පොහොට්ටු මන්ත්‍රී

AHTNIHCA

Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දුන්නෙ, චන්දෙ ඉල්ලපු මිනිස්සු ගැන හිතලා නෙමෙ. චන්දෙ දුන්නෙ 'මහින්ද රාජපක්ශට', කුඩු කාරයො, කසිප්පු කාරයො සෙරමලා ඇතුලෙ. මහින්දවාදි මිනිස්සු ඉන්නකම් මෙ රට හදන්න බැ.
    ප්‍රදාන පක්ශ 2කෙන් එකකටවත් මෙක ගොඩ ගන්න බැ. උන් දෙගොල්ලොම fail කිය්ල ඔප්පු කරලා ඉවරයි..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    ලයිසන් නැතිව රිය පැදවූ අරණායක පොහොට්ටු මන්ත්‍රී කතුන් දෙදෙනෙකු අනතුරට පත්කරයි

    රියදුරු බලපත්‍රයක් හෝ ආදායම් බලපත්‍රයක් නොමැතිව කැබ් රථයක් ධාවනයකර කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව, පසුගිය 18 වැනිදා අධිකරණය හමුවේ වරදකරුවෙකු වූ අරණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව්. ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

    මාවනැල්ල අරණායක මාර්ගයේ ගැවිලිපිටිය ඇහැලගස්තැන්න ප්‍රදේශයේ දී පසුගිය ජූලි මස 9 වැනිදා අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් පදවාගෙන ගිය කැබ් රථයේ ගැටී යතුරුපැදියක ගමන් කරමින් සිටි හෙම්මාතගම, ගිනිහප්පිටිය පොල්හේන්වත්ත පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ විමලාවතී එදිරිසූරිය(50) සහ සංගිලි දූරයාලාගේ ප්‍රියංකා එදිරිසූරිය(34) යන කාන්තාවන් දෙදෙනා අනතුරට ලක්ව කෑගල්ල සහ මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කොට ඇත.

    මෙම රිය අනතුර සිදුකිරීම සම්බන්ධව කැබ් රථය පැදවූ අරණායක, නාරංගම්මන පදිංචි අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වෙදාලාගේ ජයරත්න(53) නැමති අය අරණායක පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර සැප්තැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළේය.

    නියෝග ප්‍රකාරව අධිකරණය හමුවේ පෙනී සිටි ජයරත්න මහතාට විරුද්ධව අරණායක පොලීසියේ රථවාහන අංශය විසින් රියදුරු බලපත්‍රයක්, ආදායම් බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරී ධාවනය, අනතුර වලක්වා නොගැනීම, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා ගොනුකර තිබුණි.

    අදාල චෝදනා යටතේ වරදකරු වූ ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ.

    (ලංකා ට්රුත් )


    - https://newstube.lk/news/3754-2018-09-23-05-00-02
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    බද්දේගම ප්‍රා.සභා සභාපති මිනිස් ජාවාරමට දකුණු කොරියා ගිහින්..!

    ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ ගමන් බලපත්‍රයක් හිමි ජමීල් නමැත්තෙක් මිනිස් ජාවාරමේ යෙදී ඉතාලියේ හසුවෙද්දී රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පොහොට්ටුවේ දේශපාලුවෙක් මිනිස් ජාවාරමක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින සිද්ධියක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මේ පුද්ගලයා අන් කිසිවෙකු නොව බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ නමැති පොහොට්ටු පක්ෂයේ ජයග්‍රාහී සභාපතිවරයා ය. ඔහු පුද්ගලයන් තිදෙනෙකුගෙන් ලක්ෂ 6 බැගින් ලක්ෂ 18 ක් රැගෙන ඔවුන් දකුණු කොරියාවට ගෙන ගොස් බැස්සවීම සඳහා මේ වන විට රටින් පිටව ගොස් තිබේ. පිරිස සමග අනුර නාරංගොඩ ද දකුණු කොරියාව වෙත පැමිණ ඇති අතර පුද්ගලයන් තිදෙනා එහි දමා ඒම මොහුගේ සැලැසුමයි. ඔහු මේ සඳහා අවභාවිතා කරන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරයි. මේ හාදයාද නියත වශයෙන්ම මිනිස් ජාවාරමේ යෙදී හසුවන අතර ඉන් ද දැලි ගෑවෙන්නේ රටේ නාමයේ ය.


    - https://www.lankaenews.com/news/8176/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    ගිනි අවි පෙන්වා කළ කොල්ලකෑමට මහින්දගේ මන්ත්‍රී ඇතුළු 03ක් රක්ෂිත බන්ධනාගාරයට

    October 4, 2018

    ජීව අත්බෝම්බයක් හා පිස්තෝලයක් ඇතුළු පීඩාකාරී අවි පෙන්වා ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී නිවෙස් හිමි ව්‍යාපාරිකයා බියවද්දා මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියකට මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු සමෘද්ධි නිලධාරියෙකු හා තලාව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු මේ මස (29)වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා පසුගිය 01වනදා නියෝග කර තිබේ.

    ඒ අනුව රැජින හංදිය තඹුත්තේගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ අජන්ත කුමාර නොහොත් අජා, අසංක දිල්හාර හා රණසිංහ ආරච්චිලාගේ ලලිත් යන තිදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    2001 වසරේ අප්‍රේල් මස 09වනදා හෝ ඊට ආසන්න දිනයකදී රනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ආමනේ ප්‍රදේශයේ පිහිටි වී මෝල් ව්‍යාපාරිකයෙකුගේ නවසට බලහත්කාරයෙන් ඇතුළුවී ගිනිඅවි පෙන්වා ව්‍යාපාරිකයා බිය ගන්වා රුපියල් දසලක්ෂ අසූතුන්දහසක් (රු. 1,083,000) වටිනා මුදල් හා රන් ආභරණ මේන්ම බලපත්‍ර සහිත ගිනි අවියක්ද පැහැරගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනා අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටිති.

    විත්ති කාර අජා නොහොත් රත්නායක මුදියන්සේලාගේ අජන්ත කුමාර එම අවදියේ සමෘද්ධි නියාමකවරයෙකු ලෙස කටයුතු කර තිබෙව අතර මේ වනවිට ඔහු තලාව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකි.



    - http://www.lankatruth.com/si/ගිනි-අවි-පෙන්වා-කළ-කොල්ලක/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    මහින්දගේ ගමේ "සභාපති පොහොට්ටුවත්" හොරකමේ

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සභාපති සිරිල් මුණසිංහ ප්‍රාදේශීය සභාව සතුව පැවති ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් තොගයක් පෞද්ගලික පරිහරණයට ගෙන ඇතැයි වාර්තා වෙයි.

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත මුතුමාල මේ සම්බන්ධව අද (07) වගකිවයුත්තන්ට පැමිණිලි කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ 2015 වසරේ සිට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව භාරයේ පැවති සිමෙන්ති ගල් තොගයක් සභාවේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ ගැටමාන්න ප්‍රදේශයේ නිවස වෙත ප්‍රවාහනය කරන බවය.

    සිමෙන්ති ගල් තොගය අඟුල්මඬුව පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රධානය කිරීමට ගෙනආ යෝජනාව පසුගිය දා සභාවේ සම්මත වූ අතර පසුගිය සිකුරාදා දින රාත්‍රියේ සිට එම ගල් තොගය ප්‍රාදේශීය සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ නිවස වෙත ප්‍රවාහනය කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී සභාවේ ලේකම්වරයා ඇතුළු කිසිවෙකුත් සිද්ධිය සම්බන්ධව දැනුවත්ව සිට නොමැති බවද එහි සඳහන්කර ඇත.

    කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත මුතුමාල මහතා ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙකු විසින් අඟුල්මඩුව පන්සලේ නායක හිමියන්ගෙන් කළ විමසීමකදී පන්සලට සිමෙන්ති ගල් නොලැබුණ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත.

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය පරිපාලක ලෙස කටයුතු කළ චමින්ද නැමැත්තා ඉවත්කර ඒ වෙනුවට මෑතක දී පත්කර ඇති සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම ගල්තොගය ප්‍රවාහනය කළ බවට ප්‍රාදේශීය සභාවේ සේවකයන්ද පවසා ඇත.



    - https://newstube.lk/news/3958-2018-10-08-08-04-34
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    මහින්ද පිලේ මන්ත්‍රී දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් – මන්ත්‍රීවරයෙක් මාරාන්තික උපවාසයක

    October 8, 2018

    රත්තොට ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකු වන තිලක් කුමාරසිරි මහතාට එම පක්ෂයේම මන්ත්‍රීරිවරයෙකු හා ඔහුගේ පියා මැර පිරිසක් සමඟ පසුගිය සිකුරාදා (05) සිදු කළ පහර දීමකට විරෝධය දක්වමින් එම මන්ත්‍රීවරයා ඊයේ (07) සිට ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බිම වාඩිවී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

    පසුගිය සිදකුරාදා පැවති සභාවාරය නිම වී පිටතට පැමිණිමේදී මෙම පිරිස පැමිණ තමන්ට මෙලෙස පහරදුන් බව මන්ත්‍රි තිලක් කුමාරසිරි මහතා පවසයි.

    පසුගිය සභාවරයේදී ප්‍රාදේශීය සභාව තුළ ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් සභාව අවසන් වි පිටතට පැමිණෙන අවස්ථාවේදී මහින්ද පිලේම ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන දිනේෂ් මහතා හා ඔහුගේ පියාවන හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත පුෂ්පකුමාර මහතා සමඟ මැර පිරිසක් සමග පැමිණ තමාට පහරදුන් බවට ඔහු චෝදනා කරයි.

    එම සිද්ධියට අදාළව ප්‍රාදෙශිය සභා මන්ත්‍රීවරයා හිටපු සභාපතිවරයා හා තවත් පුද්ගලයෙකු ඊයේ (07) රත්තොට පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.


    - http://www.lankatruth.com/si/මහින්ද-පිලේ-මන්ත්‍රී-දෙප/
     
    • Like
    Reactions: skymicro

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේක දාපු MONSON ගේ අම්මටත් පොහොට්ටුවේ එකෙක් හුකලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    monson පොන්ස් ඔය පොහොට්ටු කට්ටියට මේ වගේ සෙනිකව ඇප ගන්න විදියක් නැද්ද?



    8261_AC29-221_D-4_ED4-87_E4-9_BFA699_F04_A1.jpg


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

    (මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ්)

    උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපහරණය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා අද (19) නියෝග කළේය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන කේ.ජි.ටි.අනුරුද්ධ ඒකනායක නැමැති අයෙකි.

    අදාල පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මන්ත්‍රීවරයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


    - http://www.lankadeepa.lk/latest_news/උකුවෙල-ප්‍රා--සභාවේ-පොහොට්ටුවේ-මන්ත්‍රී-රිමාන්ඩ්/1-538819
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    පොහොට්ටු ප්‍රහාරයෙන් කෙසෙල් ඇවරියක් රෝහලේ !

    ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභා ගර්භය තුළදී සිදු වු පහර දීමක් හේතුවෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (කෙසෙල් ඇවරිය) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ ඊයේ (18) රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

    වාර්තා වන ආකාරයට ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම එහි සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර සභාව ආරම්භ වී සුළු වෙලාවකින් එක්සත් ජාතික පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා සභාපතිවරයාගේ අනුරුව සහිත පඹයෙකු සමඟින් සභාවට පැමිණ තිබේ. එහිදී මන්ත්‍රීවරයාගේ එම ක්‍රියාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය දක්වා ඇත.

    මෙහි දී සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් තැබු අතර ඒ සමඟින් සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහුව සභාවෙන් ඉවත් කිරීමට සහ පහරදී ඇති අතර එහිදී පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ඇද වැටී ඇති බවද වාර්තා වෙයි.

    අනතුරුව කෙසෙල් ඇවරිය පක්ෂයේ ප්‍රධානියා වන මෛත්‍රී ගුණරත්නගේ වෛරයට පාත්‍රවූ 1990 ගිලන් රථ සේවය මඟින් ඉමදුව රෝහලට ඇතුළත් කල අරුණ මන්ත්‍රීවරයා පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලු බවද දැනගන්නට ඇත.

    එසේම එම පක්ෂයේ කිසිවෙකු මෙතෙක් අදාළ මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමටවත් පැමිණ නැති බවද දැනගන්නට ඇත.


    imaduwa_pohottuwa.jpg


    - https://newstube.lk/news/4084-a-g-aruna
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    කඩුවෙල මහ නගර සභාව පාරවල් හදන්න ගත් යන්ත්‍ර 6න් 4ක් විකුණන්න යනවා

    Saturday, ඔක්තෝබර් 20, 2018 - 01:00

    කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය පාරවල් කාපට් කිරීම සඳහා, පසුගිය පාලක මණ්ඩලය මඟින් රුපියල් මිලියන 66ක් වැය කර මිලදී ගත් කාපට් කිරීමේ යන්ත්‍ර 6න්, 4ක් වර්තමාන පොහොට්ටු පාලන මණ්ඩලය මඟින් විකුණා දැමීමට කටයුතු කරන බව, කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී හා කඩුවෙල ආසන බලමණ්ඩලයේ සභාපති, අසිත නිරෝෂණ (ජවිපෙ) මහතා පැලවත්තේ දී පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේය. පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ නිර්දේශය මත එවකට පැවැති පාලන සභාව මඟින් 2016.04.26 වැනි දින මිල දී ගත් මේ කාපට් කිරීමේ යන්ත්‍රවලින් 4ක් 2018.09.05 වැනි දින පුවත්පත් දැන්වීමක් පළකර විකිණීමට සූදානම් වන බව ද වර්තමාන පාලක මණ්ඩලයේ රාජ්‍ය දේපළ විකිණීම දැඩි සේ හෙළා දකින බව ද අසිත නිරෝෂණ මහතා කීය.

    පාරවල් කාපට් කිරීම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී එමඟින් කොමිස් මුදලක් ලබාගෙන මන්ත්‍රීවරුන් සතුටු කිරීම මෙහි යටි අරමුණ බවද, වර්තමාන පාලකයන් වරිපනම් බදු මුදල 9% දක්වා වැඩි කර ඇති අතර, රනාල, හබරකඩ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙය දරාගත නොහැකි කාරණයක් බවද, නිරෝෂණ මහතා කීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව තවමත් 8% ක් වරිපනම් බදු අය කරන අතර, බොරලැස්ගමුව 6%ක් බව ද කීය.

    නිවාස 705කින් යුත් ජයවඩනගම නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් සඳහා වූ සමිති ශාලාව පෞද්ගලික උත්සව ශාලාවක් ලෙස කුලියට දී ඇති බව ද නිවාස සංකීර්ණයේ දරුවන්ට හා වැඩිහිටියන්ට මෙයින් අසාධාරණයක් සිදු වී ඇති බව ද නිරෝෂණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

    නාගරික මන්ත්‍රී සාන්ත ජාගොඩආරච්චි මහතා ද මෙහි දී අදහස් පළ කළ අතර, කඩුවෙල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ගයන්ත රුක්ෂාන්, දමයන්ති බාලසූරිය, ඉන්දු සේනාරත්න යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

    මේ අතර කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ද සිය නිවෙසේ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් ප්‍රකාශ කරමින් කොන්ත්‍රාත්කරුවන් ලවා පාරවල් කාපට් කිරීමේ දී අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, එවකට කොළඹ මහ නගර සභාවේ සිටි නාගරික කොමසාරිස්වරයාගේ නිර්දේශය මත කාපට් කිරීමේ යන්ත්‍ර 6ක් මිලදී ගෙන, අප නගර සභාවේ සේවකයන් දසදෙනකුට නිසි පුහුණුවක් ලබා දී පාරවල් කාපට් කිරීමට තමා කටයුතු කළ බව ද කීය.

    වර්තමාන පාලක සභාවේ ගත වූ මාස 8ක කාලය තුළ දී නගර සභාවේ කටයුතු උඩු යටිකුරු කර ඇති බව ද මේ පිළිබඳ දැඩි සංවේගයක් ඇති වන බව ද කීය.

    කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක


    - http://www.dinamina.lk/2018/10/20/ප...ාරවල්-හදන්න-ගත්-යන්ත්‍ර-6න්-4ක්-විකුණන්න-යනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත‍්‍රීලා 'බ්ලූ' බලති

    p1-1.jpg

    මහ ඇමැති ඉසුර දේවපි්රය මහතා අයවැය ඉදිරිපත් කරන අයුරු සහ මන්ත්රීවරුන් තිදෙනකු සිය පරිගණකයකින් අසභ්ය දර්ශන නරඹමින් සිටි අයුරු. ඡායාරූප - රංජිත් විමලසිරි

    බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවපි්රය මහතා විසින් ඊයේ (19 දා* නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත්රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබිණි. නව සභා ශාලාවේ සෑම මන්ත්රී ආසනයක් ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්ර සවිකර තිබූ අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබිණි. එහෙත් ඇතැම් මන්ත්රීවරුන් (ආණ්ඩු පක්ෂයේ) එම පරිගණක ක්රියාත්මක කර අසභ්ය දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්නට ලැබිණි.


    - http://divaina.com/daily/index.php/main-news/20026-2018-11-19-15-42-33

    ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    @AzzamAmeen

    Western Provincial Council has launched an inquiry against 3 UPFA councillors who had reportedly watched adult material during council’s Budget presentation yesterday. This was the 1st session held at Rs 6.5 billion spent new council building where councillors get individual PCs

    - https://twitter.com/AzzamAmeen/status/1064915484464709632

    බස්‍නාහිර මහ ඇමති අය වැය ඉඳිරිපත් කරන අවස්ථාවේ ගුනසිරි ජයනාත්, සුමිත් සොයිසා, කීර්ති කාරියවසම් යන පොහොට්ටු පලා බබ්බු “බ්ලූ” බලලා අතේ මාට්ටු.

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වෛද්‍යවරයෙකුට පහර දෙයි..!

    ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

    24 Nov, 2018 | 8:42 AM

    COLOMBO (News 1st) – වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලීසිය පැවසුවේ, ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර මාතරආරච්චි මහතාව අත්අඩංගුවට ගත් බවයි.

    අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.


    - https://www.newsfirst.lk/sinhala/2018/11/24/ඇඹිලිපිටිය-ප්‍රාදේශීය-සභ/
     

    Similar threads