බදු ගැන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහගෙන් ප්‍රකාශයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,246
    113
    මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය.

    "විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි IMF එකට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා. එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණ."

    කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නා බව ද චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    "බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ tariff policy එක. ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා. anti dumping policy එක ඉස්සරහට. ඒ හරහා තමා අපි කර්මාන්ත කේෂ්ත්‍රයට සහායක් දෙන්නේ. බදු ප්‍රතිපත්තියත් එක් එක් කර්මාන්තයට අනුව යම්කිසි වෙනස්කම් සිදුවෙන්න පුළුවන්. නමුත් සමස්ත බදුවල අඩුවීමක් එළැඹෙන අයවැයෙන් බලාපොරොත්තු වෙන්න බෑ."

    https://sinhala.adaderana.lk/news/206515
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Ethakota IMF ekath ekka negotiate karanawa kiyala kiwwe boru da ?
    NPP manifesto eka da powerful ? IMF agreement ekada ?
    Boru hil mewa nam...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    මීටත් වඩා පෙල් පොන්නයෝ ටිකක් මේ ලෝකේ හිටියොත් අටපට්ටමට කියන්න... :lol: :lol: