බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච Š

    සිංහල බෞද්ධයින් අනිවාර්යෙන් කියවන්න..... මටම වූ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි.

    අපේ කොම්පැණියේ දවල්ට කෑම දෙනවා මචන් දෙන්නේ බුෆේ...
    (මෙලෝ රහක් නෑ ගොඩාක් වෙලාවට) ඉතින් මෙහෙම මාස 6ක් විතර ගියා.
    දවස් තුනකට කළින් ලොක්කා නීතියක් දාලා හැමෝම හැඳි ගෑරුප්පු වලින් කන්න ඔ්න කියලා. ඔන්න ඉතින් මාත් හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න හැදුවා.. එදා තිබ්ඛේ පොල් සම්බලුයි, මාළුයි, පරිප්පුයි. බතුත් ගුලි ගුලි.. ටික වේලාවක් කද්දි එපා උනා... සිංහල අපිට අතින් කන්න පුළුවන් කම තියෙද්දී මේ සෝබනේ මට ඇල්ලුවේ නෑ. මම අතින් කෑවා.. ඒ එක්කම මගෙ ඔෆිස් එකේ අනිත් යාලුවො දෙන්නෙකුත් අතින් බත් කෑවා. මේක බලන් හිටිය ඩිරෙක්ටර් බෝඩ් එකේ ගෑණියෙක්. මම කාල ඉවර උනු ගමන්ම මේ ගෑණි මට කිව්වා ඇයි ඔයා අතින් කන්නේ කියලා. මම කිව්වා මට හැඳි වලින් කාල හරි යන්නෙ නෑ\ ඒකයි කියලා. ඊට පස්සෙ කිව්වා මෙකෙ ඉන්න ඔනි නම් හැන්දෙන් කන්න ඔ්න කියලා. මට මේකට මල පැන්නා. මම කිව්වා සිංහලයෙක් වෙලා අතින් බත් කන්න කාගෙන් වත් අවසර ගන් ඔ්නද කියලා. ඒකට මේ ගැණිට තද වුණා කෙලින්ම ලොක්කට කෝල් කරා. ඊට පසසේ ලොක්ක පැයකින් විතර අපේ ඔෆිස් එකේ ඔක්කොටම කතා කරලා උන් ඉස්සරහ මට හොඳටම බැන්න. ගෑරුප්පුවෙන් කන්න බැරිනම් ගෙදර නවතිනවා, මට මේකට ගන්න ඔන් තරම් මිනිස්සු ඉන්නවා. නීතියට වැඩ කරන්න බැරිනම් මේ මොහොතෙම ගෙදර යන්න කිව්වා. මම ගෙදර නැවතුනා බන්.... අවුරුදු 5ක් කරපු රස්සාව කෑම පිඟානක් නිසා නැති වුණා බන්....

    මේ කොම්පැණියෙ නම මම කියන්නෙ නෑ... එකෙ මම අවුරුදු 5ක් වැඩ කලා නිසා... හැබැයි පී.එල්.සී කරපු නම ගිය හොඳ සිංහලයෙක් කියලා නම ගහගෙන ඉන්න උඹලා ටී.වී එකේ පවා දැකලා තියෙන පොරක්ගේ ෆුඩ් කොම්පැණියක්... මේකෙ ගොඩාක් මිනිස්සු අයින් වෙන්න හේතුවත් මෙයාලගෙ මේ වගේ ගොන් වැඩ නිසා බන්. මට දුක නෑ..... ඒත් දුක සතෙකුටවත් කද්දී කරදර නොකරන සිංහළ බෞද්ධයො වෙච්ච අපිට කෑම කන්න ගිහින් වෙච්ච මේ දේ ගැනයි....

    පසු වදන - අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා මීට අවුරුදු ගණනකට කලින් මෙහෙම වෙනවා ලංකාවට කියලා. මම අද දුක් වෙනවා අද ඒ වගේ උත්තමයො මේ ලොකේ දැන් නැති එකට... යකෝ විස්වාස කරපල්ලා, මට මෙහෙම බැනලා එළවපු ලොකු මහත්තයා ටී.වී එකේ දේශීයත්වය ගැන වැදි බණ දෙසනවා බන්. එකයි හිතට දුක. මුස්ලිම් එවුන්ගෙ එකමුතුව සිංහළ බහුතරයික් ල`ග දැන් නෑ....

    මචෝ මම කම්පැණි එකේ නම කියන එක පලි ගැනීමක් වෙන්න පුළුවන්.
    අනික මේ සිද්ධිය නිසා උන්ගෙ බ්‍රෑන්ඩ් එකට පහරක් වෙන්න පුළුවන්.
    මම අවුරුදු ගානක් කළේ ඔයි කම්පැණියේ අඩ්වර්ටයිසින් / බ්‍රෑන්ඩින්.
    මට අයින් උනාට දුකක් නෑ බන්. ලංකාව පුරා මම කරපු වැඩ බස්එකෙ යනකොට දකින කොට තියෙන සතුට කොම්පැණියෙන් අයින් වුණා කියලා නැතිවෙන්නෑ..
    අවුරුදු ගාණක් යනකන් මගෙ ඩිසයින් රට වටේ තියෙයි.
    ඒකයි බන් මම කොම්පැණියෙ නම කියන්නේ නැත්තේ.
    උන් මට මෙහෙම කළාට මම කුහක නෑ බන්....
    සක්කිලි හැත්ත මුන්ට ඇඩෙයි මම වගේ වෙන එකෙක් හදාගන්න අවුරුදු ගාණක් යනකොට...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇයි බං මේ වටේ යන්නෙ ?
    ඔච්චර බැනල චොර කරපු එකාගෙ නම කියන්න බැරි මොකද ?
    ඌ ඔච්චරම පිම්පියෙක් නම් කෙලින්ම නම කියපන්..
     
    Jul 3, 2012
    1,394
    116
    0
    පොල් සම්බලුයි, මාළුයි, පරිප්පුයි. බතුත් ගුලි ගුලි..

    Umbe boruda koheda ban. Ona modayekta therenawane mewa Spoon & Fork kanna ba kiyala. rice ekak wage nan thawa kamak na
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචෝ මම කම්පැණි එකේ නම කියන එක පලි ගැනීමක් වෙන්න පුළුවන්.
    අනික මේ සිද්ධිය නිසා උන්ගෙ බ්‍රෑන්ඩ් එකට පහරක් වෙන්න පුළුවන්.
    මම අවුරුදු ගානක් කළේ ඔයි කම්පැණියේ අඩ්වර්ටයිසින් / බ්‍රෑන්ඩින්.
    මට අයින් උනාට දුකක් නෑ බන්. ලංකාව පුරා මම කරපු වැඩ බස්එකෙ යනකොට දකින කොට තියෙන සතුට කොම්පැණියෙන් අයින් වුණා කියලා නැතිවෙන්නෑ..
    අවුරුදු ගාණක් යනකන් මගෙ ඩිසයින් රට වටේ තියෙයි.
    ඒකයි බන් මම කොම්පැණියෙ නම කියන්නේ නැත්තේ.
    උන් මට මෙහෙම කළාට මම කුහක නෑ බන්....
    සක්කිලි හැත්ත මුන්ට ඇඩෙයි මම වගේ වෙන එකෙක් හදාගන්න අවුරුදු ගාණක් යනකොට...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ ලොක්කත් එක්ක යහන්ගතවෙයං බන් ගිහින් උදේ පාන්දර මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙ නැතුව..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෑම හින්ද ගොඩක් උන්ට ජොබ් තනතුරු නැතිවෙලා තියනවා. මටත් එහෙම අතිදැකීම් තියනව සමහර වෙලාවට රටගිය උන්ට පවා එහෙම වෙලාතියනව.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උබ ලොක්කත් එක්ක යහන්ගතවෙයං බන් ගිහින් උදේ පාන්දර මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙ නැතුව..

    සොරි මචන් උඹේ කාලේ කෑවට...
    ජීවිතේ ගොඩාක් ප්‍රශ්න , අත්දැකීම් ඛෙදාගන්න මම එළකිරි ආවා ගොඩාක් වෙලාවට..
    මෙකෙ උන් මට ගොඩාක් උදව් කළා මට ආව ප්‍රශ්න වලදී.
    ඒකයි මම මේක දැම්මේ බන්..
    අවුරුදු 5කට කලින් ජොබ් 1ක් නැතිව ඉන්න කාලේ මෙකෙ හිටිය එවුන් මට රස්සාවක් හොයාගන්න උදව් වුණා..
    ඒ උන්ගේ වචන තාම මතක හින්දයි.. මේක දැම්මේ... සොරි මචන් වෙරි සොරි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචෝ මම කම්පැණි එකේ නම කියන එක පලි ගැනීමක් වෙන්න පුළුවන්.
    අනික මේ සිද්ධිය නිසා උන්ගෙ බ්‍රෑන්ඩ් එකට පහරක් වෙන්න පුළුවන්.
    මම අවුරුදු ගානක් කළේ ඔයි කම්පැණියේ අඩ්වර්ටයිසින් / බ්‍රෑන්ඩින්.
    මට අයින් උනාට දුකක් නෑ බන්. ලංකාව පුරා මම කරපු වැඩ බස්එකෙ යනකොට දකින කොට තියෙන සතුට කොම්පැණියෙන් අයින් වුණා කියලා නැතිවෙන්නෑ..
    අවුරුදු ගාණක් යනකන් මගෙ ඩිසයින් රට වටේ තියෙයි.
    ඒකයි බන් මම කොම්පැණියෙ නම කියන්නේ නැත්තේ.
    උන් මට මෙහෙම කළාට මම කුහක නෑ බන්....
    සක්කිලි හැත්ත මුන්ට ඇඩෙයි මම වගේ වෙන එකෙක් හදාගන්න අවුරුදු ගාණක් යනකොට...

    රැකියාවට කොහෙත්ම අදාළ නැති නීති පනවන්න බැහැ බන් ආයතන වලට. උඹට ඕනෙනම් මේ සිද්දිය පැමිණිල්ලක් විදිහට මානව හිමිකම් මොනිෂන් සභාවට ලියන්න පුළුවන්. එහෙම නැත්තම් කම්කරු දෙපාර්තුමේන්තුවට ලියන්න පුළුවන්. උඹ ජොබ් එකෙන් අයින් උන එක උඹේ කැමැත්ත.. එත් ඉදිරියටත් මේ වගේ බලු වැඩ නොවෙන්න ඔය මම කිව්ව ආයතන දෙකෙන් එකෙක්ට පැමිණිලි කරපන්..

    මේකත් ටිකක් හිතට ගනින්.. රස්සාව කරන තැන ගෑරුප්පුවෙන් බැරිනම් අතින් කන එක ප්‍රශ්නයක් නැහැ ලංකාවේ නිසා. එත් පොල්සම්බෝලයි බතුයි උනත් ගෑරුප්පුවෙන් කන්න බැරි කමක් නැහැ අවස්ථාවේ හැටියට. මම කියන්නේ නැහැ උඹ මෙතැනදී අසාධාරණයි කියලා. එත් උඹ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හින්ද අනාගතයේ කවදාක හරි පිට රටකට යන්න උනොත් විශේෂයෙන් බටහිර රටක management එකක් යටතේ වැඩ කරන්න උනොත් උඹට කෑම ගන්න වෙන්නේ ගෑරුප්පුවෙන්ම තමයි.. ඒ හින්ද ඒ ඒ පරිසරයට අනුගත වෙන්න පුරුදු වෙන්න. එහෙම උනාම ගැටීමක් නැහැ. නිතරම අපේ පුරුදු ඉදිරියට ගෙනියන්න අමාරුයි ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී.

    ආයතනයෙන් උඹට ආයෙ කතාකරොත් පඩිය වැඩියෙන් ඉල්ලාපන්.. උඹ කියන විදිහට උඹ එතන වගකිවයුතු වැඩක් කරානම් උඹට ආයෙ කතා කරන්න ඉඩ තියනවා..

    මම උඹට තව අවවාදයක් දෙන්නම්.. කොම්පැනි වලට ලොක්කන්ට ආදරේ කරන්න එපා බන්.. ලැබෙන වැටුපට සරිලන සේවයක් කරලා ලැබෙන වැටුපට ආදරේ කරපන්.. ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි.. එත් ඇත පය 4 වැඩ නොකරන දවසට ඔය කොයි කොම්පනියත් උඹට හෝ මට බෙදන්නේ එකම හැන්දෙන් තමයි..
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Uhata occhara deyak karapu company eka nama kianna barinam wisthara tikak kiapan.....hadana deewal gana ehema....
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    රැකියාවට කොහෙත්ම අදාළ නැති නීති පනවන්න බැහැ බන් ආයතන වලට. උඹට ඕනෙනම් මේ සිද්දිය පැමිණිල්ලක් විදිහට මානව හිමිකම් මොනිෂන් සභාවට ලියන්න පුළුවන්. එහෙම නැත්තම් කම්කරු දෙපාර්තුමේන්තුවට ලියන්න පුළුවන්. උඹ ජොබ් එකෙන් අයින් උන එක උඹේ කැමැත්ත.. එත් ඉදිරියටත් මේ වගේ බලු වැඩ නොවෙන්න ඔය මම කිව්ව ආයතන දෙකෙන් එකෙක්ට පැමිණිලි කරපන්..

    මේකත් ටිකක් හිතට ගනින්.. රස්සාව කරන තැන ගෑරුප්පුවෙන් බැරිනම් අතින් කන එක ප්‍රශ්නයක් නැහැ ලංකාවේ නිසා. එත් පොල්සම්බෝලයි බතුයි උනත් ගෑරුප්පුවෙන් කන්න බැරි කමක් නැහැ අවස්ථාවේ හැටියට. මම කියන්නේ නැහැ උඹ මෙතැනදී අසාධාරණයි කියලා. එත් උඹ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හින්ද අනාගතයේ කවදාක හරි පිට රටකට යන්න උනොත් විශේෂයෙන් බටහිර රටක management එකක් යටතේ වැඩ කරන්න උනොත් උඹට කෑම ගන්න වෙන්නේ ගෑරුප්පුවෙන්ම තමයි.. ඒ හින්ද ඒ ඒ පරිසරයට අනුගත වෙන්න පුරුදු වෙන්න. එහෙම උනාම ගැටීමක් නැහැ. නිතරම අපේ පුරුදු ඉදිරියට ගෙනියන්න අමාරුයි ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී.

    ආයතනයෙන් උඹට ආයෙ කතාකරොත් පඩිය වැඩියෙන් ඉල්ලාපන්.. උඹ කියන විදිහට උඹ එතන වගකිවයුතු වැඩක් කරානම් උඹට ආයෙ කතා කරන්න ඉඩ තියනවා..

    මම උඹට තව අවවාදයක් දෙන්නම්.. කොම්පැනි වලට ලොක්කන්ට ආදරේ කරන්න එපා බන්.. ලැබෙන වැටුපට සරිලන සේවයක් කරලා ලැබෙන වැටුපට ආදරේ කරපන්.. ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි.. එත් ඇත පය 4 වැඩ නොකරන දවසට ඔය කොයි කොම්පනියත් උඹට හෝ මට බෙදන්නේ එකම හැන්දෙන් තමයි..

    Well said. :yes: