යල කන්නයේ රසායන පොහොර පුද්ගලික අංශයෙන් පමණයි.. පොහොර මිටිය 20,000 පනී…
February 13, 2022 at 12:00 pm | lanka C news
එළඹෙන යල කන්නය වන විට පොහොර මිටියක මිල රුපියල් 20,000 කට වඩා ඉහළ යනු ඇති බව වාර්තා වෙයි.
මේ තත්ත්වය නිසා යල කන්නයේදී ගොවීන්ට ඉහල මිල ගණන්වලට පොහොර මිලදී ගැනීමට සිදු මත අස්වනු අඩු වීමට බොහෝ දුරට හේතු වනු ඇතැයි සමගි ජනබලවේගය ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
පොහොර ගෙන්වීම පුද්ගලික අංශය මගින් සිදුකරන නිසා ගොවීන් අතින් මුදල් ගෙවා පොහොර ගැනීමට සිදුවීමෙන් ගොවියා වගාවෙන් බැහැර වීමට ඉඩ ඇතැයිද ඔහු පැවසීය.
උඹලා තාම හිතනවද පොර යුද්ධෙට ලොකු දායකත්වයක් දුන්න කියල.