පෝන් එකෙන් හරියට පොටෝ ගහන්නේ කොහොමද??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    එදිනෙදා අපේ පොට්රේට්, ලන්ඩ්කේප් පොටෝස් ෆෝන් එකකින් හරි විදිහට ලස්සනට ගහන විදිහ ඉගෙන ගන්න කැමතියි.
    ඔයාලා කොහොමද ඒක ඉගෙන ගත්තේ? මෙනොද ඔයාලා පාවිච්චි කරන ට්‍රික්ස්?

    ලොකු එඩිට් සොෆ්ට්වෙයා දාගෙන ඉගෙන ගන්න එහෙම අමාරුයිනේ හා සාමාන්‍ය කෙනෙක්ට එච්චර දෙයක් වැඩිනේ. ඉතින් කොහොමද එඩිට් එහෙම කරන්නේ?

    ප.ලි

    Youtube එකේ ගොඩක් තියනවා තමයි. දනිමි. නමුත් අනවශ්‍ය තරම්ම විඩියෝ ෆ්ලඩඩ්.ඒ අස්සෙ විව්ස් හිගන්නෝ දහස් ගානක්. ක්ලික්බේට්ස්.
    කරුණු දාහක් ලක්ෂයක් තිබ්බත්, විශයට අදාලම හරියට පෙලගස්සගන්න තෝරාබේරාගන්න දැනුම තියන අය ඕනා. විදිමත් ක්‍රමයට නොගියොත් වල්මත් වෙනවා. ඒකයි අහන්නේ.

    කාටහරි හො ⁣හොද යුටියුබ් කෝස් උනත් දක්වන්න පුලුවන්නම් යහපති
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ෆෝන් එකක් විතරක් යූස් කරනව නන්,

    Rule of third
    HDR
    වගෙ එව්ව ගැන කියවන්න, පොඩ්ඩක්.


    Portrait වලට portrait mode use කරන්න

    Telephoto ලෙන්ස් තියන පොන් එකක් ගන්න

    Landscape, astro photos වලට simple tripod එකක් ගත්තත් අවුලක් නෑ.

    සෝනි පෝන් වල නන් shutter speed, apature, light වගෙ දෙවලුත් වෙනස් කරන්න පුලුවන්.
    එතකොට තවත් හොදයි.


    ඔය හැමොම එඩිට් කරල තමයි දාන්නෙ.
    පොටො සෙටින් වල raw දාල ගහන්න.

    එඩිට් කරන්න lightroom වගෙ එකක් සල්ලි ගෙවල ගන්න වෙනව.
    එව්ව නන් නිකන් බලල ඉගන ගන්න පුලුවන්,
    හුරුව තමයි ඕන.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Composition තමයි වැදගත්ම දේ



    Technical පැත්ත ගත්තොත් මේ දේවල් බලන්න

    ISO මේක දැන් ගොඩක් phone වල පුළුවන් වෙනස් කරන්න Pro mode on කරාම android නම් , iphone pro වලත් පුළුවන් (normal එකේ නම් lightroom app එකේ camera එකක් තියෙනවා iso මාරු කරන්න ).
    සාමන්‍ය පොඩ්ඩක් පරණ pro mode නැති android නම් Open Camera App එක දා ගන්න 1MB වෙන්නේ

    auto mode එකේදී වෙන්නේ එලිය අඩු වෙලාවට shutter speed එක පොඩ්ඩක් වැඩි වෙලා ISO වැඩි කරනවා auto ගොඩක් .

    ISO වැඩි උනාම ගොඩක් දම් පාට dot වගේ පේනවා , print එකක් වගේ ගත්තොත් ලොකු කරලා පේනවා .

    Landscape වගේ ගන්නවා නම් ISO අඩු වෙන් තියන් පුළුවන් තරම් shutter speed එක slow කරන්න (1 second shutter speed is slower than 0.5 second shutter speed ) .

    shutter speed එක slow උනාම අවුල phone එක හෙල්ලුනොත් ෆොටෝ එක වදිද්දී , blur වෙනවා . මොකකට හරි හේතුතු කරලා 3 sec timer එකක් දාල ගන්න .

    RAW+ JPEG ගන්න පුළුවන් නම් එහෙම ගන්න , RAW එක edit කරන්න ලේසි පස්සේ කලෙක උනත් details වැඩි නිසා .

    white balance එක auto හරියට එන්නේ නැහැ වෙලාවකට එකත් බලන්න , RAW වල නම් පස්සේ උනත් white balance මාරු කරන්න පුළුවන් . JPEG එකේදී white balance එක bake වෙලා තියෙන්නේ .

    ISO
    shutter speed
    white balance

    ඔය තුන ගැන 1-4 මින් simple videos ඇති ඒවා බලන්න

    Technical side නම් මීට වඩා දෙයක් නැහැ ලොකු effect එකක් එන .

    apature සමහර phone වල පුළුවන් මාරු කරන්න.


    Landscape ෆොටෝ දැකල ඇති ලොකු ප්‍රින්ට්ස් එහෙම මුළු ෆොටෝ එකම focus එහෙම ෆොටෝ ගන්න use කරන්නේ ,
    Focus Stacking කියන එක .

    එකේදී වෙන්නේ ෆොටෝ එකේ දුර ළඟ ඕන තැන වෙන වෙනම ෆොටෝස් ගන්නවා camera ව හොල්ලන්නෙ නැතුව .
    ෆොටෝ 5ක් ගත්තොත් 5 තැන් 5කට focus වෙලා තියෙන්නේ , edit කරන්ද්දී 5ම stack වෙන්න දෙන්න පුළුවන් ,

    මේ වගේ ෆොටෝස් ගන්න පුළුවන් phone එකෙනුත් , long exposure stacking
    shutter speed එක වැඩි කරලා . ගොඩක් වැඩි කරන්න phone එකේ support නැත් නම් පුළුවන් උපරිම වැඩි කරලා ෆොටෝස් , 10-xxx පුළුවන් ගානක් ගන්න සේරම stack කරන්න පුළුවන් එඩිට් එකේදී පහල ෆොටෝස් විදිහට පේනවා .

    focus stacking , long exposure stacking සේරම auto වෙන්නෙ editing software වලින් .





     
    Last edited: