ප්රභාකරන් ඉද්දි අපි බය නෑ -උපුල් ශාන්ත
ප්රභාකරන් ඉද්දි අපි බය නෑ... හැබැයි දැන් බයයි - උපුල් ශාන්ත සන්නස්ගල
මේ මොහොතේ ලංකාවේ දේශපාලන තත්වය ගැන ඔබ මොකද කියන්නේ?
පහුගිය දශක කිහිපය තුළ ලංකාවේ අපිට පුළුවන්කම තිබුණා ඉස්සරහට වෙන්නේ මොනවද කියල අනුමාන කරන්න. ජ්‍යෝතිෂ්‍ය හෝ අනාවැකි කීම හරහා නොවෙයි. ඒ ඒ මොහොතේ දේශපාලන ස්වභාවය අනුව දවසේ දේශපාලනය ගැන අදහසක් කීමට හැකියාවක් තිබුණා. උදාහරණයකට 1975 - 1976 වෙද්දී කියන්න පුළුවන්කම තිබුණ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළිලා ජේ.ආර්. ජයවර්ධන රටේ නායකයා වෙනව කියල. හැටේ දශකයේ දීත් ඒක එහෙමයි.
ඒත් අද වෙද්දි හෙට දවස ගැන යමක් නිශ්චිතව කියන්න බැරි වෙලා තියෙනව. මේ නිසා අපි අද කරන්නේ සිදුවීම් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ තියන එක. සිදු වූ දේ විශ්ලේෂණය කරනවා හැර වෙන්න යන්නේ මොකක් ද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිත කාලයක අපි ඉන්නේ. ඒ වගේම ලංකාවේ දේශපාලනය ක්‍රියා කරන ස්වභාවය ගැන නිශ්චිත අර්ථ මතු කිරීමට පුුළුවන්කමක් නෑ. මේ මොහොතේ ආගමික සංවිධාන මූලධර්මවාදී දේශපාලන සංවිධාන, ආණ්ඩුව, විපක්ෂය කියන මේ සියල්ලම ක්‍රියා කරන ආකාරය වෙනස්කමක් තියෙනව. පොඩි විචල්‍ය ස්වභාවයක් දෝලනය වීමක් තියෙනව. හෙට දවස ගැන මොකුත් සිතන්න බෑ. කතා කරන්න පුළුවන් අද දවස ගැන විතරයි.
ඔබ කියන්නේ මේ මොහොතේ ආගම්වාදී ජාතිවාදී ස්වභාවය ගැනද?
ඔව්. 1983 කළු ජූලිය වෙලාවේ ඒ පිළිබඳව දැකපු ඒ ගැන පත පොත ලියපු, සතෙක් නොවන මනුෂ්‍යයකුට තේරෙනව මේ රට කිසියම් ජාතිවාදී ස්වභාවයකට යනව කියල. බොහෝ දෙනෙක් හිතුවා මේ රට නැවත එවැනි විනාශයකට යන එකක් නෑ කියල. වැඩිය නොවෙයි ගිනි ගත්ත රට සහ ඒ විනාශය විශ්ලේෂණය කළාම හරි හමන් මිනිස්සු හිටිය රටක් නම් අපි කඩදාසියක් පුච්චන්නත් බය වෙන්න ඕන. මොකද එදා වෙච්ච ගිනි ගැනිල්ලට ඒ තරම් බය වෙන්න ඕන. ඒත් දැන් සමාජය ආමන්ත්‍රණය කරමින් ඉන්නේ පුච්චපියව්, ගහපියව්, මරපියව් කියන තැනට. ඒ නිසයි මම කියන්නේ මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගත්ත රටක් නොවෙයි. මට මතකයි පහුගිය කාලේ පෝස්ටරයක් අලවල තිබුණා ‘ජාතිවාදය වෙනුවෙන් ආගම්වාදය වෙනුවෙන් ලේ හැලූව මදිද’ කියල. නමුත් ගෝත්රවාදී විදිහට අනුන්ගේ ලේ දකින්න ලේ හලන්න කැමැත්තෙන් සමහරු දේශපාලනය කරනව. මේ මොහොතේ අරගලය තියෙන්නේ ඔවුන් එක්ක.
තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිථ්‍යාදෘෂ්ටිය අඩු වෙයි කියල අපි හිතුව ඒක තමයි අපේ අනාගත දැක්ම. ඒත් විද්‍යාව සහ දෘෂ්ටිවාදයන් දියුණු වෙයි කියල හිතන මොහොතෙදි මිථ්‍යාදෘෂ්ටිය වර්ධනය වෙලා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ පත්තරවල මිථ්‍යාදෘෂ්ටික අතිරේක තියෙනව. සමහර විට මුළු පත්තරයම දුවන්නේ ඒ අතිරේකය පදනම් කරගෙන. ලංකාවේ තරුණ පරපුරෙන් සියයට අසූවක් විතර තමන්ගේ ඉරණම දැන ගන්න ලග්න පලාපල බලනව. මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගෙන ජීවත් වෙනව. ජාතිවාදය ආගම්වාදය අඩු වෙයි කියල හිතනකොට තරුණ පරපුර අතර ජාතිවාදය වැඩි වෙනව. මේ ඊනියා ජාතිවාදී ආගම්වාදී කල්ලිවල වැඩිපුරම ඉන්නේ තරුණ තරුණියන්. මේක පුදුමයට කාරණයක්. අවුරුදු 50ක මහලූ වයසට ළං වෙන මට අවුරුදු 18 - 20 තරුණ වයසෙදි ජාතිවාදී අදහස් තිබුණේ නෑ. අද වෙද්දි ඒක එහෙම නෑ.
මේක කඩා ගන්නට ලංකාවේ දේශපාලන ව්‍යාපරවලට සාහිත්‍ය ව්‍යාපාරවලට බැරි වුණා. මිථ්‍යාදෘෂ්ටියේ ඉන්න තරුණයයි ආගම්වාදයේ ජාතිවාදයේ ඉන්න තරුණයයි අතර වෙනසක් නෑ. උප සංස්කෘතික වශයෙන් බොහොම අතළොස්සක් වූ කණ්ඩායම් විතරයි දෘෂ්ටිවාදාත්මකව මේ ප්රශ්නය දකිමින් ඉන්නේ. ග්‍රාමීය සමාජය තුළ මේ පිළිබඳ සංවාදයක්වත් නෑ. අඩු තරමේ ටී වී බලන විටවත් කොල්ලෝ පාඩම් කරන තැනකවත් එහෙම සංවාදයක් නෑ. මේ අය ඉතා වේගයෙන් ගෝත්රවාදය වැලඳ ගනිමින් ඉන්නවා.
මේ මොහොත ලංකාවේ වමේ දේශපාලනය අසමත් මොහොතක්. මේ වන විට පොදු අපේක්ෂකයෙක් ගැන කතා බහක් තියෙනව. ඔබ ඒ පිළිබඳ සිතන්නේ මොනවද?
ලංකාවේ වාමාංශික පක්ෂ මොනතරම් මතවලට වෙන් වුවත් අවශ්‍යතාවයක් තිබෙනවා නේද ජාතිවාදී ආගම්වාදී මොහොතකවත් එකතු වෙන්න. තම තමන්ගේ න්යායපත්ර වෙනුවට අඩු ගාණේ මේ මොහොතෙදිවත් එක වේදිකාවකට එන්න ඕන. මම හිතුව අලූත්ගම දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ඞ කණ්ඩායම ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වන දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙන්න හැකි වෙයි කියල. ඔවුන් පවා රැුස්වීම් කළේ පෝස්ටර් ගැහුවේ වෙන් වෙන් කණ්ඩායම් හැටියට. මම හිතනවා ඒ කුඩා කණ්ඩායම්වලට බෙදී යාම මහා කණ්ඩායමක ජයග්‍රහණයක්.
පොදු අපේක්ෂකයා කියන එක එද්දි එන්න පුළුවන් චරිත මොනවද?
මං දන්නා තරමට නම් ඒ කවුරුවත් පොදු අපේක්ෂකයෙක් නෙවෙයි. උදාහරණයක් කිව්වොත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො යෝජනා කළාම පොදු අපේක්ෂකයෙක් තියා ප්‍රාන්ත නායකයෙක්වත් කරන්න බෑනේ. මොකද සිවුර කියන එක දැක්ක ගමන්ම ආගමික නියෝජනයක් තියෙනවා. මුස්ලිම් මිනිස්සු කොහොමද විශ්වාස කරන්නේ? සිවුරක් දාගත්ත කෙනෙක් ‘අබසරණයි’ කිව්වට පස්සෙ ඒ චීවරය දාගත්ත කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද? අනෙක් පැත්තෙන් දෙමළ මිනිස්සු විශ්වාස කරයිද? එහෙම විශ්වාස නොකරන කෙනෙක් පොදු අපේක්ෂකයෙක් වෙනවද? ඒක නිශ්ඵල සාකච්ඡුාවක්. මේකට විවිධ තර්ක ගේන්න පුළුවන්. මම දැක්කා නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කියල තියෙනවා ගාමිණි වියන්ගොඩ මහත්තයගෙ තර්කයට ප්‍රතිවිරුද්ධ අදහසක්. තර්ක ගොඩනැංවීම හොඳයි. පොදු අපේක්ෂකයා කවුරු වුණත් මේ මොහොතෙ කළ යුතු පළමු දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම. එතනින් එහාට යක්ෂයොත් එක්ක වැඩ කරන එක වෙනම කාරණාවක්. ඒක පරාජය කරන්න වැඩපිළිවෙළක් ගේන්න ඕන.
මම විශ්වාස කරනවා ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව කියලා. මම මේ කියන්නෙ ජනාධිපතිවරණයට දින නියම කරපු නැති මොහොතක. එක්සත් ජාතික පක්ෂයත් තමන්ගෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාමයි. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයෙක් බවට පත් වෙනවා. දැන් තුන්දෙනයි. හතර වැනියා පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඕක තමයි මම දකින යථාර්ථය. හතරවැනියා තමයි පොදු අපේක්ෂකයෙක් වෙන්නෙ. දැන් පොදු අපේක්ෂකයගෙ ඡුන්ද ප්‍රමාණයත් කාට කාටත් මැන ගන්න පුළුවන්. ඒ පදනමෙන් ඉන්න ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ වැඩපිළිවෙළක් හැටියටයි ඒක මට පේන්නෙ.
එහෙම නොවෙන්න නම් වෙන්න ඕන මොකක්ද? අංක එක මම කියන්නෙ ටීඑන්ඒ එක, දෙක ජේවීපී එක. මේ පක්ෂ දෙක තීරණය කරලා ඉන් පස්සෙ යූඑන්පී එක තීරණය කළොත් අපි චරිතයක් ගේනව. සෝභිත හාමුදුරුවොද ඞ ද ශද නෙවෙයි අපි චරිතයක් ගේනව. අන්න එවැනි මිනිහෙකුටයි පොදු අපේක්ෂකයා කියලා නම වැටෙන්න ඕන. පොදු අපේක්ෂකයා නම් කරගෙන ඒකට න්යායපත්ර හදන්න බෑ. පෙරටුගාමී පක්ෂය ඞ කණ්ඩායම මේ ඔක්කොම පොදු සතුරාට විරුද්ධව එකතු වෙන්න ඕන. ඒ තුළ තමයි පොදු අපේක්ෂකයා නිර්මාණය වෙන්නෙ.
ඔබ ලේඛකයෙක් හැටියට කියන්න මේ මොහොතේ පවතින තත්වය වෙනස් කරන්න සාහිත්‍ය කලාව වැනි අවකාශයන් තුළ සිදු වන කාර්යය ප්‍රමාණවත්ද?
ඇත්තටම මට මේ වෙලාවෙ මතක් වෙනවා ජේ.ආර්. සහ පේ‍්‍රමදාස ජනාධිපති තනතුරේ ඉන්න කාලවල මේ රටේ තිබුණු විකල්ප ව්‍යාපෘති. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යයක් කරනවා ‘ධවල භීෂණ’ කියලා. ඒක රට පුරාම ගෙන ගියා. අශෝක හදගම ‘හෙණ’ නාට්‍යය කරනවා. ජයන්ත චන්ද්‍රසිරි ‘අත්’ නාට්‍යය කරනවා. චින්තන ජයසේන ‘කොලම’ පත්තරේ ගහනවා. අද එහෙම කතා කළාට ඒ කාලේ පොඩි පොඩි ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක වුණේ. මම ඔබෙන් අහනවා එහෙම දේවල් පුළුවන් නම් කොළඹ සමාජයේ දැන් තියෙනවද කියලා පෙන්වන්න.
චිත්‍රපට සංස්ථාවෙ සභාපතිවරයා හිස නැති මළකඳක් බවට පත් වෙලා. ඔහු යෝජනා කරනවා පවතින චින්තන ධාරාව අනුව චිත්‍රපට හදාපල්ලා කියලා. ඒ නිසා ජාතක කතා, ඉතිහාස කතා චිත්‍රපටවලට ගන්නවා. නවකතා ලියන්නෙත් ඒකට. පත්තරවල ලියන්නෙත් ඒකට. පත්තරේ හෙඩිම හැදෙන්නෙත් ඒ විදියට. ටෙලි නාට්‍ය හැදෙන්න ඕනත් ඒ විදියට. ඒ නිසා මේ වෙලාවෙ කලාකරුවො නැති වෙලා ශිල්පීන් නිර්මාණය වෙලා. දැන් හිතන්න වයලීන් වාදකයෙක් හරි, සර්පිනා වාදකයෙක් හරි කලාකරුවෙක් නෙමෙයිනෙ, ශිල්පියෙක්නෙ. කලාකරුවා කියන්නෙ දෘෂ්ටිවාදය දෙන කෙනෙක්. එහෙම ලොකු ගැටලූවක් තියෙනවා. ගොඩක් දෙනෙක් බයයි.
ඔබ ඇහැව්වොත් මගෙන් ‘ඔබ බය නැද්ද’ කියලා, බයයි. මේ සාකච්ඡුාව දෙන්නත් බයයි. අපි ප්රභාකරන් ඉද්දි බය නෑ. ප්රභාකරන් ප්‍රධාන දුෂ්ටයට ඉන්න කාලෙදි අවුරුදු 30ක් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බය වුණේ නෑ. ප්රභාකරන් මැරුණු දා ඉඳලා බයක් දැනෙනවා. මං මේ කියන්නෙ දේශපාලන කතාවක්. කලාකරුවො බයයි. ගීත ලියන අය බයයි. පත්තරකාරයො බයයි. පත්තරකාරයො නැතුව ලිපිකරුවො ටිකක් බිහි වෙලා. ලිපිකරුවො ඉන්නෙ කියන දේ ලියා ගන්න. ඒ නිසා පත්තරකාරයො නෑ. ඊළඟ ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත්රවාදියෝ ‘උඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ග්‍රෝත‍්‍රවාදියො පිරිසක්.
ෆ්‍රෙඞී සිල්වගෙ සින්දුවක් තිබුණනෙ ‘ගහපල්ලා බං පෙත්සම්’ කියලා. අන්න ඒ කැලෑ පත්තරකාරයො දැන් ඉන්නෙ වෙබ් සයිට්වල. උන්ව වාරණය කරන්නත් බෑ. මොකද වාරණයකින් වාරණය වෙන්නෙ අපිව. ඒ නිසා දැන් ඒකට කණ්ඩායම් හැදිලා. ජාතිවාදයට විරුද්ධව ප්‍රකාශයක් ආව ගමන් අම්මා මුස්ලිම්ද, තාත්තා දෙමළද, ඔය වගේ අසික්කිත අසීලාචාර භාෂාවකින් ප්‍රතිචාර දක්වනවා. එතකොට සංවාදය වෙන කොහෙහරි යනවා. ඇත්ත සංවාදය යට යනවා.
ජනරළ ඇසුරෙන්

Last edited: