((☀️))🔗(🟢) සුලබ නමුත් ප්‍රබල "රවි ⇔ බුධ" සංයෝගය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    රවි -බුධ සංයෝගය යනු බොහෝ විට දක්නට ලැබෙන එහෙත් ජෝතිෂ්‍යදී ඉතා වැදගත් කොට සලකන ද්වි - ග්‍රහ සංයෝගයකි. ග්‍රහ සංයෝග සම්බන්ධයෙන් විමසීමේ දී අදාළ සංයෝගයට දායක වන ග්‍රහයන් පිළිබඳ නිසි අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ නිසා අපි රවි - බුධ සංයෝගයට අදාළ ග්‍රහයන් එනම් රවි හා බුධ පිළිබඳ වෙන වෙනම විමසා බලමු.

    රවි

    sun.jpg

    රවි යනු "රැස් විහිදන්නා" යන අරුත දෙන නාම පදයකි. හිරු, දිනකර, සුර්‍යයා ආදී විවිධ නම් ඊට යෙදේ. රවි, සුර්‍ය ග්‍රහ මණ්ඩලයේ රජු, පියා, මුලිකයා හෙවත් ප්‍රධානියා වේ. රවි ගෙන් තොර අප දන්නා අකාරයේ කිසිදු ජීවයක් මේ මිහිපිට නොපවතිනු ඇත. මේ ලෝකය රවි කිරුළේ යටත් විජිතයකි. ජීවයේ පැවැත්මට අවැසි සියළු දේ සපයන්නේ ඔහුය. උෂ්ණය, ආලෝකය, ආකර්ෂණය, පිරිසිදු කම, ආහාරය, සනීපාරක්ෂාව සියල්ල රවි නිසාම වේ. එහෙයින් ම පැරණි ශිෂ්ටාචාර සියල්ලක ම පාහේ මුල් මැවුම්කාර දෙවියා වශයෙන් පිදුම් ලැබුයේ රවි ය. සුර්‍යයා ක්සිතිජයෙන් මතු වීමට ද බැස යාමට ද මිනිත්තු 2 බැගින් ගතවේ. කිසිකලෙක වත් වක්‍ර නොවෙයි. ඒකාකාර ගමන් වේගය වේ. පොළොවේ සිට සැතපුම් 93000000 ක් පමණ දුරය. හිරු රැස් පොළොවට වැටීමට මිනිත්තු 8ක් පමණ ගතවේ.
    ජෝතිෂ්‍යයේ දී හිරු ට ම මුල්තැන හිමිවේ. නිර්භීත භාවය, දීර්ඝායුෂය, ප්‍රසිද්ධිය හා පතල කීර්තිය, බලය, වික්‍රමය, ක්‍රියා ශුරත්වය, ගෞරවය, මාන්නය, භක්තිය, ස්ථිර ප්‍රේමය, සප්‍රාණික බව, අවබෝධ ඥාණය, චිත්ත ශක්තිය රවි ගෙන් ලැබෙන දායාදයන් බඳුය.
    රජු ට, කිරුළට, රාජ්‍යත්වයට, එහි උසස් ප්‍රභූන් ට රවි බලවත් වේ. උෂ්ණ වූයේ නමුදු කුජ මෙන් සැර පරුෂ නොවේ. සියළු ග්‍රහයන්ට එළිය දෙන්නේ හිරු ය. මනුෂ්‍ය ශරීරයේ හෘද වස්තුව, මුඛය, ඇස්, රක්ත නාඩි, මොළය, උගුර, ඇලදිව, ඇට ආදියට අධිපති වේ. දවල් උපන්නහුට ප්‍රිය වේ. රවි ගේ ගෝචර ගමන අනුව ඒ ඒ රාශින්ගේ ගතිගුණ ප්‍රකට වේ. එබැවින් යමෙකු උපදින විට රවි යහපත්ව ත්‍රිකෝණ කෙන්ද්‍රස්ථාන යන්හි ස්වක්ෂේත්‍ර උච්ච ආදියෙන් බලවත් ව සිටි කල ජන්ම කේන්ද්‍රය ද බලවත් වේ.
    රවි දුබලව දුෂ්ටස්ථාන වල සිටියදී උපන්නහු ට පහත් අදහස්, වාචාල කම, පුහු මහන්තත්වය, මංකොල්ලකාර කම, ක්‍රෝධ ගතිය, අනුන් කුපිත කරවීම, කොන් වීම, චපල හොර හිත, වංචනික ගති ආදිය ඇතිවේ.
    ජන්ම කේන්ද්‍රයේ රවි උච්ච බලයෙන් සිටීම රජෙකුට ඉමහත් බලයකි. එහෙත් සාමාන්‍ය මිනිසාට රවි උච්ච වීම එතරම් ගුණ නැත. හිරු නීච වූ විට සාමාන්‍ය මිනිසා ප්‍රකට වී උසස් වෙයි. රජුන් නම් පිරිහෙති.
    රවි නරක් වීමෙන් බෙල්ලේ ග්‍රන්ථි මහත් වීම, දරුණු රක්ත ගාය, හෘද රෝග, ලේ නරක් වීම, මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, සිහි අඩු කම, උන සන්නිපාත රෝග, මුණේ හා ඇස්වල රෝග, රක්ත දාහය වැනි රෝග සෑදේ.


    බුධ

    buda.JPG

    ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා බුධ වේ. හිරුට ආසන්නම ග්‍රහයා ද ඔහුය. හිරු සහ පෘථිවිය අතර ඇතුළත රවුමේ යන බැවින් බුධ, හිරුගෙන් ඈත් වන උපරිම දුරක් තිබේ. ඒ අංශක 28 ක් හෙවත් සැතපුම් 43000000 කි. ගමනේදී සෑම විටම එකම අර්ධය සුර්යයාට මුහුණලා සිටියි. සුර්යයාට මුහුණලා ඇති පැත්ත අධික උෂ්ණ වන අතර කළුවර පැත්ත අධික ශීතලය. ජීව බලයක් නැත. බුධ ගේ මහදශාව අවුරුදු 17 කි. යමෙකු උපදින විට බුධ ගේ එළිය පැත්ත පෘථිවිය දෙසට හැරී තිබියදී කේන්ද්‍රයේ යහපත් රාශියක යහපත් භාවයක ස්වක්ෂේත්‍ර උච්චාදී බලයෙන් සිටියදී බුධ ගේ මහදශාවත් ලැබුවොත් ඒ අවුරුදු 17 ම එකසේ සුබ ඵල දේ. අනෙක් අතින් කොපමණ බලයෙන් සිටියත් අඳුරු පැත්ත හැරී තිබුණේ නම් ඒ සුබ ඵල හීන කරයි.
    ජෝතිෂ්‍යයේ දී බුධ ග්‍රහයා ස්වකීය බලයක් නැති තමාට ළංවූ අන්‍ය ග්‍රහයකු ගේ හෝ තමා සිටිනා රාශියේ ගතිගුණ ගන්නා ග්‍රහයකු බව පෙන්වා තිබේ. දිවා රෑ වෙනසක් හෝ කාල විශේෂයක් නැති ග්‍රහයෙකි. අනෙක් ග්‍රහයන් මෙන් නොව දශාවේදී මුල මැද අග වෙනසක් නැතිව එක සේ ගුණාගුණ දේ. තුන් දොසට ද එක පරිද්දෙන් බලපවත්වයි. සඳුගේ පුත්‍රයා බවත් කියා ඇත. පාප සංයෝගයේ දී පාපියකු සේ සැලකුව ද බුධ නෛසර්ගික පාපියකු නොවෙයි. අශුභ ඵල දෙන්නේ ද කැමැත්තකින් නොවේ. කලාතුරකින් වරදක් කරයි.
    ඥාණය ට අධිපති බැවින් ව්‍යාකරණය, කාව්‍ය කරණය, න්‍යාය ශාස්ත්‍ර, ඥාණයෙන් කරන සියලු දේ, විදුලි, තැපැල්, දුම්රිය ආදී රාජකාරි බුධහුට අයිති වේ. ආරක්ෂකයා ය.
    ප්‍රධාන වශයෙන් සිහිය පිලිබඳ සියලු තත්ත්ව, තීක්ෂණ බුද්ධිය, සත්‍යවාදී බව, කථා ලීලාව, ඉගෙනුම, ව්‍යක්ත බව, ග්‍රන්ථ කරණය, ඉගැන්වීම, චිත්‍ර ආදී සෞන්දර්ය කලා, සියුම් කැටයම් ආදිය බුධහු බලවත් අයට සහජයෙන් පිහිටා තිබේ. නොයෙක් භාෂා විශ්ෂඥයෝ, දියුණු පොත් පත් වෙළෙන්දෝ, නීතිඥයෝ ආදීහු බුධ ට අයිති වෙති.
    බුධ දුර්වල වූ විට ගොත ගැසීම, සිහි කල්පනා අඩු කම, වෙළඳාමේ දී පාඩුවීම වැනි දේ සිදු වේ. බුධ දුෂ්ටස්ථානයේ සිටියදී උපන්නේ බොරු කීම, රැවටිලිකාරකම, වංචනික බව උපතින් ගෙන එයි.
    දිව, පෙනහැලි, නාසය, හිසකෙස් මුල්, අත්, නහර සහ ශරීරයේ ඇතුළත හා පිටත සියුම් සිවිය බුධ ට අයත් ශරීරාංග වේ.
    බුධ නරක් වීමෙන් සෑදෙන රෝග නම් සිහිමඳ පිස්සුව, ගොළු හෝ ගොත බව, දිවේ රෝග, කන් ඇසීමේ දෝෂ, කල් පවතින හිසරදය, හිස බර ගතිය, හිටි හැටියේ ක්ලාන්තවී ඇදවැටීම ආදියයි. උෂ්ණයෙන් යුතු බුධ අර්ශෂ් රෝගයට හේතුවේ.
    --
    රවි, බුධ දෙදෙනා නිතරම පාහේ සංයෝග වේ. රවී, බුධ එකට යහපත් තැනෙක බලවත්ව සිටීමෙන් ඥාණවත් ගණිත මිණිත විද්‍යාවන්ගේ දක්ෂ ජෝතිෂ් ශාස්ත්‍රය වැටහෙන්නාවූ කෙනෙක් වේ. යෙදෙන ස්ථානය අනුව ගමන් බිමන් අධික, ගනුදෙනු අධික කෙනෙක් වේ. ජීවිතයේ පසු කාලයේදී ප්‍රසිද්ධ වේ.
    මේ සංයෝගය නරකට හිටියොත් කිට්ටු නෑදෑයන් ගේ විරෝධය, රැකියාස්ථාන ප්‍රධානින් ගේ විරෝධය, මුදල් හානිය වේ. මේවා සිදුවන්නේ ඔවුන් වරින් වර එක්වන විටදී ය. දෙදෙනාගෙන් එකකු ස්වක්ෂේත්‍ර ව සංයෝග වීම යහපත් වේ. 5 හෝ 10 වූ රවි - බුධ සංයෝගය ධනු ලග්නහිමියාට රාජ යෝගය වේ.

    --

    මා විසන් ලියූ අනෙකුත් ජෝතිෂ්‍ය ලිපි කියවන්න;

    🪐 Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මූ මේ දාන ඒවා බලන්න ඕන අය
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
    "ජීවිතය හා ග්‍රහයෝ"
    කියන පොත බලන්න............

    ඒකෙ තියෙන දේවල්ම
    කලවම් කරල දාල තියෙන්නෙ.............
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    මූ මේ දාන ඒවා බලන්න ඕන අය
    හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
    "ජීවිතය හා ග්‍රහයෝ"
    කියන පොත බලන්න............

    ඒකෙ තියෙන දේවල්ම
    කලවම් කරල දාල තියෙන්නෙ.............
    කලවමක් නෑ. ඒ පොතෙන් තමයි හුඟක් කරුණු ගන්නේ. බොහොම සරලව විස්තර කරලා තියෙනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    රවි, කුජ සංයෝගය හැම වෙලාවේම නරක නෑ. 2, 7, 8 වගේ තැනක නම් ගොඩක් වෙලාවට නරක ප්‍රතිඵල දෙන්න පුළුවන්. 6, 9, 10 වගේ තැන්වල නම් හොඳ ප්‍රතිඵල දෙනවා. කොහේ හිටියත් ලේ ධාතුව දුෂ්‍ය වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: LZP1992 and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවි, කුජ සංයෝගය හැම වෙලාවේම නරක නෑ. 2, 7, 8 වගේ තැනක නම් ගොඩක් වෙලාවට නරක ප්‍රතිඵල දෙන්න පුළුවන්. 6, 9, 10 වගේ තැන්වල නම් හොඳ ප්‍රතිඵල දෙනවා. කොහේ හිටියත් ලේ ධාතුව දුෂ්‍ය වෙන්න පුළුවන්.

    Ape ayyage 5th Thulawe Ra Ku Bu
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    Ape ayyage 5th Thulawe Ra Ku Bu
    මේ වගේ තැනක අපිට කියන්න පුළුවන් සාමාන්‍ය ඵලයක්. පොත් වල තියෙන්නෙත් ඒ වගේම යෝගයක සාමාන්‍ය ඵලය. හැම විදියකින්ම විස්තර කරලා ග්‍රහ සංයෝග ගැන පොත් ලියන්න අමාරුයි. ලග්න භාවයේ ඉඳන් වැයස්ථානය දක්වා භාව 12. ඒ භාව රාශි වලින් 12 ආකාර වෙන්න පුළුවන්. එතකොට ද්වි ග්‍රහ සංයෝගයකට එතැනින් විතරක් එකිනෙකට වෙනස් ඵල 144 යි. නවාන්ශක ගත්තාම 81 ආකාරයකින් වෙනස් වෙනවා. එතකොට වෙනස් ඵල 11664 යි. ග්‍රහයන්ගේ අවස්ථා 12ත් ගත්තොත් ආයෙම 144 විදියකින් වෙනස්. එතකොට වෙනස් ඵල 1679616. ද්වි ග්‍රහ සංයෝග 23 යි. එහෙම වුණාම වෙනස් ඵල 38631168 ක් වෙනවා. ඉතිං හිතන්නකෝ ඔය තියෙන හැම වර්ගයකම ග්‍රහ සංයෝග ගැන විතරක් පොතක් ලියන්න ගියොත් කොහොමට තියෙයිද කියලා :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මට ආපු හදහනක රාහු 7 නමුත් ගුරු ලග්නයේ ඉන්නවා කේතු එක්ක..( කටක ලග්න හඳහනක්)
    බාධක එනවද විවාහයට .. ගුරු ගෙන් කැපෙනවද..
    හැබයි කුජ 11 ඉන්නවා 5 රවි සිකුරු සප්තම
    දෘෂ්ටිය.
    මොකද කියන්නේ මේ ගැන.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    පයිය තමා මොන පකයද සෙනසුරු මාරුව දනු ලග්නෙට සුබයි කිවේ. යකෝ වෙනදා පඩිය මාසේ අන්තිම වෙනකම් තිබිලා ඉවර වෙනවා.දැන් සතියක් යන්න කලින් ඉවරයි. :lol: :lol:

     
    • Haha
    Reactions: Lovtus and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    රවි, කුජ සංයෝගය හැම වෙලාවේම නරක නෑ. 2, 7, 8 වගේ තැනක නම් ගොඩක් වෙලාවට නරක ප්‍රතිඵල දෙන්න පුළුවන්. 6, 9, 10 වගේ තැන්වල නම් හොඳ ප්‍රතිඵල දෙනවා. කොහේ හිටියත් ලේ ධාතුව දුෂ්‍ය වෙන්න පුළුවන්.
    රවි කුජ 4 ආවොත්...මම දන්න කෙනෙක් ඉන්නවා පට්ටම දුශ්ටයි
     
    • Like
    • Wow
    Reactions: Lovtus and NRTG