බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ
බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ වැඩ සැප්තැම්බරයේ ඇරැඹේ
ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර රත්නපුරය සිට
බණ්ඩාරගම සිට රත්නපුරය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඊයේ (15) ප්‍රකාශ කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම පිවිසුමෙන් ආරම්භ වන මෙම අධිවේගී මාර්ගය රත්නපුරය, ගොඩගම දක්වා ඉදිකිරීමට යෝජිත අතර මේ වන විටත් එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කර තිබේ.
රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙන දුම්රිය මාර්ගය මෙම යෝජිත අධිවේගී මාර්ගයට සමාන්තරව ඉදිකිරීමේ හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
dinamina.lk