මේ දිනවල ප්‍රථම අන්තර් මෝසම් වැසි ආරම්භ වී ඇති බවත් ඒ අනුව දරුණු අකුණු අනතුරු ඇතිවෙන බවත් සවස 4 සිට රාත්‍රි 7 දක්වා කාලයේදි ඒවා බහුලව ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා..
දැනටම අකුණු නිසා පසුගිය සති දෙක ඇතුළත මරණ 6 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ අනුව මෙවර බක්මහ අකුණු ද දරුණු වෙන ලකුණු උදාවී ඇති බවත් ඔහු කීය. නිරිතදිග ප්‍රදේශයේ හා කඳුකර බටහිර බෑවුම්වල අකුණු වැඩි බවත් රත්නපුරය, කිරිඇල්ල, දැරණියගල, යටියන්තොට වැනි ප්‍රදේශවල මේ කාලයේ අකුණු බහුල බවත් පවසයි.
අකුණු පවතින අවස්ථාවල සුදුසුම ආරක්ෂිත ස්ථානය පහත ස්ථානයක පිහිටි ගොඩනැඟිල්ලකි. ඊට අමතරව වාහනයක් ද ආරක්ෂිත ස්ථානයකි. අකුණු පවතින අවස්ථාවලදි විවෘත ස්ථානවල, විවෘත බෝට්ටුවල, කඳුමුදුන් ශිඛර කූඩාරම් ගසා සිටීම ඉතා අවදානම්ය.
සියලු විදුලි උපකරණ විද්‍යුත් පරිපථවලින් විසන්ධි කර තැබීම, රූපවාහිනි ඇන්ටෙනා එම යන්ත්‍රවලින් විසන්ධි කොට ඇන්ටෙනා පේනුව බාහිරව පෘථිවියට ආසන්න වන පරිදි තැබීම, විදුලි උපකරණ පාවිච්චි නොකිරීම, දුරකථන පාවිච්චිය අවම කිරීම, උස් ලෝහ ආකෘති කම්බි වැටවල්, රෙදි වැල්, මහ ගස් අසල සිටීම හා ස්පර්ශ කිරීමෙන් වැළකීම, කොන්ක්‍රීට් සකස් කළ දුම් කවුළු සහිත මුළුතැන් ගෙවල්වල සිටීමෙන් වැළකීම, උස් භූමි හුදකලා උස් ගස්වල සිටීමෙන් වැළකීම මගින් අකුණු අනතුරුවලින් ආරක්ෂා විමට හැකිය.
අන්තර්ජාලයේ හිටියට කමක් නෑ මේ ගැනත් ප්‍රවේසම් වෙන්න කස්ටිය.. මොකද මොන දේ කරන්නත් ජීවිතේ තියෙන්න එපැයි නේද..

Source : අන්තර්ජාලයෙන්

රෙප් අනවශ්‍යයි බම්ප් එකක් දාල යන්න..

Last edited:


