ඊයෙ දුර නෑවෙන ගෙදරක බනකට ගියා. මට ඔතන ගිහින් බිම වාඩිවෙලා ඉන්න බැරි නිසා මන් තව දෙතුන් දෙනෙක් එක්ක ඒ ගෙදර කුස්සියෙ කෑම ලෑස්ති කර කර හිටියා බන අහන්න ආපු අයට කන්න දෙන්න. බන පටන්ගෙන ටික වෙලාවකින් එහෙ ඇන්ටි නැගිටලා කුස්සියට ආවා මොකද තත්වෙ බලන්න. ඊට පසෙ හාමුදුරුඔ බන නවත්තලා කීවා “ බනට ආරාදනා කරාට ආරාදනා කරපු අයවත් බන අහන්නෙ නෑ. ඇතුලෙ ඉන්න අයත් ඔක්කොම එක්කන් බන අහන්න එන්න නැත්තන් බන නවත්තලා මන් යනවා කියලා. ඉතින් මොනා කරන්නද කියලා අපිත් ගිහින් වාඩි උනා බන අහන්න. බනට කීවෙ නන්ද කුමාරයගෙ කතාව, ඕකෙ දිව්ය ලෝකෙ දිව්ය අන්ගනාවො දිව්ය සැප ගැන කියද්දි හාමුදුරුවො මාව පෙන්නලා කීවනෙ තවුතිසාවෙ දෙවිවරු දැකලා නැත්තන් මේ පුතා දිහා බලන්න කියලා.
Last edited:
