හරි කාලය
ඔසප් චක්රය දින 28 වන කාන්තාවක් ඩිම්බයක් නිදහස් කරනුයේ දින දාහතරක් පමණ වන විටය. එම කාන්තාවන් සඳහා ලිංගික කාර්යය කිරීම්ේ සුදුසු වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 12 13 14 යන කාල සීමාවේදීය. කාන්තාවක් නිදහස් කරන ඩිම්බයක් පැය 24 කට වඩා අඩු ජීව කාලයකින් යුක්ත වන අතර පිරිමියෙකු නිදහස් කරන ශුක්රාණු වලට පැය හතළිස් අටක් පමණ කාලයක් ගර්භාෂය තුළ ජීවත්විය හැක. එබැවින් දරුඵල අපේක්ෂා කරන යුවල සඳහා සුදුසුම වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 10 පමණ සිට දවසක් ඇර දවසක් ලිංගික කාර්යයේ යෙදීමයි. ඔසප් චක්රය දින 35ක් වන කාන්තාවන් සඳහා ඔසප් වීමෙන් පසුව දින 19 20 21 යන කාල සීමාවේ දී ඩිම්බයක් නිදහස් කරනු ලබයි. එවැනි දරුඵල අපේක්ෂා කරන යුවල සඳහා සුදුසුම වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 16 පමණ සිට දවසක් ඇර දවසක් ලිංගික කාර්යයේ යෙදීමයි.