බංකොලොත් රට ගොඩගත්තා- රනිල්
බංකොළොත් රටක් ශක්තිමත් රටක් බවට පත් කිරීමට අපට හැකි වුණා-රනිල්
රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ අද (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.
බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා.
බංකොළොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ."
Ada derana