බඩු ගන්න සල්ලි මදිද? මෙන්න විසඳුම

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බඩු ගන්න සල්ලි මදිද? මෙන්න විසඳුම

    z_p-16-Prices.jpg



    හැම සතොසටම උදේ 8 වෙන කොට හාල් අලුතෙන් දානවා
    හරියටම 8.30 වෙද්දි සතොස ගාවට ගිහින් ඉඳලා අරිද්දිම ඇතුලට යන්න

    රතු හාල් - 87යි
    සුදු කැකුලු - 89යි
    සම්බා - 95යි
    නාඩු - 88යි

    අතේ තියෙන ගානට හාල් ගන්න, හාලු කිලෝ 5 ගානේ වෙන වෙනම ගන්නව නම් හොඳයි

    ඊට පස්සෙ කුළු බඩු ගන්න
    කොත්ත මල්ලි ටිකක් වැඩියෙන් ගන්න
    ලූණු, අල, සැමන් පොඩි ඒවා ටික ටික ගන්න
    සෝයා මීට් රස 7න්ම පැකට් 20ක් 30ක් ගන්න
    පරිප්පු කිලෝ 2ක් 3ක් ගන්න
    සීනී පුළුවන් ගානට ගන්න
    පොල් කිරි පැකට්, ඉටිපන්දම්, ලයිටර් පොඩ්ඩ පොඩ්ඩ ගන්න
    පාන්පිටි කිලෝ 1 පැකට් වලින් 4ක් 5ක් ගන්න බලන්න, සමගි පාන්පිටි පැකට් එකක් 96ක්
    පාන්පිටි ලූස් අඩුවට තිබ්බට ගන්න එපා, ගුල්ලෝ ගහනවා
    ලෙල්ල පිටින් පොල් ගෙඩි 5ක් 6ක් හොයා ගන්න, ඒවා ලාභයි වගේම කල් තියා ගන්න පුලුවන්

    පොලට ගිහින් කොස් කපන තැනකින් කොස් ඇට කිලෝ එකක් දෙකක් ගන්න, කිලෝ එකක් 150යි
    දෙල් ගෙඩියක් ගන්න කපලා බදින්න බලාගෙන
    පොල් තෙල් ටිකක් ගන්න, බෝතලේ 320යි
    ලාභ කරවල ජාති වලින් කිලෝ එකක් ගන්න බලන්න

    සුපර්මාර්කට් වල ගිනි ගනන් බඩු තියෙන්නෙ, සතොසේ හැම දේම වගේ ටිකක් හරි ගනන් අඩුයි
    පුළුවන් තරම් සතොසෙන්ම බඩු අරගෙන ගේම ගහන්න බලන්න