පාරිභෝගික අයිතීනි සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයන් මෙහි දැක්වෙයි.
..මාධ්‍ය නිවේදනය..
රාජ්‍ය අමාත්‍ය ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.
නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්රසූත්ර හා වාහන මෙරටට ආනයනය කර ඇත. අදාල යන්ත්රසූත්ර හා වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති බැවින් එම දේපල සදහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත ව්‍යාපෘතියෙන් බැහැර කල නොහැක.
එහෙත් 2023/09/20 දිනයේ එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයෙක් ලෙස හදුන්වන අයෙක් හා තවත් පිරිසක් විසින් අදාල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව අප සංවිධානයට වාර්තා විය. අප විසින් එම අවස්ථාවේම මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය (MOIB/335/58).
මේවන විට එම පුද්ගලයින් විසින් අදාල ව්‍යාපෘතියට අයත් දේපල කිසිදු බාධාවකින් තොරන ඉවත් කරමින් සිටී.මෙම ලේකම්වරයා මීට පෙරද රැකියා ලබාදෙන පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති පුද්ගලයෙකු බව අප සංවිධානයට වාර්තා විය.
අප රට බංකොලොත් වීම පිළිබදව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් වන අතර ඒ පිළිබදව වගකිවයුතු අංශ නිහඩව සිටීමද කණගාටුවට කරුණක් බවත් රට බංකොලොත්වීම පිළිබදව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීමත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්ම වන බවද මෙම සිදුවීමෙන් මනාව තහවුරු වේ.
රට ගොඩනැගීම සදහා IMF ණය ලබා ගනිද්දී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු රාජ්‍ය දේපල විකුණාගෙන කෑම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අප අයෝජන මණ්ඩලයෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු.
මීට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
902 views