පෝලිම්මැදකතා..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝලිම්මැදකතා..

    $.මේක තොග සහ සිල්ලර දෙකම කලවන් කඩයක්.පෝලිමේ ඊළඟට ඉන්නෙ දෙමළ ආච්චම්මෙක්.එයා ඒ හරියෙම පිටිපස්සෙ වත්තෙ.(Elston..)
    එයා උවමනා බඩු ඉල්ලුවා...
    $. පරිප්පු 500 යි..
    ළූණු 250 යි.
    අල 250 යි.

    ඒත් එක්කම ඊට පිටිපස්සෙ හිටිය කෙනා කතා කරල එයාට ඕන බඩු ටිකත් කිව්වා.

    $.පරිප්පු කිලෝ 1යි.
    අල කිලෝ 1යි.

    ආච්චම්ම ගාන ගෙවල යන්න හැරුනා..
    පිටි පස්සෙ ඉඳපු කෙනා අලයි පරිප්පුයි කිලෝ දෙක ආච්චම්මගෙ අතේ තිබ්බා..

    මුදලාලි නෝන පුදුමෙන් එයා දිහා බලලා
    බඩු කිරන කෙනාට කිව්වා...

    ළූණු කිලෝ 1යි..

    ආච්චම්මගෙ මූණෙ සතුටක් හෝ දුකක් නෙවෙයි ඇඳුනෙ.. බයක්.
    එයා ඒ ඔක්කොම තුරුල් කරන් ගියා.....