බයියෝ ටොයියො සහ කිරියේ ඇඩ්මින්
කිරියේ විවිධ දේශපාලන මත තියෙන අය ගොඩාක් එකතු වෙන තැනක්. මම කිරියට සෙට් වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. හැබැයි ඒ ටික කාලය තුල කිරියේ දේශපාලන වලි මේ තරං කුප්ප විදියට සිද්ධ උනේ නෑ. මේ ලඟකදි ඉඳන් හරිම කැත විදියට මේ වැඩේ වෙනවා. අපිත් අපේ දේශපාලන මත කිරියේ ත්‍රෙඩ් වල දාපු වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි එහෙමයි කියල දැන් මේ යන පිලිවෙල නන් අනුමත කරන්න බෑ.
බයි ටොයි ත්‍රෙඩ් වලට කල්ලි විදියට ෆේක් එකවුන්ට් වලින් සෙට් වෙලා බැනගන්න එක දැන් සාමාන්‍යකරණය වෙලා. මේ වැඩේට කිරියෙ ඇඩ්මින්ලා ඉඩ දීල බලන් ඉන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. මොකද කිරියේ රූල් එකක් නේ කුනුහරප භාවිත කරන්න බැරි එක. ඒක එහෙම කරලා තියෙන්නෙ ඒකෙන් සමාජයට වෙන හානිය ගැන හිතලනේ. හැබැයි මේ වෙන දේශපාලන බලු පොර වලිනුත් සමාජයට අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ කියන එකයි මගෙ මතය.
මේ සිද්ධි වලට දේශපාලන බිස්නසුත් ඈඳිලා තියෙන්න ඕනෙ. මොකද කාටවත් කහන්නේ නෑ නෙ අතෙ තියෙන පිච්චිය වියදම් කරගෙන ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන මේ කොහෙවත් යන දේශපාලකයොන්ට කඩේ යන්න. මේ වගෙ බලු පොර ත්‍රෙඩ් නිසා කිරියේ වැදගත් ත්‍රෙඩ් දාපු ගොඩක් අය දැන් ඒවා දාන්න උනන්දු වෙන්නෙ නෑ. හේතුව මේකෙ වැඩි තැනක් තියෙන්නෙ බලු පොරවලට නිසා.
මේ අදහස ගොඩක් උන් ඇඩ්මින් ලොක්කට කියලත් ඇති. හැබැයි තාම නන් මේවාට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න පාටක් නන් පේන්න නෑ. මට නන් මේ ත්‍රෙඩ් දකින් එකත් හරිම ඇනෝයින්. එක්කො මේ වගේ ත්‍රෙඩ් වෙනම කැටගරි එකකට දාන්න ඕනෙ.
මේ ගැන උඹලට හිතෙන්නෙ මොනාද කියලා කොටාගෙනම පලයල්ලා.
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ජය හා සතුට!!!

Last edited: