පොහොයවර්ණනාව

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ” අයං වස්සාන කලෝ ” යන වැකිය මේ දිනවල විහාරස්ථානවල නිතර දක්නට ලැඛෙන වැකියකි. ” මේ වස් කාලයයි ” යන එහි තේරුම නොදන්නා අයෙක් නැති තරම්ය. මේ වස්කාලය තුල යෙදෙන වැදගත් පොහොයක් ලෙස බිනර පොහොය දිනය හැදින් විය හැකිය. ශාසන ඉතිහාසයේ වැදගත්ම දිනයක් ලෙසින් බිනර පොහොය දිනය හැදින්විය හැකිය. බුද්ධ ශාසනය රදා පවතින් ශක්තිමත් කණු හතරක් මතය. ඒ භික්ෂු භික්ෂුනී, උපාසක උපාසික යන සිව් පිරිසයි. ඉතින් ඒ ශාසනයේ පැවැත්ම ස්ථීර කරන භික්ෂුණී ශාසනය බිහිවීම ඇතුලූව ඉතාම වැදගත් සිදුවිීම් ගණනාවක් අදවන් බිනර පොහොය දිනයක සිදුවී ඇත.

    භික්ෂුණී ශාසනය පිහිටුවීම
    බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමකොට අප්‍රමාන සත්වගට සෙත සැලසූ සේක. විශේෂයෙන්ම රාහුල පුතා මෙන්ම නන්ද නම් සිය සොහොයුරාද පැවිදිවියට ඇතුලත් වූ පසු මහා ප්‍රජාපතී ගෝතමියටද ගිහිජීවිතයේ සිටීම පිලිබද කිසිදු කැමැත්තක් නොවීය. සිය පණමෙන් බලාකියාගත් ලොකු පුතා මෙන්ම , සුද්ධොදන නම් සිය ස්වාමියාද සසරින් එතෙර වූ මොහොතක, තම නන්ද පුතාද, රාහුල මුනුබුරාද පැවිදිවියට පත්වී සසර ගමන කෙළවර කරගත් මොහහොතක තමා මේ සංසාරයේ අතරමංවී දුක්විදින්නේ කුමකටදැයි ඕ තොමෝ කල්පනා කලාය.
    බුදුපියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැද එකත්පසෙකව සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුපියාණන් වහන්සේ එහිදී බුදුපියාණන් වහන්සේ ” අලං ගෝතමී මා තෙ රුච්චි මාතුගම්මස්ස තථාගතප්ප වෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති ” අයුරින් ශාසනෙයෙහි කාන්තා පැවිද්ද තමන්වහන්සේට රුචි නොවන බැවින් එය අත්හරින්නයි වදාරමින් ප්‍රතික්ෂේප කල අතර මෙසේ තුන් වතාවක්ම ගෝතමී තොමෝ කල ඉල්ලීම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කල සේක.
    ඉක්බිති බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩිසේක. මේවනවිට බුදුහිමියන් රෝහිණී ගංතෙරේ සිය ශාක්‍ය කෝලිය නෑදෑයන් අතර අුැතිවන්නට ගිය මහා සටන සංසිදුවා දෙපසින්ම කුමාරවරු පන්සියය බැගින් දහසක් මහණකොටගෙන තිබූ සමය විය. ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුුද ගිහි ජීවිතය ගැන කලකිරී සිය සැමියන් මෙන් පැවිදි දිවියට ඇතුලත් වීමට සිත් පහලකරගෙන සිටි සමය විය. ප්‍රජාපතී තොමෝ ඒ කුමාරිකාවන් පන්සියය සමග කහවත් ඇද, හිසකෙස් කපා කිඹුල්වත් නුවරින් පිටත්ව යොදුන් පනස් එකක් දුර ගෙවා පා ගමනින්ම කූඨාගාර ශාලාව වෙත පැමිණියහ. කූඨාගාර ශාලාවෙහි දොරටුව වෙත පැමිණ පැවිද්ද අපේක්ෂාවෙන් බලා සිටියහ.
    ගමන අවසන් කරත්ම ඒ සියල්ලෝම මැලවී ගිය රත්පියුම් වනයක් මෙන් විය. සියල්ලෝම දූවිලිවලින් වැසී ගිය, දහදියෙන් තෙත් වූ, ඉදිමුණු ඉදිමුණු දෙපතුල් ඇතිව පීඩා විදිමින් සිටියහ.
    මේ අවස්ථාවේ ආනන්ද හිමියන් විසින් පිටත කළමණා වත් පිලිවෙත් මොනවාදැයි සොයමින් දොරටුව සමීපයට වැඩි මොහොතේ දුක්මුසු අයුරින් බලා සිටින ගෝතමී ඇතුලූ පන්සියයක් කුමාරිකාවන් දැක සොවින් තැවුනු සිත් ඇත්තේ ආරාමය තුලට නොයන්නේ මන්දැයි විස්තර විචාල සේක. ඒ අවස්ථාවේ තමන් ඇතුලූ පිරිස පැවිද් අපේක්ෂාවෙන් පැමිණි බවත් එය නොලැඛෙන්නේනම් ආරාමය තුලට නොගොස් මෙතැනින්ම ආපසු හැරී යනබව හඩමින් ප්‍රකාශ කලාය.
    ඒ අවස්ථාවේ ආනන්ද හිමියෝ ඔවුන් මදකට සනසා බුදුහිමියන් හමුවට වැඩමවා ” ස්වාමීනී, යම් ස්ත්‍රියක් සසුනේ පැවිදිව විදසුන් වඩයිනම් සෝවාන් ආදී මගපලයන්ට පැමිණිය හැකි නොවන්නේදැ”යි විමසූහ.” ආනන්දය, යම් ස්ත්‍රියක් පැවිදිව වීර්යය වඩන්නේනම් ඇයගේ ස්‍රත්‍රිත්්වය මගඵලයන්ට බාධාවක් නොවන්නේය “යි බුදුහිමියන් දේශනා කල සේක.
    මෙහිදී ආනන්ද හිමියන් මහා ප්‍රජාපතී ගෝතමියගේ මව්ගුන ගයා වර්ණනා කරමින් ඇදිලි බැද “ස්ත්‍රීන්ට ගිහිගෙයින් නික්ම සසුනේ සිව්ඵල ලබන්නට සමර්ථ වේනම් භික්ෂුනී පැවිද්ද අනුදැන වදාරන සේක්වා” යි ඇයැද දිටියහ.
    එහිදී බුදුහිමියන් වහන්සේ අෂ්ඨ ගරුධර්මයන් දේශනා කල අතර ඒවා මහා ප්‍රජාපතී ගෝතමිය පිලිගන්නට සූදානම් දැයි අනද තෙරුන් ලවා අස්සවාලු සේ්ක. ඒවා හිස්මුදුනින් පිලිගන්නා බව ඇදිලිබැද වැදවැටෙමින් ගෝතමිය ප්‍රකාශ කලපසු බුදුහිමියන් වහන්සේ ” අනුජානාමි භික්ඛුණී භික්ෂුණියෝ උපසම්පදා දෙතුං ” යනුවෙන් භික්ෂුණීන් පැවිදි කිරීමට භික්ෂූන්ට අනුදැන වදාල සේක.
    එම අෂ්ඨ ගරු ධර්මහයන් වන්නේ
    01. උපසම්පදාවෙන් වසර සියයක් ගිය භික්ෂුණියක් උවද එදිනම උපසම්පදා වූ භික්ෂුවට වැදුම් පිදුම් කල යුතුය
    02. භික්ෂූන් නැති ප්‍රදේවල භික්ෂුණිය වස් නොවිසිය යුතුය
    03. අඩමසකට වරක් භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
    04. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය සිදුකල යුතුය
    05. ගරු ඇවැතකට පැමිණි මෙහෙනක් උභතෝ සංඝයා (භික්ෂු/ භික්ෂුණී ) ඉදිරියේ අඩමසක් මානත පිරිය යුතුය’
    06. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
    07. භික්ෂුවට අක්‍රෝෂ පරිභව නොකල යුතුය
    08. භික්ෂුනිය භික්ෂුවට අවවාද නොකල යුතුය, භික්ෂුව භික්ෂුණියට අවවාද කල යුතුය, භික්ෂුණිය ඒවා පිලිපැදිය යුතුය.
    මේ ගරු ධර්ම ශාසනේයේ චිරස්ථීතිය වෙනුවෙන් පැනවුනි.
    මේ අයුරින් බිනර පොහොය ලෝක කාන්තා ප්‍රජාවටම පරම සුවය ලබාදුන් දිනයක් විය.
    බිනර පොහොය ශ්‍රී ලාංකිකයන්ටද වැදගත් දිනයක් වන්නේය. තපස්සු භල්ලූක නම් වෙලද දෙබෑයන් බුදුහිමියන් හමුවී දහම් අසා උන්වහන්සේ පුදනු කැමතිව යම් වස්තුවක් ඉල්ලා සිටිනුයේ බුදුහිමියන් ශ්‍රී හස්ථයෙන් හිස පිරිමැද කේෂ ධාතු ලබාදුන් සේක. තබස්සු භල්ලූකයෝ හෙලදිවට පැමින කිනම් හෝ කටයුත්තකට කේෂ ධාතු පිහිටි කරඩුව ගල් තලාවක් මත තබා කාර්යය නිමවා නැවත යන්නට උත්සා කරන විට කර`ඩුව සොලවාගත නොහී එතැනම ගල් රැස්කරවා චෛත්‍යයක් නිර්මානය කරවා වැදුම් පිදුම් කර පිටවී ගියහ. එය සිරි හඩු සෑයනම් විය. ( සිරි = බුදුහිමියන් හඩු = කෙස් ). පසුව එය ගිරිහඩු සෑය නම් විය. මේ ගිරිහ`ඩු සෑය නිර්මාණය වූයේද බිනර පුන්පෝ දිනකදීය.
    එසේම සේරුවාවිල පිහිටා ඇති බුදු හිමියන්ගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින මංගල මහා චෛත්‍යරාජයන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සහ වාර්ෂික පින්කම් පැවැත්වෙන්නේච බිනර පොහොය දිනය නිමිති කරගෙනය.
    මේ අයුරින් අප්‍රමාණ ශාසනික සිද්ධීන් රාශියක් සිදුවූ බිනර පොහොය දිනය බෞද්ධයන් හැටියට අපට ඉතා වැදගත් දිනයක් වේ. ඉතින් මේ වැදගත් කම් සිහිකරමින් සිත් පහදවා ගන්නා අතරම මේ බිනර පොහොය දිනය තුලදී ඔබ අතින් සිදුවන එක් වැරුද්දක් හෝ නවතා දැමීමට දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගන්න. ආමිශ දානයට වඩා ප්‍රතිපත්ති දානය අගයකල බුදුහිමියන් වෙනුවෙන් සිදුකල හැකි ඉහලම පූජාව ඔබත් සිදුකරන්න.
    අනන්ත බුදුගුණ ඛෙලෙන් තුන්ලොවම සැනසේවා …
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    Reactions for this post ::::


    පොහොයවර්ණනාව 09-13-2019 07:10 AM agam market karanna meka use karanna epa pons.