බණ කතාවක් - කෙලෙස් ඊ පහර වැදුන කෙනා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බණ කතාවක් - කෙලෙස් ඊ පහර වැදුන කෙනා

    කෙලෙස් ඊ පහර වැදුන කෙනා

    එක්තරා උපාසකයෙක් බණ ඇසීම පිණිස නිතර ජේතවනයට ගියා. බණ අහන්න අහන්න සිත ගොඩාක් පැහැදුනා. සසුන් බඹසරෙහි හැසිරෙන්නට ආසා හිතුනා. පැවිදි වෙන්නට ආසා හිතුනා. තමන් ගේ බිරිඳට ගොඩාක් කරුණු පහදන්න සිදු වුනා. ඉතාමත් අපහසුවෙන් බිරිඳගෙන් කැමැත්ත ගත්තා. ජේතවනාරාමයේදී පැවිදි වුනා.
    සැවැත් නුවර ජේතවනය බොහෝ භික්ෂූන් රැස්වෙන තැනක්. මේ අලුත් පැවිදි වූ නවක භික්ෂුවට පහසුකම් ලැබුනේ ටිකක් අඩුවෙන්. දානය ලැබුනෙත් යැපෙන පමණටයි. එතකොට ඒ භික්ෂුව දානෙ පාත්තරෙත් අරන් ගෙදර වඩිනවා. තමන් ගේ පැරණි බිරිඳ ඒ භික්ෂුවට වන්දනා කොට පාත්තරය අතට ගන්නවා. ප්‍රණීතව පිසින ලද ආහාරයෙන් පාත්‍රය පුරවා දෙනවා. රස තණ්හාවෙන් බැඳුණු මේ මහළු භික්ෂුව තම ගිහි කල බිරිඳට තව තවත් සිතින් බැඳුනා.
    දවසක් ඒ පැරණි බිරිඳට තම ස්වාමියා තාමත් තමන්ට ආදරේ දැයි විමසා බලන්න සිතුවා. ඉතින් ඈ ජනපද මනුෂ්‍යයෙක් ව සුදු මැටි ගාලා නාවල ගේ මැද්දේ වාඩි කෙරෙව්වා. තවත් මිනිස්සු කීපදෙනෙක් කැඳෙව්වා. හැමෝට ම කන්න බොන්න දුන්නා. ඔවුනුත් කමින් බොමින් වාඩි වෙලා හිටියා. ගේ දොරකඩ ගොන්නු බන්දවල ඈ ගේ පිටිපස්සේ වාඩි වෙලා කැවුම් හැදුවා. මහළු භික්ෂුව ඇවිත් ගේ ඉදිරියේ සිටගත්තා. ඒ භික්ෂුව දුටු එක් මිනිසෙක් ඈට ගිහින් මෙහෙම කිව්වා.
    “ආර්යාවෙනි….. අන්න ගේ දොරකඩ භික්ෂුවක් සිටගෙන ඉන්නවා”
    “අනේ එහෙනම්…. ගිහින් වන්දනා කරලා අද දානෙට මොකවත් නෑ කියන්න”
    “ඉතින් ඒ මිනිසා අර භික්ෂුව ළඟට ගිහින් කිහිප විටක් ම දානෙට මොකවත් නෑ කිව්වා. නමුත් ඒ භික්ෂුව ඉවතට ගියේ නෑ. එතනම හිටගෙන හිටියා. එතකොට අර මනුස්සයා ආයෙමත් ගිහින් කිව්වා.
    “ආර්යාවෙනි…. හරි වැඬේනෙ…. ඒ භික්ෂුවට මං කීපවිඩක් කිව්වා…. කෝ….. යන්නෙ නෑනෙ”
    ඈ දුවගෙන ආවා. තිරය මෑත් කොට බැලුවා. “හප්පේ…. මේ අපේ ළමයින්නේ තාත්තා නොවැ….” කියල වන්දනා කොට පාත්තරේ ගත්තා. ගේ ඇතුලට වඩින්ඩ කිව්වා. දානේ පූජා කළා. නොයේක් ආඩපාලි කියන්න පටන් ගත්තා. “අනේ…. ස්වාමීන් වහන්ස….. නුඹවහන්සේ සැවැත් නුවර ම පිරිනිවන් පාවි. මං තමයි අනාථ වුනේ…. මං මෙතෙක් කල් වෙන කසාදයක් කරගත්තෙත් නෑ. මට දැන් සැමියෙකුත් නෑ. සැමියෙක් නැති මේ ගෙදර මං වැඩිකල් ඉන්නෙ නෑ. මං වෙන මිනිහෙක් එක්ක ඈත පළාතකට යනවා. මං මේ සැවැත් නුවර අසවල් දේකට ඉන්නද? මගෙන් වරදක් වුනා නම් මට සමාවෙන්න. මට කියන්න තියෙන්නේ එච්චරා…. යි!” කියල ඈ නිහඬ වුනා.
    මහළු භික්ෂුව දෑස් ලොකු කරගෙන බලාගෙන හිටියා. හදවත පිච්චිලා ගියා වගේ දැනුනා. සට සට ගාලා කඳුළු කඩා හැලුනා. ගොත ගසමින් මෙහෙම කිව්වා.
    “හ… හරි…. හරි…. දැන්…. දැන්…. ම… ඔ…. ඔයා…. කලබල වෙන්න ඕන නෑ. මට වැටහුනා. ඔව්…. ම… මට… වැටහුනා…. ඔයා කොහෙවත් යන්න එපා…. ම… මං ඉන්නවා නො…වැ. මට…. ඔයා නැතිව…. ඉඳල වැඩක් නෑ…. ඔව්… මං සිව්රු ඇරලා එන්නම්…. අසවල් තැනට මට සළු දෙකක් එවන්න. මං පාත්‍රා සිව්රු භාරදීල එන්නම්”
    ඉතින් මේ නවක භික්ෂුව තමන් ගේ ආචාර්ය-උපාධ්‍යායන් මුණ ගැසුනා. තම පැරණි බිරිඳ අත්හරින්න බැරි බවත්, ඈ අනාථ වන නිසා තමන් සිව්රු හැර ගිහි වෙන බවත් පැවසුවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව අකමැතිව සිටියදී ම භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගොස් සියලු විස්තර පවසා සිටියා.
    “මහණෙනි… මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා”
    එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.
    “මහණෙනි, මගධ රටේ රජගහ නුවර එක්තරා රජෙක් වාසය කළා. ඒ කාලේ මගධ රටවාසීන්ගේ ගොයම් පැහෙද්දී මුවන්ටත් හානි වුනා. බොහෝවිට මුවරංචු වාසය කළේ මහා වනාන්තරේ කඳු අතරේ. ඒ මුව රංචුවේ හිටිය මුවෙක් ගමේ වාසය කළ එක් මුවැත්තියක් සමග හාද වුනා. ඉතින් ඒ මුවන් වනයේ කඳු අතරින් බහිද්දී අර ගමේ වාසය කළ මුවැත්තිය සමග අර මුවා එකතු වුනා. වනාන්තරෙන් ආපු ඒ මුවා මෝඩයි. ගමේ තිබුණු අනතුර තේරුම් ගත්තේ නෑ. අර මුවැත්ති කිව්වා ගමේ අපිත් එක්ක එකතු වෙලා පහළට එන්ට එපා කියලා. ඒත් ඒ මුවා ඇහැව්වේ නෑ. ඒ තරම්ම ඒ මුවැත්තිට හිත බැඳිලා තිබුනෙ. ඒ මුවා දිගට ම මුවැත්ති සමග ආවා.
    ඔය අතරේ මුවන් අල්ලන වැද්දන් තැන් තැන්වල සැඟවිලා හිටියා. ගමේ මුවැත්තිට හොඳට මිනිස් ගඳ දැනුනා. ළඟ ළඟම මිනිස්සු ඉන්න බව තේරුනා. “එහෙනම් ඔයා ඉස්සර වෙලා යන්න” කියල අර වනාන්තරෙන් ආපු මෝඩ මුවාව ඉස්සර කරගෙන ගියා. වැද්දා එක ඊ පහරින් ඒ මුවාව මරලා බිම දැම්මා. මුවැත්ති විදුලි වේගයෙන් පැනලා ගියා. ඉතින් වැද්දා අර මුවාව මස් කරලා ගිනි අඟුරු ගොඬේ පුච්චලා කෑවා. ඉතිරි කොටස් ගෙදර ගෙනිච්චා.
    ඒ කාලේ බෝධිසත්වයෝ රුක් දෙවියෙක් වෙලා ඒ වනයේ වාසය කළේ. ඒ දෙවියා මේ මුවාට වෙච්චි විපත දැක්කා. ඒ මුවා මැරුනේ මව් නිසා නොවෙයි. පියා නිසා නොවෙයි. තමන් ගේ පිරිස නිසා නොවෙයි. ලාමක කාමය නිසයි. මේ දුක්ඛිත ඉරණම වෙනුවෙන් ඒ දෙවියා මේ ගාථාව කිව්වා.
    ‘කෙලෙස් හුලින් ඊ පහරින් – දැඩිව පහර ලද මිනිසට නින්දා වේවා
    කාන්තාව අධිපති වූ යම් ජනපදයක් වේ නම් එයටත් නින්දා වේවා
    යම් මිනිස්සු ගැහැණුන් හට වසඟව තම දිවි ගෙවත් ද
    ඔවුන් හටත් නින්දා වේවා’

    ඔය අයුරින් ඒ දෙවියා ගාථාව පැවසුවා.
    තමන් ගේ ගිහි කල බිරිඳ අත්හැර ගන්නට බැරිව නිවන් මග සසුන් බඹසර අත්හරින්ට සූදානම් වූ භික්ෂුවට තමන් ගේ සිතේ ඇති ලාමක බව ගැන ලැජ්ජාව ඇතිවුනා. ස්ත්‍රීන් ගැන නොඇල්ම ඇතිවුනා. සිත කාමයන් ගෙන් නිදහස් වුනා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ භික්ෂුව සෝවාන් ඵලයට පත්වුනා.
    මහණෙනි, එදා වනාන්තරේ කඳු අතරින් පහලට බැහැල කාමය නිසා මරණයට පත්වූ මුවා වෙලා හිටියේ මේ භික්ෂුව. ඒ මුවා වසඟ වෙලා හිටිය මුවැත්තිය තමයි මේ භික්ෂුව ගේ මේ ආත්මෙ ගිහි කාලෙ බිරිඳ. ඒ කාලේ ඒ වනේ රුක් දෙවියා වෙලා හිටියේ මම යි” කියල මේ කණ්ඩින ජාතකය වදාළා.
    පින්වතුනේ, පින්වත් දරුවනේ, පෙර ආත්ම වල ඇති කරගන්නා නොයෙක් සම්බන්ධකම් නිසා මේ ආත්මයේ ලෝකයේ බොහෝ දෙනෙක් මොනතරම් කරදරවල වැටෙනවා ඇද්ද. කී දෙනෙකුට නම් ධර්මයත් අහිමි වෙනවා ඇද්ද. මේ නිසාම නැවත නැවතත් සසර දුකට ම වැටෙනවා ඇද්ද.
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    UMBA PALAYAN MACHAN BANAKA BAWANAWK KARAGENA INNA. GEDARA ADDRESS EKA DAPAN MEKATA.
    :lol:
    this is just for a show
    to indicate that he actually do something for this community and bargain chip when admins or moderators reviewing his negative reps and other users report his actions.
    + for getting some puny rep points
    :lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ithin ayi ban umba duk widinne boruwata..
    mewaye karaka gahanakota thawath duka wadi wenawa nathi wenwa prashna athi wenwa
    kalekata gihin banaka baana karagena innakota oya monawath na
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ මන්දා මල්ලි උබ බොන්න කියල ත්‍රෙඩ් දානවා. ආය බණ ත්‍රෙඩ් දානවා.:lol::P

    කොහොම නමුත් හොද ආදර්ශවත් කතාවක්,. බෙදාගත්තට ස්තූතියි!
    :yes::D:D

    You must spread some Reputation around before giving it to skymicro again.:(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ මන්දා මල්ලි උබ බොන්න කියල ත්‍රෙඩ් දානවා. ආය බණ ත්‍රෙඩ් දානවා.:lol::P

    කොහොම නමුත් හොද ආදර්ශවත් කතාවක්,. බෙදාගත්තට ස්තූතියි!
    :yes::D:D

    You must spread some Reputation around before giving it to skymicro again.:(


    බීම උනත් ඕනවට වඩා ඕන නෑ අයියෙ . ඒක නෙමෙයි මට ලන්කාවෙ කෝච්චි එන්ජින් ගැන දැනගන්න ඕන .එක එක එන්ජින් හදපු රටවල් . ඒ ගැන දන්නවද ??:confused::confused::confused:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    බීම උනත් ඕනවට වඩා ඕන නෑ අයියෙ . ඒක නෙමෙයි මට ලන්කාවෙ කෝච්චි එන්ජින් ගැන දැනගන්න ඕන .එක එක එන්ජින් හදපු රටවල් . ඒ ගැන දන්නවද ??:confused::confused::confused:

    ask anything. you can check the stuff also in www.locolanka.blogspot.com as well.