බයික් එකට හුලන් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බයික් එකට හුලන් ගහන්න

    මචන්,
    මේක මහ ගොන් ප්‍රශ්නයක් වගේ හිතෙයි සමහරුන්ට නම්. ඒත් මචන් මම බයික් සීන් ගැන වැඩිය දන්නේ නෑ. ඒකයි අහන්නේ. මේකයි මචන් ප්‍රශ්නේ.

    අපේ බයික් එකේ අද උදේ බලද්දී පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා flat වෙන්නම. ළඟ බයික් හදන තැනක්වත් නෑ. :sorry: බයික් හදන තැනට 5km වගේ තියෙනවා. එච්චර දුර තල්ලු කරන් යන්න ගියාම එපා වෙනවා. ඒ නිසා මම බැලුවේ අපේ ගෙදර තියෙන foot cycle වලට හුලන් ගහන පොම්පෙන් හුලන් ටිකක් ගහගෙන, ඒක බහින්න කලින් පුළුවන් තරම් දුරක් යන්න කියලා. මෙහෙම foot bicycle වලට හුලන් ගහන පොම්පෙකින් පුලුවන්ද බන් බයික් එකකට හුලන් ගහන්න. අවුල තියෙන්නේ මේ පොම්පේ කෙලවර හුලන් ගහද්දි රෝදේ වෑල්ව් එකට හයි කරන gadget එකත් නෑ. කෙලවර නිකම්ම බටේ තියෙන්නේ. foot cycle වලට නම් එහෙම තියෙද්දී රෙදි කෑල්ලක් තියලා ගහන්න පුළුවන්. ඒත් මේකට එහෙම පුලුවන්ද?

    මට මේ බයික් එකේ රෝදෙට මේ තියෙන පොම්පේ පාවිච්චි කරලා හුලන් ගහ ගන්න විදියක් නැද්ද බන්? දන්නා අය පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.
    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    පොඩි ගල් කැටයක් වැල් එකේ පින් එකට තියල ඊට උඩින් රෙදි කැල්ලක් තියල පොම්පෙන් ගහපං ඕක තනියෙම කරන්න බෑ තව එකෙක් ඉන්න ඕනි.

    ලේසිම ක්‍රමය බයික් එක කරතියන් පලයන්කෝ බං.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මචං හුළං බැහැලා තියෙන්නේ ඇණයක් ඇනිලා නම් ඕක පැදන් ගියොත් උඹේ ටියුබ් එකට කෙළවෙනවා. ඒක ෂුවර්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි ගල් කැටයක් වැල් එකේ පින් එකට තියල ඊට උඩින් රෙදි කැල්ලක් තියල පොම්පෙන් ගහපං ඕක තනියෙම කරන්න බෑ තව එකෙක් ඉන්න ඕනි.

    ලේසිම ක්‍රමය බයික් එක කරතියන් පලයන්කෝ බං.

    මචන් මේ ක්‍රමේ සිරාද? උඹ විහිළුවක් නෙමෙයි නේද කරන්නේ? මම දැන් try කරන්න කියල හදන්නේ. අඩෝ ඇත්තටම කියපන් බන්. මේ කෙලවිලා ඉන්න අවස්ථාවක්. :sorry::sorry::sorry:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඈ බොල නරියො රොදේ ගලවගෙන පුශ් බයික් එකෙ අරන් පලයන්.

    :P :P :P :P :P :P :P
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    දැන් එන නොර්මල් පොම්පෙත් කාර් බයික් වලට ගහන්න් පුලුවන් ගැජට් එක තිබේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    මචන් මේ ක්‍රමේ සිරාද? උඹ විහිළුවක් නෙමෙයි නේද කරන්නේ? මම දැන් try කරන්න කියල හදන්නේ. අඩෝ ඇත්තටම කියපන් බන්. මේ කෙලවිලා ඉන්න අවස්ථාවක්. :sorry::sorry::sorry:

    සිරා තමයි බං try කරලා බලපන්. ගල් කැටයක් තියන්නේ එතකොට වැල් පින් එක තදවෙලා ඇරෙනවා බං :D
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරා තමයි බං try කරලා බලපන්. ගල් කැටයක් තියන්නේ එතකොට වැල් පින් එක තදවෙලා ඇරෙනවා බං :D

    අඩෝ එළකිරි මචන්. වැඩේ ගොඩ. හුලන් ගහද්දි අනිත් පැත්තට පිට වෙනවා ටිකක්. ඒත් අවුලක් නෑ. දැන් රෝදේ එරෙන්නේ නැති ගානට හුලන් ගහ ගන්න පුළුවන් මචන්. ගොඩක් ස්තුතියි උදව්වට.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අඩෝ එළකිරි මචන්. වැඩේ ගොඩ. හුලන් ගහද්දි අනිත් පැත්තට පිට වෙනවා ටිකක්. ඒත් අවුලක් නෑ. දැන් රෝදේ එරෙන්නේ නැති ගානට හුලන් ගහ ගන්න පුළුවන් මචන්. ගොඩක් ස්තුතියි උදව්වට.

    උබ ඔය ටියුබ් එකට කෙලවගන්න හදන්නේ .ඇනයක් හරි ඒවගේ එකක් අනිලනම් ඉතින් බඩුම තමා .කම්මැලි නැතිව රෝදේ ගලවාගෙන අරන් පල :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;15957319 said:
    උබ ඔය ටියුබ් එකට කෙලවගන්න හදන්නේ .ඇනයක් හරි ඒවගේ එකක් අනිලනම් ඉතින් බඩුම තමා .කම්මැලි නැතිව රෝදේ ගලවාගෙන අරන් පල :angry:

    මම දන්නේ නෑ බන් රෝදේ ගලවන හැටි. හෙන ගේමක් දෙන්න ඕනෙද? :sorry: