බඩා මාමාගේ "ළමා" කතන්දර

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    බඩා මාමාගේ "ළමා" කතන්දර

    පටයා
    බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!

    බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා.

    මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. මීට අමතරව ක්‍රිෂා, අර්ධෙ, චීටා (ඔව්, ඔව්, මේකේ කොමෙන්ට් කරන චීට තමයි) එහෙමත් සහභාගි වුණා. ඒ අතර ජනාධිපති විද්‍යාලෙන් ආපු පොරක් හිටියා. මිනිහා කරන්නේ අවස්ථාව බලල "වාක්‍යයක්" කියන එක. අවස්ථාවේ හැටියට කියන එක කරමල් කැඩෙන්නම කියන නිසා පොරට අපි කිව්වේ "වාක්‍යනාදන්" කියල. හැබැයි මේ අතර හිටපු "චරිතෙ" තමයි ගමා. ගමා කියන්නේ පිස්සු ආකරයක්, ෆන් උල්පතක්. ගමා එක්ක පැය බාගයක් ගෙව්වොත්, දවසකට ඇති වෙන ආතල් එකක් ගන්න පුළුවන්.

    සුපුරුදු විදියට පන්තිය ඇරිලා ගෙදර එන්න කෝට්ටේ හන්දියට එන්න අපි ලෑස්ති වුණා. ලඟ ගෙදරක වලක වනලා තිබුණ කාන්තා තිසර පටක් ගමා හොරෙන්ම උස්සනවා දැක්කේ බඩා විතරයි. ඒ මදිවට හෙමින්ම අර තිසර පටේ ඇනා ගේ පාසල් බාගය ඇතුලට ඔබන්නත් ගමා සමත් වුණා. මොකුත් නොවුනා වගේ අපි ගෙදර ගියා. ගෙදර ගියාම අපි පාසල් බෑගය අස් කරන්නේ කලාතුරකින්. මොකද අපි ඒ තරමටම උනන්දු ශිෂ්‍යයින් නිසා! දැන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයෙක් වුණත් ඇනාත් ඒ කාලේ ඔය විදියමයි. පහු වෙනිදා ඇනා උදේම ආපන ශාලාවට ආවේ කෑම කන්න. ඇනායි, ගමායි ඉන්නේ එක ලඟ ගෙවල් දෙකක. ඒ හින්ද දෙන්නම එන්නෙත් එකට. දෙන්න ගජ මිත්‍රයෝ. ඒ හින්දා ගමා පුටු දෙකක් අල්ලන් ඉන්දැද්දී අත හෝදන් එන්න ඇනා ගියේ ගමාට බෑගය බාර දීල. ආයෙත් තමන්ගේ පුටුවට එන ඇනා ගෙන් ගමා රසායන විද්‍යා පොත ඉල්ලුවේ පන්තියේ නින්ද ගිය නිසා සටහන ලියා ගන්න බැරි වුණා කියල. ඇනා බෑගය ඇරිය ගමන් තිබ්බ කළු පාට රෙදි ගුලිය ඇදල ගත්තු ගමා, "මෙන්න යකෝ ඇනා වැල් රොබරි දාලා" කියල තිසර පටේ උඩ වීසි කරාපි! ඇනාගේ අවාසනාවට තිසර පටේ උඩගිහින් විදුලි පංකාවේ දැවටුණා. ඒ විදුලි පංකාව කොහොමත් කැරකෙන්නේ හිමින්. ඒ හින්ද ඒකේ එල්ලිලා තියෙන්නේ මොකද්ද කියල හැමෝටම පේනවා. ඒ මදිවට ගුරු මණ්ඩලය කෑම ගන්නෙත් ආපන ශාලාවේ වෙනම කොටසක. ඒ අයටත් මේ සංගෙඩිය නියමෙට පේනවා. සමහර ගුරුතුමීන් අතින් කටවල් වහගෙන හිනාවෙනවා. ඇනාට "තන පටයා" කියල කාඩ් එකක් වැටුනේ එදා ඉඳන්. පස්සේ තන හැලිලා නිකම්ම "පටයා" වුණා.

    issuwe unge site eken.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය බඩා මාමා මේකේ ඉපැරනි සාමාජිකයෙක් ඈ......
    ඌ නොකීවට ඌත් වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් දැන්...............

    ඕකේ ඉන්න චරිත ටිකේ නම් ගම් ඇතුව ඕන නං කියන්නං......හොද නැ නේහ්....
    නමුත් පාසැල රාජකීය විද්‍යාලය බව කියන්නං කෝ.......:baffled:
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    ඔය බඩා මාමා මේකේ ඉපැරනි සාමාජිකයෙක් ඈ......
    ඌ නොකීවට ඌත් වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් දැන්...............

    ඕකේ ඉන්න චරිත ටිකේ නම් ගම් ඇතුව ඕන නං කියන්නං......හොද නැ නේහ්....
    නමුත් පාසැල රාජකීය විද්‍යාලය බව කියන්නං කෝ.......:baffled:

    thanks all and dathkimbula.. meyage year eka mokakda/
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanks all and dathkimbula.. meyage year eka mokakda/
    1996 ඒලෙවල්.....
    ඔය හාදය ලංකාවෙන් ම 12 වෙනිය විදියට ඒලෙවල් පාස් වුනේ....
    පට්ට පදිරි මීටරයක්. මම නම් පෞද්ගලිකව හිතන්නේ අපේ රටේ අවාසනාවට බඩා වෛද්‍යවරයෙක් වුනේ. ඕක මැත කරා නම් මේ වෙනකොට ඉන්න තැන අපිට හිතාගන්නවත් බෑ.......
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1996 ඒලෙවල්.....
    ඔය හාදය ලංකාවෙන් ම 12 වෙනිය විදියට ඒලෙවල් පාස් වුනේ....
    පට්ට පදිරි මීටරයක්. මම නම් පෞද්ගලිකව හිතන්නේ අපේ රටේ අවාසනාවට බඩා වෛද්‍යවරයෙක් වුනේ. ඕක මැත කරා නම් මේ වෙනකොට ඉන්න තැන අපිට හිතාගන්නවත් බෑ.......

    ;););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගත්ත තැන දාපං කෝ බං.....
    මට උගේ සයිට් එක හොයා ගන්න බෑ....
    ඔතන තව ඇති සුබාවිත ගීත ගැන හොද හොද නිර්වචන.....පොර හොද විචාරකයෙක්.......
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1996 ඒලෙවල්.....
    ඔය හාදය ලංකාවෙන් ම 12 වෙනිය විදියට ඒලෙවල් පාස් වුනේ....
    පට්ට පදිරි මීටරයක්. මම නම් පෞද්ගලිකව හිතන්නේ අපේ රටේ අවාසනාවට බඩා වෛද්‍යවරයෙක් වුනේ. ඕක මැත කරා නම් මේ වෙනකොට ඉන්න තැන අපිට හිතාගන්නවත් බෑ.......

    oya dentist da?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඉන්නේ පොර.....
    පැටිකිරිය

    මිගාර නමින් මිගාර වෙමි. වසර 1977 දී කොළඹ දී උපත ලැබීමි. ප්‍රාථමික උගෙනුම කොළඹ ඩී.එස්. සේනානායක විදුහලින් ද, ද්විතීයික ඉගෙනුම කොළඹ රාජකීය විදුහලින් ද ලැබීමි. 2003 වසරේ දී වෛද්‍යවරයකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිට වීමි. වසර 2010 දී සායනික වෛද්‍ය අංශයෙන් පස්චාත් උපාධිය ලැබීමි. දැනට වෘක්කවේදය හදාරමින් සිටිමි.
    රංග මිගාර වීරක්කොඩි.
    හෙවත් වල් බඩා. - ග්‍රේරු සර් කියන විදියට ටෙඩිබෙයාර්. ඌ ටෙඩි බෙයාර් නෙවෙයි ටොඩි බෙයාර් කියලත් කියනවා.....
    පියා - සේවාර්ජිත මහාචාර්ය උපාලි චන්ද්‍රසිරි ද සිල්වා වීරක්කොඩි- රුහුනු සරසවියේ හිටපු භූවිද්‍යාව පිළිබද ව මහාචාර්යවරයා
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මේ ඉන්නේ පොර.....

    රංග මිගාර වීරක්කොඩි.
    හෙවත් වල් බඩා. - ග්‍රේරු සර් කියන විදියට ටෙඩිබෙයාර්. ඌ ටෙඩි බෙයාර් නෙවෙයි ටොඩි බෙයාර් කියලත් කියනවා.....
    පියා - සේවාර්ජිත මහාචාර්ය උපාලි චන්ද්‍රසිරි ද සිල්වා වීරක්කොඩි- රුහුනු සරසවියේ හිටපු භූවිද්‍යාව පිළිබද ව මහාචාර්යවරයා

    ;) eka thanks..