පෝය දවසේ හිතන්න දෙයක්

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මේක අහල උඹල මට බනින්න එපා. මට හැම වෙලේම හිතපු දෙයක් තමයි බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයව wedding එක දවසේ මහන කරපු එක අවුල් කියලා. අනික මහන කරවන්න motivate කලේ දිව්‍ය අංගනාවෝ පෙනෙන්නට සලස්වල නේද. බුදු හාමුදුරුවන්ගේ longterm plan එක හොද දෙයක් උනාට ඒක ක්‍රියාත්මක කරපු විදිහේ අවුලක් තියෙනවා නේද.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Buddhagame thiyana athishokya atha arala, dharmaya gena witharak hithanna.
    oya jathaka katha arawa mewa okkoma prabanda. katawath oppu karanna be hariyatama eewa ehema una kiyala, minissu hithena hithena widihata katha hadanawa.
     
    • Like
    Reactions: xVOLDYx

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Mcn deyak kiyannada uba mona agameada kyl mama danne na bn

    eth mehema thread dana eken wenne ubata paw sidda wena eka

    nkn aparde owa gana hithanna epa mechchra wadagath dwasaka owa neme bn hithanna one plwn nam ada

    dawsama seele araksha krn idpn ekai watinnne

    එහෙම කියන්න එපා...

    ඔය ප්‍රශ්නය ඇහුවා කියලා එයාට පවුසිදුවෙනවා කියන්න බැහැ නේද. නොදන්න අය ප්‍රශ්න ඇසිය යුතුයි.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මම නං පිලිගන්නෙ බුද්ධ දර්ශනය විතරයි. ඊට එහා දේවල් ඇත්තද බොරුද කියල හිත හිත ඉන්නෙ නෑ. ඒව විවේචනය කරන්නෙත් නෑ. සාහිත්‍ය සහ රසාස්වාදය එකතු වෙලයි ගොඩක් ධාර්මික දේවල් මෙතෙක් කාලයක් ඉදිරියට ඇවිත් තියෙන්නෙ. එතනදි මිනිස්සු අතින් වුනු අර්ථ විකෘතී වීම් තමා ගොඩක් වෙලාවට අසම්භාව්‍ය සිද්ධි බව හැරිල තියෙන්නෙ. ඒ කාලෙ මිනිස්සුන්ට වඩා අද මිනිස්සු බුද්ධිිිිිිිිියෙන් තියුණු නිසයි ගොඩක් වෙලාවට මේ දේවල් ගැන හාර හාර යන්නෙ. ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඔතන ඇත්තටම වෙන්නෙ නන්ද කුමාරයාව එයා යන මාර්ගයෙන් වෙනස් කරල අරං ධර්ම මාර්ගයට දාන එක. නන්ද කුමාරයගේ තරම දන්න නිසා තම බුදුුුුුුුුුුුුුුුුුුුුුුුහාමුදුරුවෝ ඒ විදිහට පාරට ගන්න උත්සහ කරන්නෙ. හරියට අපිට කැමති විදිහට අනික් අය මොනවහරි කරනවනං අපි එයාටයි ඒ කරන දේටයි කැමති වෙනවා වගේ නන්ද කුමාරයත් ඒවට කැමති වෙලයි බුදුන් ඔස්සෙ ගිහින් ඇත්ත තේරුම් ගන්න උත්සහ කරන්නෙ​
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ. තමන් වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා. මනසින් හිතලා බලලා තීරණය කරන්න කියලා නේද. ක්‍රිස්තියානි ආගමේ physics මහාචාර්ය කෙනෙක් උනත් බයිබලයේ තියෙන හින්ද මැවුම්වාදය සහ මැවුම්කාර දෙවියන් ගැන විශ්වාස කරන එකයි neutral මනසකින් ඕනෙම ආගමක් ගැන හිතන එකෙයි වෙනසක් තියෙනවා නේද
     
    • Like
    Reactions: windows_ubuntu

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක අහල උඹල මට බනින්න එපා. මට හැම වෙලේම හිතපු දෙයක් තමයි බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයව wedding එක දවසේ මහන කරපු එක අවුල් කියලා. අනික මහන කරවන්න motivate කලේ දිව්‍ය අංගනාවෝ පෙනෙන්නට සලස්වල නේද. බුදු හාමුදුරුවන්ගේ longterm plan එක හොද දෙයක් උනාට ඒක ක්‍රියාත්මක කරපු විදිහේ අවුලක් තියෙනවා නේද.

    ඕක ගැන මම ලොකු අවධානයක් යොමු කරලා නැහැ. ඒනිසා දන්න ත්‍රිපිටක මූලශ්‍ර ආශ්‍රයෙන් කතාකළොත්,

    නන්ද කුමාරයා පැවිදි උනේ ස්ව කැමැත්තෙන්.
    නන්ද කුමාරයා පැවිදි වෙලා ඉන්නකොට තමා ජනපද කල්‍යාණිය මතක් වෙලා හරියට මහණදම් පුරන්න බැරිව චිත්ත පීඩාවෙන් හිටියෙ.
    සරලවම කිව්වොත් මහණකම අතෑරලා ජනපදකල්‍යනි ගාවට යන්න හිතුවෙ.
    එතනට වඩින බුදුන් තමා වැඳිරියන් සහ දිව්‍යංගනාවන් පෙන්නුවෙ.
    ඊට පස්සෙ දැනුවත් වෙනවා සීල සමාධි ප්‍රඥා වැඩීමෙන් තව්තිසාවෙ උප්පතිය ලබලා දව්‍යංගනාවන් ලබන්න පුළුවං කියලා පොරොන්දු වෙනවා.
    ඒකට මහින්සි වෙනකොට අන්‍ය භික්ෂුන් උපහාසයට/නිග්‍රහයට ලක්කරනවා නන්ද භික්ෂුව.
    මෙතනදි ලැජ්ජාව ඉපදිලා තනිවම වෙන්වෙලා දැඩිව භාවනා කරලා රහත් ඵලය ලබනවා.
    ලබලා ඇවිත් තථාගතයන් දිව්‍යාංගනාවන් ලබාදීමේ පොරොන්දුවෙන් නිදහස් කරනවා.
    එතකොට තථාගතයන් කියනවා නන්ද මම ඒ පොරොන්දුවෙන් නිදහස් උනේ දැන් නෙමෙයි නුඹ අරහත් ඵලය ලබපු මොහොතේයි කියලා.

    https://www.accesstoinsight.org/tipitaka/kn/ud/ud.3.02.than.html

    ඕකෙ මොකද්ද අවුල? ඔයට දැනෙන අවුල මොකද්ද ? කිව්වොත් දන්න පමණින්, පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි...

    බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ. තමන් වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා. මනසින් හිතලා බලලා තීරණය කරන්න කියලා නේද. ක්‍රිස්තියානි ආගමේ physics මහාචාර්ය කෙනෙක් උනත් බයිබලයේ තියෙන හින්ද මැවුම්වාදය සහ මැවුම්කාර දෙවියන් ගැන විශ්වාස කරන එකයි neutral මනසකින් ඕනෙම ආගමක් ගැන හිතන එකෙයි වෙනසක් තියෙනවා නේද

    බුදුහාමුදුරුවෝ කොතනද උන්වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා කියලා තියෙන්නෙ?
    ------ Post added on May 26, 2021 at 10:36 AM
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ. තමන් වහන්සේ කිව්ව පමණින් විශ්වාස කරන්න එපා. මනසින් හිතලා බලලා තීරණය කරන්න කියලා නේද. ක්‍රිස්තියානි ආගමේ physics මහාචාර්ය කෙනෙක් උනත් බයිබලයේ තියෙන හින්ද මැවුම්වාදය සහ මැවුම්කාර දෙවියන් ගැන විශ්වාස කරන එකයි neutral මනසකින් ඕනෙම ආගමක් ගැන හිතන එකෙයි වෙනසක් තියෙනවා නේද
    මහත්තයො ඕවා අපි සමාජයෙන් අහලා තියෙන බණ නොවැ. මමත් ඕවා අහලා තියෙනවා.
    සමාජයේදී අපිට බණ කියන අය නන්ද කුමාරයාගෙ කතාව හරියට දන්නෙත් නෑ.

    ඒ මදිවට කියනවා බුදුරජාණන් වහන්සේ කිව්වලු තමන් වහන්සේ දේශනා කළ පමණින් පිළිගන්න එපා කියලා.
    කොහෙද ඕවා තියෙන්නෙ? ඕවා නිකන් නූගත් අය කිය කියා යන දේවල්නෙ.
     
    Last edited: