බයියන්ට හා ටෝයියන්ට ....

Sep 12, 2014
297
13
0
බයියන්ට හා ටෝයියන්ට ....

1425697379_1662406_hirunews_kandy-ralley.jpg


මේ pic එකට දාලා තිබ්බ FB comment එකක් ඔබලාගේ කොමෙන්ටුද පහතින් දක්වන්න.......
ජනාධිපතිතුමනි ,……
~වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය..
~ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ
විශ්වවිද්‍යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගොරි වැවු තාවුල පර්සි අසු පිට
සෙල්ෆී ගසන රොහිත ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට කියාදුන්නේය….
~රුපියල් හයසීයේ සපත්තු ජෝඩුව ගත නොහැකිව ගෙල වැලලු දියනියගේ දෙපතූල් ලුවි
විටෝන් සපත්තු කන්දකට වඩා වටින බව බව ඔබ අපට කියාදුන්නෙය….
~අව්වට කරවෙවී වැස්සට දියවෙවී හමුද සෙබළා ගොඩගැසූ වැලිකොට්ටය, නාමල් බේබි පැදවූ ලැම්බොගිනියට වඩා මිල බව ඔබ අපට කියාදුන්නේය….
~සලමන් ඛාන්ට වඩා,.. ලූශන් බුලත්සිංහලයන්ට මිනිසුන් ආදරය කරන බව ඔබ අපිට කියාදුන්නේය
~නොදන්න සෙබළකුගේ ලේ බින්දිති ඉහිරුනු ගෝඨාභයගේ සුදු කමිසෙන්, එලියට
මිරිකුනු බඩවැල් අතදරා සටන් කල සරත් ෆොන්සේකාගේ ලේ තැවරුන මුහුණ වසන්නට
නොහැකිබව ඔබ අපට කියාදුන්නේය….
~නොදුටු ඩයස්පෝරාවට වඩා, ඇකයේ හොවා කිරි පෙවූ, දෙඇස් මානයේ දත් විලිස්සන කොටියන් හට මිනිසුන් භය වන බව ඔබ අපිට කියාදුන්නේය….
~යාල් දෙවිය දුවන සිල්පරං කොට වලින් පමණක්, උතුරෙ දෙමළ හදවත් , දකුණේ සිංහල හදවත් යා නොවන බව ඔබ අපට කියාදුන්නෙය….
~පෝයට බෙදන ඔරලෝසුවට, සිල් රේද්දට වඩා, හවසට ගෙදර ඉදේන බත් පතේ බදු බර හිතට දැනෙන බව ඔබ අපිට කියාදුන්නේය…
~අතින් අතට මාරු කරමින් කරකවන රන් කොන්ත බෝල වලට වඩා නායකයකුගේ නිහතමානිත්වයට මිනිසුන් වශීවන බව ඔබ අපිට කියාදුන්නේය


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: cyberartz123