බර්ලින් සටන - ඡායාරූප එකතුව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බර්ලින් සටන - ඡායාරූප එකතුව

    J64QvJ6.jpg

    බර්ලින් සටන යනු දෙවන ලෝක සංග්‍රාමය අවසන් කල සටනයි.1943 වසරේදී ස්ටාලින්ග්‍රාඩ් සටන ජයගත් සෝවියට් හමුදා පසුබසින නාසීන් පසුපස හඹා යන්නට විය.1945 වන විට සෝවියට් හමුදා ජර්මනිය දෙසට ආසන්න විය.බර්ලින් නගරය තුල ජර්මන්-සෝවියට් අවසන් සටන සිදුවිය.ඒ 1945 අප්‍රේල් 16 - මැයි 2 අතර කාලයේදීය.නගරයේ ආරක්ෂකයෝ මැයි 2 වන දා යටත් වුවද උතුරු-බටහිර ප්‍රදේශවල සටන් දිගටම පැවතිණි.නගරයේ දකුණු-බටහිර ප්‍රදේශවල සටන් කල ජර්මානුවන් සෝවියට් හමුදාවලට යටත්වනවාට වඩා ඇමෙරිකා-බ්‍රිතාන්‍ය හමුදාවලට යටත් වූයේ රුසියානුවන්ගේ තරම දන්නා නිසාය.



    1945 අප්‍රේල් මස මුල් සමයේ.රුසියානුවන් බර්ලීනයට සමීපව සටන් කරන ලදි.ඔවුන්ගේ මි,මී.122 කාලතුවක්කුවකින්(1938 M-30) බර්ලීනය දෙසට වෙඩි තබන අයුරු

    QeuIRNs.jpg





    ජර්මන් පාර්ශ්වය වෙනුවෙන් සටන් කල සෙබලෙක් බර්ලින් නගරයේ මැරීසිටින අයුරු

    M0NVBtZ.jpg





    රුසියානු නිලධාරියෙක් අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන්ගේ ලියවිලි පරික්ෂා කරන අයුරු.1945 අප්‍රේල්

    y83TbEn.jpg





    නාසි ජර්මනිය යුද්ධයේ අවසන් දින වල සටන් කලේ පිරිමි ළමුන් යොදාගෙනය.මෙම පිරිමි ළමයාගේ ඇඳුමේ යකඩ කුරුසය පැළඳ තිබෙන අයුරු.

    X2qoXxo.jpg





    යුද්ධයේ අවසන් දින කිහිපයේදී නාසි නිලධාරීන් සමග සිටින හිට්ලර්ගේ ඡායාරූපයක්

    gNPDuBR.jpg





    දිවිනසා ගත් ජර්මන් කාන්තාවක්.1945 අප්‍රේල්

    EiqeZES.jpg





    බර්ලින් නගර සීමාවේ විහිදී තිබූ විනාශ වී ගිය ජර්මන් යුද ටැංකි

    UYIOGrh.jpg





    බර්ලින් සටනට යොදාගත් රුසියානු මි.මී. 152 කාලතුවක්කු(152 mm howitzer-gun M1937) අවියක් ක්‍රියාත්මක කල අවස්ථාවක්

    YCNa6X6.jpg





    රුසියානුවන් දැවැන්ත කාලතුවක්කුවක්(203 mm howitzer M1931 (B-4)) යොදාගෙන බර්ලින් නගරයට පහරදෙන අයුරු

    M1ZcZ6p.jpg





    රුසියානු සෙබලු ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට ජර්මන් සෙබලූන් දඬයමේ යෙදෙන අයුරු

    8nrBiKy.jpg





    හිට්ලර්ගේ තරුණ පෙරමුණේ සිටි මෙම කුඩා ළමුන් බර්ලින් සටනේ අවසන් අධියරයන්හි සටනට යැවීය.

    noGcJsm.jpg




    හිට්ලර්ගේ අවසන් ඡායාරූපවලින් එකක්.හිට්ලර්ගේ බංකරයට රුසියානුවන් එල්ල කර කාලතුවක්කු ප්‍රහාරවලින් සිදුවූ හානිය සෝදිසි කර බලන හිට්ලර් සහ ඔහුගේ සහායක අණදෙන්නා වූ ජූලියස් චාබ්.


    bvZXLMH.jpg


    3i6nkwg.jpg





    සෝවියට් සෙබලෙක් සැඟව සිටි ජර්මන් සෙබලෙක් ඉවතට ගන්නා අයුරු

    9fTwmrk.jpg





    බර්ලින් නගරයේ ස්ප්‍රී ගංගාවේ පාලමක් අසලින් එඹී බලන සෝවියට් සෙබලෙක්.ඔහු අසල ජර්මන් සෙබලෙක් මියගොස් සිටියි.

    5x3fiOu.jpg





    ජර්මන් ජෙනරල්වරු යටත්වූ අවස්ථාවක්

    seliW9o.jpg





    ජර්මන් හමුදා රථවල සුන්බුන් අතර වැටී තිබෙන ජර්මන් සෙබලෙක්ගේ මළකඳක්.

    JDmPyq4.jpg





    බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල සිටින යුද සිරකරුවන් බවට පත් ජර්මන් සෙබලුන්.

    u3EJqTw.jpg





    බර්ලින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන සෝවියට් යුද ටැංකියක්(T-34 ) දෙස අසරණව බලා සිටින ජර්මන් ජනයා

    Q1tBy2V.jpg





    ජර්මන් යුවලක් බර්ලින් නගරයේ සුන්බුන්(Sturmgeschütz III ) අතරින් ගමන් කරමින්

    NYM5dAl.jpg





    පෝලන්ත සෙබලුන් බර්ලින් නගරයේ

    NbjxpTf.jpg





    සෝවියට් සෙබලුන් මි.මි.120 කාලතුවක්කුවක් යොදාගෙන බර්ලින් නගරයට පහර දෙන අයුරු

    XHgYndT.jpg





    බර්ලින් නගරයේ උමං මාර්ගයක ජර්මන් සෙබලුන් සමග සටන් කරන රුසියානුවන්.1945 අප්‍රේල් 26

    4woSMcP.jpg





    මියගිය ජර්මන් සෙබලෙක් පසුකර දුව යන රුසියානුවන්

    25LJ0RW.jpg





    බර්ලිනයේ රයිච්ස්ටැග් ගොඩනැගිල්ලට කඩා වදින රුසියානුවන්.1945 අප්‍රේල් මස අවසානයේ.

    0EDw1Zb.jpg




    රුසියානු Self-propelled තුවක්කුවක් සහිත රථයක්(SU-76) බර්ලිනයේ වීදි සටනක නිරත වෙමින්​

    NIOn0nk.jpg





    1945 මැයි මාසයේ ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක තිබෙන self-propelled තුවක්කු සහිත රථ(SU-122)

    BNj9b8E.jpg





    මියගොස් සිටින ජර්මන් සෙබලෙක් අසල කෙටි නින්දක් දමන සෝවියට් සෙබලෙක්

    MGEVfUi.jpg





    1945 මැයි 2දා බර්ලින් වීදියක සිටින රුසියානුවන්

    fHrZKAD.jpg





    රයිච්ස්ටැග් ගොඩනැගිල්ල සටන් වලින් විනාශ වී ඇති අයුරු.ජර්මන් කාලතුවක්කුවක්(Flak 18) පසෙකින් ඇත

    Uoahbu0.jpg





    බර්ලින් නගරයේ ගොඩනැගිල්ලක් ගිනි ගන්නා අයුරු.1945 මැයි 2

    zFT3JUr.jpg





    යුද සිරකරුවන් බවට පත්වූ ජර්මන් සෙබලුන්

    18wvo00.jpg





    තවත් ජර්මන් යුද සිරකරුවන්

    9KbwDxa.jpg





    බර්ලිනයේ සෞඛ්‍ය සේවාහි ප්‍රධානී මේජර් ජෙනරල් කාල් එමිල් රොබෙල්.1945 මැයි 2

    H5YRy7B.jpg





    බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල වැටී සිටින මියගිය ජර්මන් සෙබලෙක්

    uIfW5GT.jpg





    ජර්මන් යුද සිරකරුවන් බර්ලින්හි වීදියක් ඔස්සේ රැගෙන යන අයුරු

    vSaC5oJ.jpg





    ග්ලියනික් පාලම උඩ විනාශ වී ගිය ජර්මන් යුද ටැංකි නාශක රථයක්(Jagdpanzer IV)

    hCFh89H.jpg




    ජර්මන් රථයක්(Sturmgeschütz III ) බර්ලින් නගරයේ වීදියක තිබෙන අයුරු​

    IVFsfvD.jpg





    විනාශ වී ගිය මි.මී.88 අවියක් බර්ලින් නගරයේ Potsdamer Platz ප්‍රදේශයේ තිබෙන අයුරු

    tAuwy3N.jpg





    බර්ලිනයේ Unter den Lindenහි විනාශ වූ ජර්මන යුද රථ

    A2WR21f.jpg





    බර්ලිනයේ Wunstorf ගුවන් තොටුපලේ තිබූ විනාශ වී ගිය ජර්මන් ගුවන් යානයක්

    ucxX4gD.jpg





    Dankeskircheහි තිබූ ජර්මන් පැන්තර් යුද ටැංකියක්

    4hTfCzC.jpg





    ජර්මන් යුද සිරකරුවන් බර්ලිනයේ වීදි ඔස්සේ ගමන් කරන අයුරු 1945 මැයි 2

    XOyBJtI.jpg


    M24RnnW.jpg





    රුසියානු යුද ටැංකියක් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල නවතා තිබෙන අයුරු.පසෙකින් සිටින්නේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කාර්මන්.1945 මැයි 2

    hylIi8y.jpg





    විනාශවූ බර්ලින් නගරයේ ජල මාර්ගයක බෝට්ටු පදින රුසියානු සෙබලුන්

    MA238ia.jpg





    රුසියානු සෙබලුන් පිරිසක් බර්ලිනයේ ට්‍රෑම් රථයක ගමන් කරමින්

    xQpOL8B.jpg





    තම මියගිය සෙබලුන් භූමදානයට වළවල් කණින රුසියානුවන්

    qFr69KJ.jpg





    රයිච්ස්ටැග් ගොඩනැගිල්ල අසලින් රුසියානු බර අවියක් ගෙන යන අශ්ව රථයක්

    tiiHemo.jpg





    Source:Historyimages.blogspot.com

    -HarshaLulzSec-
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    honda lipiyak wenada wagema TFS

    meka habai waradak thiyanawa


    බර්ලින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන සෝවියට් යුද ටැංකියක්(T-24 ) දෙස අසරණව බලා සිටින ජර්මන් ජනයා

    Q1tBy2V.jpg



    oya thiyenne T34 tank eka T24 tank eka newi. :)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    honda lipiyak wenada wagema TFS

    meka habai waradak thiyanawa


    බර්ලින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන සෝවියට් යුද ටැංකියක්(T-24 ) දෙස අසරණව බලා සිටින ජර්මන් ජනයා

    Q1tBy2V.jpg



    oya thiyenne T34 tank eka T24 tank eka newi. :)

    අප්පට සිරි ඇත්ත තමයි.:yes:

    Thanks
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    honda lipiyak wenada wagema TFS

    meka habai waradak thiyanawa


    බර්ලින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන සෝවියට් යුද ටැංකියක්(T-24 ) දෙස අසරණව බලා සිටින ජර්මන් ජනයා

    Q1tBy2V.jpg



    oya thiyenne T34 tank eka T24 tank eka newi. :)

    front T34-76
    rear T34-85