පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා දීම ගැන සලකා බැලිය හැකි යයි එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

    “ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා..

    ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”

    @2osama thawath hangenne nethuwa kiyapan, ranil erunahama pohottuwata apekshakaek naha neda thawama???

    ps. @2osama dislike gahanne, ranilta denneth nedda ehenam??
    ------ Post added on Jul 3, 2024 at 1:03 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    @ruchira55 මදු, මේ පිලිබදව ඔබගෙ මතය කුමක්ද?
    යූඇන්පී ලේ දුවන්නෙ ඇඟේ බන්. වල් වේස මෝඩ බයියොන්ගෙ චන්දෙ අපේ නායකතුමාට අරන් දෙන්න බොරු කියල රවට්ටන්න ඕන දේවල් උන් කැමති විදිහට කරගත්තුදෙන්
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    බොරැ කයිවාරු ගහනවා. කොහොමත් රනිල් ඇර පොහොට්ටුව විකල්පයක් නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.


    අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.


    අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.


    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.


    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.


    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.


    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.




    @N A K A M U R A @2osama @hirashgeff @John Dutton @netudara

    ubala kiyapalla ranilda sudusuma kena

    https://elakiri.com/threads/රනිල්-හැර-ජනාධිපතිකමට-සුදුස්සෙක්-නෑ-බැසිල්.2148787/