින් ශ්‍රී ලංකා දේශපාලනයෙහි තුන් වෙනි බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් මල් පොහොට්ටුව පක්ෂය ප්‍රවර්ධනය කිරීම ඉන්දියාව විසින් සිදු කරමින් පවතින බවත් දේශපාලන විශ්ලේශකයෝ ප්‍රකාශ කරති.

    ගෙදර ගිය මහින්ද යළි කැඳවීම

    2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා දේශපාලනයෙන් ඉවත් වූ අතර ඔහුව ඉතා කෙටි කලක් තුළ නැවතත් දේශපාලන චරිතයක් බවට පත් කිරීම පිටුපස සිටින්නේ ඉන්දියාවය. පසුගිය දැවැන්ත මැයි රැළිය ඇතුළු ඔහුගේ සියළුම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මුදල් පොම්ප කරන්නේ ඉන්දියාව විසිනි. ඉන්දීය මධ්‍යම රජය මීට සෘජුව සම්බන්ධ නොවන නමුත් විවිධ සංවිධාන හරහා ඔවුන් මීට මුදල් සම්පාදනය කරමින් සිටී.

    ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ 2017 දැවැන්ත මැයි රැළියට ද සියළු වියදම් සපයා තිබුණේ ඉන්දියාව විසිනි. වත්මන් ආණ්ඩුවට එරෙහිව එතරම් ජනමතයක් ප්‍රායෝගිකව ඇතිවිමට අවශ්‍ය තරම් සාධක බිමෙහි සපිරී තිබුණේ නැත. එහෙත් ඉන්දීය මුදල් වපුරා කෘතීමව ජන විරෝධයක් ගොඩනැංවීමට බැසිල් ප්‍රමුඛ පිරිසට එහිදී හැකියාව ලැබිණි. මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ විසින් ද රජයට දැනුම් දී තිබිණි. එහෙත් කිසිවකු මෙම ඉන්දීය නින්දිත අත පෙවීමට එරෙහිව කට නොඅරින්නේ ඉන්දියාව තරහ කරගැනීමට ඇති බිය නිසාය.

    අන්තවාදී ඉන්දියාව

    අනෙත් අතට ඉන්දියාව ගැන ද යමක් කිව යුතුය. ඉන්දියාව යනු ඉතා දැඩිව ආගමික අන්තවාදයට යටවෙමින් පවතින රටකි. එය කෙතරම්ද යත් පාප් වහන්සේගේ දකුණු ආසියානු සංචාරය උන්වහන්සේ බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල සංචාරය කළද ඉන්දියාව උන්වහන්සේට සංචාරය සඳහා ආරාධනා කළේ නැත. එය සංස්කෘතීන් අතර විවිධත්වය පිටුදකිමින් හින්දූත්ව සංකල්පය තුළ ගිළි යමින් පවතී.

    ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිධු යනු 2004 වසරේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳහෙළීම සඳහා ද තීරණාත්මක භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙකි. ඔහු මෙවරත් ශ්‍රී ලංකාවෙහි දේශපාලනික අස්ථාවරභාවයක් ඇති කිරීම උදෙසා ඉතා ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී.

    මන්ත්‍රී වෙන්නත් බැරි බැසිල්

    බැසිල් රාජපක්ෂ යනු බොහෝ ඉන්දීය සම්බන්ධතා ඇති පුද්ගලයෙකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ ද ඉන්දියාව සමඟ සුහදතාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකාරී වූයේ ඔහුය. එහෙයින් ඉන්දියාව මෙවර තම වුවමනාවන් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඔහුව තෝරාගෙන තිබේ. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පූර්වාදර්ශය අනුව බැසිල් රාජපක්ෂ යනු නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ තේරීපත්විය නොහැකි පුද්ගලයකු බව පැහැදිලිය. ඒ තිබියදීත් බැසිල් මේ තරම් උනන්දුවෙන් දේශපාලන වේදිකාවේ දඟලන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවකට බව කාට වුණත් වැටහිය යුතුය.

    ඉන්දීය මුදල් හුවමාරු

    රජයට එක්වී ඇමති තනතුරක් ලබා ගැනීමේ සූදානමින් පසුවන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායකව ඉන් වළක්වාලීම සඳහා බැසිල් රාජපක්ෂ පසුගිය දින කිහිපයෙහි උපරිම උත්සාහය දැරීය. ඔහුට ඉන්දියාවෙන් උපදෙස් ලැබී ඇත්තේ පිල් මාරු කිරීමට සූදානමින් පසුවන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී කෙසේ හෝ රඳවා ගන්නා ලෙසය. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පවා බැසිල් රාජපක්ෂ විසින් මිල දී ගන්නා ආකාරය අපට දැක ගැනීමට හැකිවනු ඇත.

    කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ යනු 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයත් සමඟම රටින් පළාගිය පුද්ගලයාය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ බොහෝ කලකට පසුවය. එමෙන්ම ඔහු ඇමරිකානු පුරවැසියෙකි. එහෙයින් ඔහු රාජපක්ෂ කඳවුරේ මූලික චරිතය ලෙස පෙනී සිටීම එම කඳවුරේ ජ්‍යේෂ්ට දේශපාලනඥයින්ගේ නොසතුටට හේතු වී තිබේ. දිනේශ් ගුණවර්ධන වැනි ජ්‍යේෂ්ට නායකයින් සිටින්නේ බැසිල්ගේ ක්‍රියාකලාපය ගැන කළකිරීමෙනි.


    source

    PS;-මම කාටවත් කඩේ යනවාවත් මඩ ගහනවාවත් නෙවෙයි , මේ විස්තරය තර්කානුකුලව සත්‍යයයි සිතුනු නිසා මෙහි පලකරන ලදී.

    මෙම විස්තරය සත්‍ය නම් අපේ රටට දෙයියන්ගේම පිහිටය

    මේ ලිපිය කව්රුත් කියවන්න එපා
    මේකේ තියෙන සේරම බොරු
    මහින්දලා කවදාවත් රටට ද්‍රෝහී වෙන්නේ නෑ
    මම අත්දැකීමෙන් කියන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මහින්ද තමයි අංක එකේ චීනවාදියා....
    රනිල් කළේ මහින්දගේ දිගුව....
    හැබැයි රනිල් ඉන්දියාවටත් දොල පිදේනි දෙන්න සූදානම්වෙලා හිටියේ...
    මට නම් පේන්නේ මේක අර්ථ විරහිත තර්කයක්....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්දව එලවන්ඩ එලිපිට වැඩකරපු ඉන්දියාව කියන දේවල් කරනව බැසිල්...පව් යකෝ උබල..

    ඔබ කියන එක හරි අපි දන්නවා 2015 දි මහින්දව පරන්දන්න ඉන්දියාව සහ ඇමරිකාව උදව් කල හැටි, මම හිතන්නේ යහපාලනය ඉන්දියාව කියන දේ කරා ඔවුන් චිනෙනත් යමක් දුන්නා ඉන්දියාවටත් දුන්නා

    මහින්ද රාජපක්ශ දෙරණට අපු වෙලාවෙත් මෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා.

    යහපාලනය සී.පා ගිවිසුම ගෙන්නත් දග දම්මා

    මම නම් කියන්නේ ඉන්දීයාව තරහ කරගත් යුතු නැති වුනත් ඉන්දීයාව තමයි අපිට මේ සියලුම ප්‍රශ්න ගෙනාවේ සහා අපිට විසදගන්න නොදුන්නේ. එක නිසා පත්වෙන නායකයා මෙවත් හොදට කලමනාකරණය කල යුතුයි
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මහින්ද තමයි අංක එකේ චීනවාදියා....
    රනිල් කළේ මහින්දගේ දිගුව....
    හැබැයි රනිල් ඉන්දියාවටත් දොල පිදේනි දෙන්න සූදානම්වෙලා හිටියේ...
    මට නම් පේන්නේ මේක අර්ථ විරහිත තර්කයක්....

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මහින්ද තමයි අංක එකේ චීනවාදියා....
    රනිල් කළේ මහින්දගේ දිගුව....
    හැබැයි රනිල් ඉන්දියාවටත් දොල පිදේනි දෙන්න සූදානම්වෙලා හිටියේ...
    මට නම් පේන්නේ මේක අර්ථ විරහිත තර්කයක්....

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eWwJoVs.jpg


    2015 මෝඩිකිට් එක ගහල ලෝක අඩව්වක් නැටුවෙ මහින්ද වෙන්නැති එහෙනං :rofl: රටේ උං දන්නව ඉන්දියාවෙයි, දෙමළ ඩයිස්පෝර එකෙයි සල්ලි, ඡන්ද වල වුවමනාවට කැනඩ, යුරෝප් උංගෙ කීමට සිංගප්පූරුවවෙ හෝටල්වල සෙට්වෙලා TNA එකෙ උනුයි බලුකොතේ උනුයි එකතුවෙලා කාගෙ ආණ්ඩුවද කෙළකලේ කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif


    මේ... මේ... ආයිබෝං....
    දවසෙ කුලිය කීයද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මහින්ද තමයි අංක එකේ චීනවාදියා....
    රනිල් කළේ මහින්දගේ දිගුව....
    හැබැයි රනිල් ඉන්දියාවටත් දොල පිදේනි දෙන්න සූදානම්වෙලා හිටියේ...
    මට නම් පේන්නේ මේක අර්ථ විරහිත තර්කයක්....


    තර්කයක් ඔතන නෑ බන්... ඔතන තියෙන්නෙ ශෝකයටපත් පාක්ෂිකයෙක්ගෙ අඳෝනාවක්
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සැගවුණු ටෝයියෝ :baffled::baffled:
    සැගවුණු ටෝයියෝ දැන් කමෙන්ට් කරන්නෙ මෙහෙම "අපිත් දුන්නෙ ගෝඨට තමයි, ඒත් මේව වැරදි...." :lol::lol:
    බලාගෙන ගියාම සජ්ජ පුතානෝට හම්බුන ලක්ශ 55ම හොර ඡන්ද, ඌට දීපු එකෙක් නෑ.
    :lol: