https://www.facebook.com/share/p/5jkg9ZBV4DbeMHPi/?
‘දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්රකාශකයන්ගෙන් සහ පාඨකයන්ගෙන් විරෝධය’ මැයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ පැමිණීම නොරිස්සු එක් ප්‍රකාශකයෙකු විසින් සමාජ මාධ්‍යට නිකුත් කරන ලද ප්‍රකාශය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිළිකුලෙන් හෙලා දකිමින් ප්‍රතික්ෂේප කරන බව මෙයින් දැනුම් දී සිටිමු.
පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවති අප විසින් සංවිධානය කළ “ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” මහජන ප්‍රතිචාර සඳහා එලිදැක්වීමේ ජාතික සමළුවේදී එම කෙටුම්පතෙහි පළමු පිටපත ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර අනතුරුව ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඇරයුම් කළෙමු.
ජනාධිපතිතුමා විසින් සැමරුම් පොතෙහි සටහන් තබන අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ මහජනතාව රොද බදිමින් තෙරපෙමින් ජනාධිපතිතුමාට සුබ පතන්නට වූ අතර අනතුරුව A ශාලාවටද B ශාලාවටද සුභ පතන්නන් අතරින් පැමිණියේ ඉතා අසීරු තත්වයකින් බව සත්‍යයකි.
එකී කුහක ලෙසින් පලකර ඇති පෝස්ටුවේ පරිදි ප්‍රමුඛතම ප්‍රකාශකයින් හෝ පාඨක ජනයාගෙන් විරෝධයක් දැක්වූයේ යයි සාවද්‍ය ලෙස පැවසීම සංගමයටත්, ප්‍රකාශකයින්ටත්, පාඨකයින්ටත් කරන ලද නිගරුවක් බවද සඳහක් කළ යුතුය.
අන්තර්ජාලයේ පල කරන ලද අදහස් වත්මන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය නොරිසි හුදෙක් පෞද්ගලික හා වෛරී මනෝභාවයක් ඇත්තෙකුගේ බව අපගේ විශ්වාසයයි. තම කුටිවලට වී සිටි ඔහුට වත්මන් ජනාධිපතිතුමා හට පැමින සිටි හුදු විශාල පාඨක ජනතාව විසින් දක්වන ලද අපරිමිත සෙනෙහස නොරිස්සු බව අපගේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
මෙයට,
මහ ලේකම්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය.
කොහොමද බන් රනිල් රාජපක්ෂලාගෙ බයියො මෙච්චරටම ලැජ්ජාවක් නැතුව ජීවත් වෙන්නෙ?