බබරකන්ද හරහා වංගෙඩිගලට

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    බබරකන්ද හරහා වංගෙඩිගලට

    මේපාර යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරේ වංගෙඩිගල , ,අපේ ගමන් මාර්ගය උනේ ,කොටුව > රත්නපුරය> බලන්ගොඩ >බෙලිහුල් ඔය > බබරකන්ද දිය ඇල්ල හරහා වංගෙඩිගල


    මුලින්ම අපි ගියේ බඹරකන්ද දියඅැල්ල නරබන්න:yes::yes:

    2daa7aa.jpg



    බඹරකන්ද දිය ඇල්ලට බඹරකැලේ ඇල්ල කියලාත් කියනවා. එහි උස අඩි 863ක්. ලංකාවේ උසම දිය ඇල්ල වගේම ලෝකයේ උස අනුව ගත්තාම 299 වන ස්ථානයේ තිබෙන්නේ බඹරකන්ද යි.:yes::yes:


    බඹරකන්ද දියඅැල්ල අෑතට පෙනෙන ආකාරය​

    213g51c.jpg


    fkp26u.jpg



    ඇල්ල පාමුළටම යන්නට නම් පා ගමනින් තවත් කිලෝ මීටරයකට පොඩ්ඩක් විතර අඩුවෙන් යන්නට ඕනි.
    ඉතාමත් සුන්දර ෆයින් ගස් මැද්දෙන් තමයී මෙතනට යන්න ඔනේ.ඉතින් අපිත් පා ගමනින් එතනට ගීයා.

    ඇල්ල බලන්නට එය අයගෙන් සුළු මුදලක් අය කරනවා(රු20 වගේ). ඇල්ල දක්වා යන මාර්ගය නඩත්තු කරන්නට වගේම පිරිසිදු කරන්නටත් එමගින් දායකත්වයක් ලැබෙනවා.

    t7fhpc.jpg


    අතරමග මේ වගේ සුන්දර දිය පාරවල් තියනවා
    96gufm.jpg


    2d1pmdw.jpg


    fy0tap.jpg


    24dfvax.jpg


    2rffy3b.jpg


    අපී දැන් ඉන්නේ ඇල්ල පාමුල:yes::yes:

    10wmaud.jpg



    ගල් වලට නැගීමේදී ප්‍රවේසම් වන්න :yes:

    m77rs4.jpg



    අපි බඹරකන්ද දියඅැල්ල සුන්දරත්වය විදලා එතනින් එලියට ආවේ වංගෙඩිගල ට පිටත් වීම සදහා..:yes:
    ඔය පහල MAP එකේ තියෙන්නේ බඔරක්නද ඉදන් වංගෙඩිගල ට යන විදීහ​

    නැත්නම් කොළඹ බදුල්ල මාර්ගයේ කලුපහනින් හැරී බඹරකන්ද හරහා ඔහිය දක්වා දිවෙන මාර්ගයෙන් යන්න පුලුවන්


    96bxn5.jpg


    මෙතනින් ඒහාට ඉතින් පා ගමනීන් තමා :yes::yes:

    14dnaiu.jpg


    ගම්මානය අතරින් දිවෙන මාර්ගයේ කුඩා වෙල් යායක් , තරමක දොල පාරක් හරහා වැටී ඇති අබලන් වු පාලමක් පසු කර කන්ද නැගීම ආරම්භ කරන්න ඔනේ (Tavelirn කරන්න පුලුවන් පා වහන් පැලදගෙන යාම වාඩාත් සුදුසු වේ:yes::yes:)

    2rqdlqc.jpg


    මුලින්ම හමු වෙන්නේ මාන යායක්,මාන කැලය පසුකරනවිටම ෆයිනස් වගා බිම හමු වෙන්නේ එතැන් සිට වංගෙඩිගල මුදුන තෙක් විහිදෙන ෆයිනස් වනාන්තරයේ අසිරිය විඳිමින් ගමන් කල හැක.

    2u4ihhg.jpg

    මෙහේ දේශගුනය වෙනස් වෙනවා අපී ඉහලට යද්දී ධාරානී පාත වර්ශාවක් අැද හැලුනා:yes::yes:
    (පාවහන්,වැසී කබා( raincoat )ආදීය රැගෙන සීතලට ,වැස්සට සුදානමින් යන්න​:yes:)
    මෙහේ හැම තැනම ෆයිනස් ගෙඩි සහ ලැව් ගිණි වලට හසුවී අඟුරු වූ ගස් කදන් දකීන්න පුලුවන්


    zthte.jpg


    2s0oj9v.jpg




    දැන් අපී ඉන්නේ කන්ද මුදුන​ :yes::yes:

    2q3vwxz.jpg


    ගමන තරමක් අමාරු වුනත් ටික ටික කන්ද මුදුනට ගියාම දකින්න ලැබෙන සුන්දරත්වය දැනෙනකොට මහන්සිය නිවිලා යනවා.හාත්පස පේන දර්ශණය පුදුම තරම් සුන්දරයි.ෆයිනස් වනාන්තරය මැදින් පැමිණ ඇද වැටෙන බඹරකන්ද දියඇල්ල ,ලංකා ඇල්ල ,උඩවාරිය ප්‍රදේශය ,යක්ෂයාගේ පඩිපෙළ හෙවත් Devil’s Staircas, බලතොඩුව සහ ,ගොම්මෝල්ලි ය යන කඳු මුදුන් මේ හැම එකක්ම හතර වටින් පෙනෙද්දී පුදුම තරම් ලස්සනයි.
    2nqsia0.jpg


    අපි උඩට යද්දී වර්ශාව තරමක් අඩු වෙලා තිබුනත්, නැවතත් ඨාරානීපාත වර්ශාව අැද හැලුනා,

    ycjye.jpg


    අපී ගියේ කන්ද මුදුනේ කදවුරැ බදින්න උනත්, එ අවස්තාවේ තිබුන දේශගුනයත් එක්ක අපිට ඒක කර ගන්න බැරී උනා එක නිසා අපී දුකෙන් උනත් නැවතත් පහලට බහින්න තීරනය කලා :(:(:(:(:(

    2lwvce9.jpg


    එලකිරියේ ඉන්න අය විවේකී සති අන්තයක ගිහින් බලන්න. නියම​ අත්දැකීමක් වෙයි.
    යනවන්ම් දේශගුන තත්වය බලලා යන්න,පහුවදා එලී වෙනක්ම් ඉන්න බලාගෙන යන්න ......
    අපිට බලන්න බැරී උනාට උදේට ඉර පායද්දී මාර ලස්සනක් ලූ තීයෙන්නේ :yes::yes::yes:



    මෙතනට මීට කලින් ආපූ අයනම් මේ පරිසරය ඉතාමත් හොදීන් රැකගෙන තියනවා,මින් ඉදීරියට යන අයත් ඒහෙම වෙයී කියලා හිතනවා....
    :yes::yes:


    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
    ඔබගේ පා සලකුණු පමනක් එහි ඉතුරු කර එන්න ...............
    :yes::yes::yes:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    550
    1,086
    93
    piliyandala
    පට්ට photos ටික..අපරාදේ බන් camp කරන්න තිබුනේ..උදේට මාර ලස්සනයි..අපේ ගමන මම දාල ඇති බලහන්..
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    පට්ට photos ටික..අපරාදේ බන් camp කරන්න තිබුනේ..උදේට මාර ලස්සනයි..අපේ ගමන මම දාල ඇති බලහන්..

    තෙමීලා හිටියේ,එ වෙලාවේ තිබුන වැස්ස නවතින පාටක් තිබුනේ නෑ:yes: