බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    5 වසර ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ . ලංකාවේ හෝඩියේ ඉඳන් 13 වසර වෙනකම්ම පාසල් අද්යාපනය නිකම්ම නිකම් රේස් එකක් විතරයි. ඒ රේස් එක අවුරුදු 13 ක් දුවල පළවෙනිය උනා කියල අවුරුදු 13 අවසානයේ විශ්වවිද්‍යාලයට නොයන ළමයෙකුට රැකියාවකට අරන් යන්න ඉතුරු වෙන්නේ 1 වසරේ අකුරු ලියන්න ඉගෙනගතපු ටිකයි එකතු කරන්න , අඩු කරන්න , වැඩි කරන්න , බෙදන්න ඉගෙනගතපු ටිකයි විතරයි. කොටින්ම කියනවනම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගතපු විෂය ධාරාවන්ගෙන් 1% වගේ කොටසක් විතරයි විශ්වවිද්‍යාල වරම් නොලැබෙන ළමයෙකුත අනාගතෙට අරන් යන්න ඉතුරු වෙන්නේ. කාලෙන් කාලෙට තුට්ටු දෙකේ දෙසපාළුවන් අද්යාපන ක්‍රම, විභාග වෙනස් කරනවා හිතු හිතු විදිහට. එත් ඒවා කිසිම හරයක් නැති තීන්දු තීරණ විතරයි. ඔය විභාගේ 5 වසරේ තිබ්බත් 7 වසෙරේ තිබ්බත් ළමයින්ට ඉදිරි අනාගතෙට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් විභාගයක් විතරයි.

    විශ්වවිද්‍යාල නොයන මට්ටමේ ළමයෙක් උසස්පෙළ සඳහා ගත කරන කාලය හරිම අපරාදයක් කියලයි මම දකින්නේ. උසස්පෙළ සමත් කියන වචනය අයදුම්පත්‍රයකට ලොකු වචනයක් උනාට ඒ වචනේ ඇතුලේ කිසිම රැකියා සුදුසුකම තියනවද කියල කපනා කරලා බලන්න සිද්දවෙන කාලයක් ඉදිරියට එයි.

    පාසල් යන දරුවෙකුගේ සහ එම දෙමාපියන්ගේ මුලිකම අවසන් බලාපොරොත්තුව ඉහලපෙලේ රැකියාවක් ලබාගෙන සාර්ථක ජීවිතයක් ගැන තමයි. එත් ඒ බලාපොරොත්තුව ඉටුකරන්නේ අද වෙනකොට පාසල් අද්යාපනය නෙවෙයි, එතනින් එහා තියන බාහිර අද්යාපන ආයතනයකින්. උදාහරණයක් විදිහට කියනවනම් AAT , CIMA , German Tec , Hotel School , Technical College , ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, Nita , NIBM , වගේ ආයතන සහ මෙකි නොකී බාහිර පාඨමාලා මුදලට හොයා රජයේ අනුග්‍රහයෙන් සපයන ආයතන තමයි හෝඩියේ ඉඳන් පළවෙනිය වෙලා campas යන්න එක ලකුණක් මදිවෙන එකා රස්සාවකට තල්ලු කරන්නේ. ඉතින් මේ අද්යාපන ක්‍රමේ ඇතුලේ විභාග එහෙ මෙහෙ කරා කියල අවසන් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ.

    මගේ අදහසනම් මේ කෙහෙල්මල් විභාග ගැන මේ තරම් focus නොකර වුර්තීය අද්යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතුයි කියලයි. අඩුම තරමේ 6 වසරේ ඉඳන් ළමයෙකුට තමුන්ගේ අනාගත වුර්තීය ඉලක්කයට යන්න අත්වැලක් තිබුය යුතුයි. අඩුම තරමේ මේ විෂය ධාරාව ඇතුලේ යම් යම් වුර්තීයන් ඉලක්ක කරගත්තු විෂයන් තිබියයුතුමයි. අද වෙද්දී හෝඩියේ ඉස්කෝලෙට ඇතුල්වෙන ළමයට දෙන පලවෙනි ඉලක්කය 5 වසර ශිෂත්වය. ඊළඟට සාමාන්‍යපෙළ. ඊළඟට උසස්පෙළ. උසස්පෙළ සමත් විෂවිද්යාල වරම් නොලැබෙන උන් උඩ ඉඳන් අයෙත් වැටෙන්නේ හෝඩියටම තමයි. මේ ක්‍රමවේදය වෙනස්වෙන්න ඕන. ළමයෙකුට තමුන්ගේ වුර්තිය සඳහා ඉලක්කයක් ගන්න මාවතක් මේ අද්යාපන ක්‍රම ඇතුලේ තිබිය යුතුයි. එහෙම උනොත් රටේ රැකියා වියුක්තිය අඩුවෙයි. පිකටින් අඩුවෙයි. මොකද වුර්තීය අද්යාපනයක් ලබපු ඕනෑම කෙනෙකුට මේ ලෝකේ ඕන තරම් රස්සාවල් තියනවා. නිකම්ම නිකම් උසස්පෙළ සහතිකයක් උපාදි සහතිකයක් අරන් එලියට බහින කෙනෙක් හරියට හිස් අතින් යුද්දෙට ගියා වගෙයි. සංවාදයට විවුර්තයි.....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ගියෙ පොඩි ඉස්කෝලෙකට ඇයි අවුල්ද?:rofl:

    මොකද්ද ඉස්කෝලෙ. ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලද? :rofl:
    ඔයා ගිරිඋල්ල කියල තැනක දාල තිබ්බ දැක්ක නිසා හිතුවෙ. ;)

    ඉනටවීව් 10කට ගියානම් උඹ මොකෙක්ද බන්..:rofl:
    ඉන්ටර් වීව් 10කට වඩා ගිය එවුන් කලින් දැකල නැද්ද? අපි ඒවාට යන්නෙ රස්සාවක් හොයාගන්න විතරක් නෙමේ :D

    ඔයා කියන විදියට මිනිස්සු නලවන්න බැහැ. මේක කොතනින් හරි නවතින්න ඕන. දැන් අවුරුදු කීයක් ඔය ශිෂ්‍යත්ව දුන්නද? දැන් ඒක වටේ මාකට් එකක් හැදිලා, සීමාවන් පැනලා හුඟක් කල්. දැන්වත් ඕක නවතින්න ඕන. අනික ශිෂ්‍යත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගිය පලියට ඔය කියන විදියෙ මහා ලොකු මැජික් එකක් වෙන්නෙ නැහැ. සමහර ඉස්කෝල තියෙනව ඒවා නිකන් බ්‍රෑන්ඩ් වල නම් වගේ. ඒක වෙනමම කතාවක්. ක්‍රිකට් ගහන්න වැටමාරු පොලු හිටවන ඉස්කෝල සීයට එකක් වත් නැහැ.ඉස්සර නම් තිබුනා. අද කාලෙ ඔය කියන තරම් සහිත අඩුපාඩු ඉස්කෝල බොහොම සීමිතයි. අනික ඔය ශිෂ්‍යත්වෙ තියන්නෙ පොඩි ඉස්කෝලවල විතරද? ලොකු ඉස්කෝලවල ශිෂ්‍යත්වෙ තියන්නෙ ඒවගෙන් පාස්වෙන අයව හඳට යවන්නද? නිකන් බොරු සෝබනේට කරන වැඩ නිසා ලමයින්ට තමයි කරදරේ.

    එතකොට අර ඔයාම කිව්ව විදියට ළමයි සීමිත පිරිස බල්ලෙක් තරම් වත් වටින්නෙ නැද්ද? :D
    අතේ තියාගන නලවන්න ඕනෙ නෑ කලින් තොටිල්ල හදල හිටියනං ;)
    ඕක කොහොමත් ඉවර වෙන එකක් නෙමේ. බලන් ඉන්න වෙන දේවල්. ඊළඟට ඕ ලෙවල් කරවන්නම රේස් දුවයි 1 වසරේ ඉඳන් :lol::lol:
    මුන් නම් මාර මිනිස්සු මුන් කියන හැටියට මුලු ලන්කාවෙ සේරම උන් රෝයල්, ආනන්ද නාලන්ද යවන්න ඕන. එහෙම ගිය නැති උන් වැඩක් නැහැ වගේ කතාවක්. නියමම ආටිෆිශල් බ්‍රොයිලර් කුකුලෙක්

    මේකට දෙයක් කියන්න ඕනෙ. මුළු ලංකාවේම ඉස්කෝල ඔය වගේ වෙන්න ඕනෙ. නැතුව සේරම ඔය ඉස්කෝල වලට යන්න ඕනෙ නෑ. ඒ වගේ පහසුකම් තියෙන්න ඕනෙ. :D
    ඒ වගේ ඉස්කෝල හැදෙන්න ඕනෙ. ළමයි වැඩි පිරිසක් ගන්න පුළුවන් විදියට මුළු රටේම.
    හැබැයි ඉස්කෝලෙට ගන්න ලක්ෂයක් ඉල්ලුවොත් තමයි ලෙඩේ :rofl:
    ඔය තියෙන්නෙ ඔයාලගෙ අධ්‍යාපන ක්‍රමය. :D