පෞරුෂත්ව ආබාධය
borderline පෞරුෂත්ව අබාධය .
පෞරුෂත්ව ආබාධයක් කියන්නෙ මොකක්ද කියල ඉස්සෙලාම සරලව කියනව නම් :
යම් අයෙක්ගේ සහජ ගති ගුණ ,
ඒ කියන්නෙ ආවේග පාලනය, හැසිරීම, ආකල්ප, ඒ පුද්ගලයාටත් , සමාජයටත් පීඩාකාරී වන ලෙස පැවතීම.
මෙවැනි අයගේ ගතිගුණ සාමාන්ය සමාජ ස්වභාවයෙන් ගොඩක් අපගමනය වෙනව.
Borderline පෞරුෂත්ව ආබාධයත් ඒ වගේ.
දැන් දැන් මේ තත්වය වැඩිපුර දකින්න ලැබෙනවදෝ කියල හිතෙනවා.
මෙහිදී වෙන්නේ,
. හැඟීම් පාලනය ඉතා අස්ථාවර වීම
. නිතරම ඇති වන හිස් ගතිය.
. හැම දෙයක්ම වගේ ඉක්මනින් ඕනෙ වෙලා ඉක්මනින් එපා වීම.
. සම්බන්ධතා නිතරම අස්ථාවර වීම (අද යාලු වෙනව - හෙට තරහ වෙනව, ආයෙ අනිද්දට යාලු වෙනව.. )
- සමහර විට මේකට එක හේතුවක් තමයි මෙයාල මිනිස්සුන්ව අඳුන ගන්නේ එක්කෝ හරීම හොඳයි නැත්නම් හරීම නරකයි කියන දෙවිදියට විතරයි.
එතනින් අතර මැද අයත් ඉන්නවා , මිනිස්සු අතින් වැරදිත් වෙන්න පුළුවන් කියල තේරුම් ගන්න එයාලට අමාරුයි.
. ඒ වගේම අද හරීම හොඳ කියල හිතන එක්කෙනා හෙට හරීම නරකයි කියල ලේබල් කරන්න මෙයාල ඉක්මන් වෙනවා.
. තමන්ගෙ ලඟින් ඉන්න අය තමන්ව දාල යයි කියල හරීම බයයි (insecure).
. නිතර නිතර තමන්ට හානි කර ගන්න හිතනව හෝ හානි කර ගන්න හදනව ( අත් කපා ගන්නව, පෙති බොනව වගේ..)
. නිතර නිතර අනිත් අයට තර්ජනය කරන හැසිරීම් වල යෙදෙනවා.
. සමහර වෙලාවට ප්රචණ්ඩ විදියට හැසිරෙන්නත් බලනව
(පහර දෙනව, බඩු පොලවෙ ගහනව, හයියෙන් කෑ ගහනවා)
ඒ වගේම මෙම හැසිරීම දරුවෙක්ට තියෙද්දී දෙමව්පියෝ විදියට සැහෙන අමාරුකම් වලට හිත රිදවීම් වලට භාජනය වෙන්න
වෙනවා.
මේ හැසිරීම් වලට මුහුණ දෙන්නේ කොහොමද කියල ගොඩක් වෙලාවට දෙමව්පියන්ට හිතා ගන්නත් අමාරුයි.
අනිත් පාර්ශවයත් ආවේගශීලියි නම් ප්රශ්න තවත් හොඳටම වැඩි වෙනවා.
සමහර වෙලාවට මෙයාල හිතන්නේ තමන්ව කේන්ද්‍ර කර ගෙන විතරයි. (self centered )
මේ වගේ හැසිරීමක් තියන අය එයාල වටේ ඉන්න අයට නිතරම ඔප්පු කරන්න දක්ෂයි, එයාල හරි සංවේදීයි , ආදරේ ගොඩක් ඕනේ වගේ දෙයක්.
නමුත් කොච්චර ආදරය , අවධානය දුන්නත් අර හැසිරීම දිගටම පවතින්නත් පුළුවන්.
ඒ නිසා මේ හැසිරීම සම්බන්ධයකට ලොකුම අභියෝගයක්.
ප්රේ්ම සම්බන්ධයකදී නම් මේ වගේ අය පෙම්වතා හෝ පෙම්වතියගෙන් 100%කම අවධානය බලාපොරොත්තු වෙනවා, හැම වෙලේම කෝල් කරන්න sms කරන්න ඕනි , එහෙම නැත්නම් ලොකු හැසිරීමක් පෙන්වනවා. අත කපා ගන්නව වගේ තමන්ට හානි කර ගන්න දෙයක් වුනත් කර ගන්න පුළුවන්.
මේ වගේ තත්ත්ව ඇති වෙන්න හේතු ගණනාවක්ම තියෙන්න පුළුවන්.
ජානමය බලපෑම වගේම කුඩාකාලයේදී ශක්තිමත් ලෙන්ගතු බැඳීමක් නොමැතිව ඇති දැඩි වෙන්න සිද්ද වීමත් හේතු වෙන්න පුළුවන් කියල පෙනී ගිහින් තියෙනවා.
මේ තත්වයේ තියෙන අවධානම තමයි, මේ වගේ අය,
- සම්බන්ධතා ඉක්මනින් අස්ථාවර කර ගැනීම
- සිය දිවි හානි කර ගැනීමට පෙළඹීම
- රැකියා ස්ථානවල ප්රැශ්න ඇති කර ගැනීම
- හදිසි කෝපය මත කල කෝලහාල පවා කර ගැනීමට යාම වගේ තත්ත්ව වලට වැඩි අවධානමක් පැවතීම.
ඉතින් මේ වගේ තත්ත්ව තියෙන කව්රු හරි ඉන්නවා නම් මනෝ වෛද්ය ප්රතිකාර වලට යොමු වීම එයාලගේ ජීවිත් වල තියන අස්ථාවර භාවය අවම කර ගන්න උදව් වීමක්.
හැබැයි තමන්ගේ ම කැමැත්තෙන් ප්රතිකාර වලට යොමු වීමත් , දිගටම ප්රතිකාර සමග සම්බන්ධ වී සිටීමත් ඉතා වැදගත්.
- බුකියෙන් ගත්ත එකක් -

You would know if you had met them in real life. In fact I've had the unpleasant experience of having to deal with two in my personal and professional lives. They are the absolute worst