පොහොසත් වීමේ රහස
ඔන්න තවත් කතාවක්. මේක ඇත්තටම ආදර්ශයක් ගන්න පුළුවන් සයිස් එකේ එකක්. ඔන්න එහෙනම් කතාව.
ඔන්න එක තරුණ ඉලන්දාරියෙක් ගියා හම්බ වෙන්න එක මහළු ධන කුවේරයෙක්ව. මෙයාට ඕන උනා මෙච්චර ලොකු සල්ලි කාරයෙක් උනේ කොහොමද කියල දැනගන්න. ඉතින් සතුටු සාමීචියකින් පස්සේ ඉලන්දාරියා ඇහුවලු මෙච්චර ලොකු ධනවතෙක් වීමේ රහස මොකක්ද කියල.
ඉතින් ඔය මහළු මනුස්සයා තමන්ගේ පැත්තකින් තිබ්බා ඉරිච්ච කබායක් පෙන්නලා තමන්ගේ කතාව පටන් ගත්තා.
“ම්ම්ම්ම් මට තාම අද වගේ මතකයි. 1950 මාර්තුවල, මගේ අතේ තිබ්බේ රුපියලයි… මම කල්පනා කලා මොකක්ද කරන්නේ කියලා. අන්තිමේදී මම මං ගාව තිබ්බා අන්තිම රුපියලින් ඇපල් ගෙඩියක් ගත්තා. උදේ ඉදන් මම ඒ ඇපල් ගෙඩිය පිහදාල පිහදාල කන්නාඩිය වගේ වෙනකන් පිහදම්මා. පස්සේ හවස මම ඒ ඇපල් ගෙඩිය රුපියල් 2කට වික්කා.”
මේක අහන හිටපු අර ඉලන්දාරියට දැන් අමුතු ගතියක් ආවලූ ඇඟට.
“ඊලග දවසේ මම අර රුපියල් 2ට ඇපල් ගෙඩි දෙකක් ගත්තා. ඒ දෙකත් පිහ දාලා පිහ දාලා හවස 5 විතර වෙන කොට රුපියල් 3.50කට වික්කා. මේ විදිහට මම කරලා කරලා මාසයක් අන්තිමේදී මට පුළුවන් උනා රුපියල් 110ක් හොයාගන්න”
“එතකොට මහත්තයා ඔයා මේ වගේ ලොකූ ව්‍යාපාරික අධිරාජ්‍යයක් හැදුවේ ඔය විදිහට කරලද ?” කතාව අහපු ඉලන්දාරියට ඉවසුම් නැතිව ගිහින් හිතේ තිබ්බා ප්රශ්නය ඇහුවා.
“පිස්සුද තමුසෙට!!” අර මහලු ධන කුවේරයා හයියෙන් කිව්වා.
“ඊට ටික කාලෙකට පස්සේ මගේ ගෑනිගේ තාත්ත මැරුණානේ, ඒ මනුස්සයාගේ ඔක්කොම දේපල ටික මට අයිති උනා