පෙට්‍රල් ගහනව, දුවනව චක්‍රයෙන් පිට නොයා කාලයක් තිස්සෙ එක දිගට වැඩ ගත්ත නිසා මගෙ බයික් එකේ එකතු වෙච්ච ලෙඩ කීපයක් තිබුණ.
ඔය අතරෙ ප්‍රධාන වශයෙන්,
දීර්ඝකාලීනව තියෙන අර්ශස් අමාරුවක් වගේ, ඔයිල් සීල් වලින් ඔයිල් බේරෙන එකයි,
පීනසේට විටමින් සී දෙනව වගේ, කාබියුරේටරේ නට් එක කොච්චර කැරකුවත් හරියන්නෙ නැති හිමිදිරි ස්ටාට් එකට මිස් කරන එකයි,
සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබුණෙ...
හැබැයි මේ ලෙඩ සේරටම අත ගහන්න හේතු වෙච්ච ලෙඩේ වුණේ, ලඟදි ඉඳන් ආපු හාට් ඇටෑක් එක....
මේකෙදි වෙන්නෙ පාරෙ යන ගමන් බයික් එක හුචස් ගාල මග හිටිනව. ආයෙ ගහපු ගමන් ස්ටාට්. ලෙඩේ එන්නෙත් එන්ජිම රත් වුණාම.. කිසිම මිස් කිරිල්ලක් නෑ... ඒ කියන්නෙ. මේකෙ අවුල තියෙන්නෙ ස්නායු පද්ධතිය වගේ තියෙන විදුලි පද්ධතියෙ කියන එක කලින්ම වැටහුණා...
CDI යුනිට් එකේ සොකට්, ඉග්නේශන් කොයිල් එකේ සොකට්,
එන්ජිමෙන් එන පල්ස් කොයිල් සම්බන්ධ සොකට් සේරම කොනක ඉඳන් චෙක් කරල, ඔක්සයිඩ් වෙලා තිබුණ තැන් සුද්ද කරා.
මේ පින්තූරෙ විදිහට ක්ලිප් එක ඇතුලට පොඩි, තුනී ටූල් එකක් දාල ලොක් එක තද කරගෙන පිටිපස්සෙන් වයර් එක ඇද්දම, වයර් ක්ලිප් එක එළියට ගන්න පුලුවන්. ඊට පස්සෙ ඔක්සයිඩ් සුද්ද කරල හයිකරන්න තියෙන්නෙ...
මමනං මේ වැඩේට කියත් පටි කෑල්ලක් ග්‍රයින්ඩරෙන් ගාල ටූල් එකක් හදාගත්ත.
මේ තියෙන්නෙ ඉග්නේශන් කොයිල් එක. මේක තියෙන්නෙ පෙට්‍රල් ටැංකිය යට. මේකෙ ක්ලිප් එකත් ඉක්මනට ඔක්සයිඩ් වෙන්න බලනව...
මේ වැඩෙන් කාලයක් තිස්සෙ තිබුණ මිස් එක හරිගියා. බයික් එකේ පිකප් එකත් වැඩිවුණා.
හැබැයි මග හිටින ලෙඩේ හරිගියේ නෑ.
ස්පාක් ප්ලග් එක මාරු කරාම ඒක හරිගියා. (තිබුණ ප්ලග් එකත් අලුත් එකක්. ඒක හින්ද ඒ ගැන බැලුවෙ නෑ. පස්සෙ නිකමට වගේ පරණ ප්ලග් එකක් දැම්මම වැඩේ හරි)
ඊටපස්සෙ අද දවසෙ, ඔයිල් ලීක් වෙන තැන් ටිකත් හදල දැම්ම.
ගියර් ශාෆ්ට් එක,
කික් ශාෆ්ට් එක,
ස්පොකට් ඩ්‍රයිවු ශාෆ්ට් එක,
මේවයෙ ඔයිල් සීල් ගලවන්න එන්ජිමේ පලු ගලවන්න ඕනෙ නෑ. කික් පැඩල්, ගියර් පැඩල්, ස්පොකට් වීල් ඇණ වලින් ගලවල අයින් කරාම ඔයිල් සීල් එක පිටින් ගලවල ගන්න පුලුවන්.
මේ වගේ පොඩි ඉස්කුරුප්පු නියනක තුඩ නමල ගත්තම වැඩේ ලේසියි,
මේ ගියර් ශාෆ්ට් එකයි, ස්පොකට් ශාෆ්ට් එකයි, සීල් ටික ගැලෙවුවට පස්සෙ...
මේ තියෙන්නෙ සීල් ටික.
අලුත් සීල් ගන්න කොට අනිවා පරණ එකත් එක්ක මැච් කරල බලල ගන්න, පස්සෙ සීල් එකේ වටේටයි ඇතුල් පැත්තටයි ඔයිල් ටිකක් ගාල බස්සගන්න තියෙන්නෙ...
බහින්නෙ නැති ටිකට, මේ වගේ ශීට් වෙන දෙයක් (බොක්ස් පැනර් කෑල්ලක් හෝ බට කෑල්ලක්) තියල හිමිහිට පරිස්සමෙන් මිටි පාරක් දුන්නම හරි...
ඕන්න සීල් ගහල ඉවරයි.
ඊටපස්සෙ එන්ජිමේ දෙපැත්තෙ පැකින් දෙකත් දාල දැම්ම.
මේ වැඩේනං ටිකක් පරිස්සමට කරන්න ඕනෙ. ඇණ තදකරන එක එහෙම වැඩිපුර තද කරොත් ඇණ කැඩෙන්න පුලුවන්. අනික කතිර රටාවට ටිකෙන් ටික තමයි ඇණ හිරකරන්නෙ.
පේපර් කටර් එකෙන් පරණ පැකින් කෑලි සුද්දකරන්න ලේසියි...

නිකම්ම පැකින් දැම්මත් සීල් වෙනව. නිකමට වගේ ගෑස්කට් සීලන්ට් ටිකකුත් ගෑව....
පින්තූර 10ට වඩා දාන්න බෑලු..... තියෙන්නෙත් ඔච්චර තමයි ඉතිං... ඊටපස්සෙ ඔය පළුවත් හයි කොරල වැඩේ අහවර කරා.....
මේ තියෙන්නෙ මම මීට කලින් අතගහල කිරියට දාපු මිකැනික් වැඩක්....
https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

Last edited: