බම්බු ගැසීම !

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    P1040664.JPG

    බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු.
    ඉතින් ලෙඩ වෙන එක ඕන කෙනෙකුට වෙන දෙයක්නේ.බාල,මහලු,ගැහැණු,පිරිමි ඔය කොයි කවුරුත් ඉතින් ලෙඩ වෙනව.ඉතින් මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග කියන්නේ පොදු දෙයක්.ඉතින් ඔය කාට උනත් ලෙඩක් වේදනාවක් ආවම යන්නේ ඉතින් ගමේ වෙද ගෙදරට.අද වගේ නොවෙයි එදා අපිට තිබුන ස්වයංපොෂි ආර්ථිකයක් නේ.ඉතින් හැම ගෙදරකම වස්සෙක්,එළ දෙනක් වැරදුනේ නැ.
    එදා අපේ ගමේ උදවියට ගෙදර දරු මල්ලෝ ලෙඩ උනා වගේ තමයි ගෙදර ඉන්න හරකා බාන ලෙඩ උනාම.ගෙදර ඉන්න වස්සා,එලදෙන,වසු පැටියා ලෙඩ උනාමත් ඉතින් බෙහෙතක් කරගන්න වෙද ගෙදරට යන්න අමතක කරේ නැ.ඔන්න ඔය ගියහම වෙද ගෙදර ඉන්න වෙද මහත්තයට හරි වෙද හාමිනෙට හරි තියෙන අමාරුම දේ තමයි මේ අසනීප උන සතාට බෙහෙත් ගුලියක් ගිල්ලවන එක.ඉතින් මේ අසනීප උන සතාට බෙහෙත් ගුලිය ගිල්ලවන්න එදා වෙද ගෙදර අපුරු උපක්‍රමයක් භාවිතා කරා.ඔන්න අඩි 5ක් 6ක් දිග උණ බටයක් අරගෙන ඔය බටේ ඇතුලේ තියෙන පුරුක් කඩලා බටයක් හදාගෙන ඔය බටේ සතාගේ කට ඇතුලට දානව.කොච්චර දානවද කිව්වොත් සතාගේ උගුරටම දානවා.ඊට පස්සේ බෙහෙත් ගුලිය අර උණ බටේ ඇතුලෙන් සතාගේ කටට එහෙම නැත්නම් උගුරටම දානවා.ඔන්න ඕකයි එදා වස්සන්ට,එළදෙනුන්ට බෙහෙත් පොවපු විදිය.ඔය ප්‍රතිකර්මේ එදා බම්බු ගැහිම කියලා හැදින්නුවා.වෙද ගෙදරට සතෙක් ගෙනාවම වෙද රාල සතාව පරික්ෂා කරලා කියනව ඔය සතාට බම්බුවක් දෙකක් ගැහුවම හරි කියලා.ඒ කියන්නේ බෙහෙත් වාර ගණන.ඔන්න ඔහොම ආපු බම්බු ගැහිල්ල අද ගොඩ දෙනාගෙ බස් වහරට ආවට ඔය වචනේ භාවිතා කරන ගොඩ අය වචනේ තේරුමනම් දන්නේ නෑ
    නොවැ
    .

    (මේ ගැන දන්න අයත් එලකිරියෙ ඇති..:yes:ඒ අය නොදන්න අයට කියවන්න බම්ප් එකක්වත් දාල යන්න යාලුවනෙ..:yes:දැනුමට දෙයක් එකතු උනානම් කමෙන්ට් 1ක් දාල රෙප් දුන්නට කාරි නෑ ඕන්:D:yes:.)