මේක අහල උඹල මට බනින්න එපා. මට හැම වෙලේම හිතපු දෙයක් තමයි බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයව wedding එක දවසේ මහන කරපු එක අවුල් කියලා. අනික මහන කරවන්න motivate කලේ දිව්‍ය අංගනාවෝ පෙනෙන්නට සලස්වල නේද. බුදු හාමුදුරුවන්ගේ longterm plan එක හොද දෙයක් උනාට ඒක ක්‍රියාත්මක කරපු විදිහේ අවුලක් තියෙනවා නේද.
ඕක ගැන මම ලොකු අවධානයක් යොමු කරලා නැහැ. ඒනිසා දන්න ත්‍රිපිටක මූලශ්‍ර ආශ්රයෙන් කතාකළොත්,
නන්ද කුමාරයා පැවිදි උනේ ස්ව කැමැත්තෙන්.
නන්ද කුමාරයා පැවිදි වෙලා ඉන්නකොට තමා ජනපද කල්‍යාණිය මතක් වෙලා හරියට මහණදම් පුරන්න බැරිව චිත්ත පීඩාවෙන් හිටියෙ.
සරලවම කිව්වොත් මහණකම අතෑරලා ජනපදකල්යනි ගාවට යන්න හිතුවෙ.
එතනට වඩින බුදුන් තමා වැඳිරියන් සහ දිව්‍යංගනාවන් පෙන්නුවෙ.
ඊට පස්සෙ දැනුවත් වෙනවා සීල සමාධි ප්‍රඥා වැඩීමෙන් තව්තිසාවෙ උප්පතිය ලබලා දව්යංගනාවන් ලබන්න පුළුවං කියලා පොරොන්දු වෙනවා.
ඒකට මහින්සි වෙනකොට අන්‍ය භික්ෂුන් උපහාසයට/නිග්‍රහයට ලක්කරනවා නන්ද භික්ෂුව.
මෙතනදි ලැජ්ජාව ඉපදිලා තනිවම වෙන්වෙලා දැඩිව භාවනා කරලා රහත් ඵලය ලබනවා.
ලබලා ඇවිත් තථාගතයන් දිව්‍යාංගනාවන් ලබාදීමේ පොරොන්දුවෙන් නිදහස් කරනවා.
එතකොට තථාගතයන් කියනවා නන්ද මම ඒ පොරොන්දුවෙන් නිදහස් උනේ දැන් නෙමෙයි නුඹ අරහත් ඵලය ලබපු මොහොතේයි කියලා.
https://www.accesstoinsight.org/tipitaka/kn/ud/ud.3.02.than.html
ඕකෙ මොකද්ද අවුල? ඔයට දැනෙන අවුල මොකද්ද ? කිව්වොත් දන්න පමණින්, පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි...
බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ. තමන් වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා. මනසින් හිතලා බලලා තීරණය කරන්න කියලා නේද. ක්‍රිස්තියානි ආගමේ physics මහාචාර්ය කෙනෙක් උනත් බයිබලයේ තියෙන හින්ද මැවුම්වාදය සහ මැවුම්කාර දෙවියන් ගැන විශ්වාස කරන එකයි neutral මනසකින් ඕනෙම ආගමක් ගැන හිතන එකෙයි වෙනසක් තියෙනවා නේද
බුදුහාමුදුරුවෝ කොතනද උන්වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා කියලා තියෙන්නෙ?
------
Post added on May 26, 2021 at 10:36 AM