බඳින්නත් නිදහසක් නෑ
2012 වසරට සාපේක්ෂව 2013 වසරේදී ශ්‍රී ලංකාව තුළ විවාහ ලියාපදිංචි වීමේ සංඛ්‍යාව 38% කින් අඩු වී තිබෙන බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් විවාහ වීමේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ 2013 කාර්ය සාධන වාර්තාව මඟින් හෙළි වේ.
ආණ්ඩුව විසින් පුද්ගලයින් විවාහ වීමේදී රෙජිස්ටාර් ගාස්තුව රුපියල් 5000ක් දක්වා ඉහළ දැමූ අතර මේ හේතුවෙන් ආරථික දුෂ්කරතා බහුල තරුණ තරුණියන්හට විවාහ වීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම තත්වයද විවාහ සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති බව වාර්තා වේ.
මේ අතර 2013 වසරේදී විවිධ හේතුන් මත පුද්ගලයන් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය පනස්දෙකක් (1,28,552) මිය ගොස් තිබේ. මෙයද 2012 වසරට සාපේක්ෂව 36% ක වර්ධනයක් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
- LT

Last edited: