බලන්ගොඩ ඉදන් කල්තොටට යමු 😍💚

Danuva

Active member
  • Jan 27, 2018
    62
    134
    33
    කලින් ගමනේදී රත්නපුරේ වෙවව්ල්වත්ත හරහා බලන්ගොඩ දියවිනි ඇල්ලට ගියානේ මේ ගමනේදී ගියේ දියවිනි අල්ලේ ඉදලා කල්තොටට. මුලින්ම කොලබින් 7ට විතර පිටත් උනේ එත් මේ ගමන පාන්දර 4ට වත් පටන් ගන්න ඕනේ ගමනක්, අපිත් යන්න හිටියේ 4ට එත් නින්ද ගියා
    😃
    කෙලින්ම රත්නපුර > බලන්ගොඩ > දියවිනි ඇල්ලට ගියේ.
    🥰


    දිවවිනි ඇල්ල කියන්නේ වෙල් යායක් ඉස්සර තියෙන ලස්සනම තැනක්, මේ ඇල්ලේ උඩටම යන්න පුළුවන්. දියවිනි රජ මහා විහාරයෙන්ම තමයි මේ ඇල්ලට යන්න තියෙන්නේ. පන්සලේ ඉදන් කිලෝමීටරයක් වගේ උඩට යන්න ඕනේ මේ උඩ කොටසට යන්න නම්, මේ දවස් වල පාරේ ටිකක් කැලේ වැවිලා මිනිස්සු කවුරුත් වැඩිය ගිහින් නැති නිසා එත් හොයාගෙන යන්න පුළුවන්. අපි මෙතැනට ගියේ 11ට විතර උදේ දවල් 12.30ට විතර මෙතැනින් පිටත් උනා.
    😌
    💚


    ඊට පස්සේ කෙලින්ම ගියේ හුණුගල් පොකුණ බලන්න. හුණුගල් පොකුණ කියන්නේ ගස් කෝලන් වට උන natural හැදුන පොකුණක්. හුණුගල් පොකුණට යන පාර මාර ලස්සනයි. කැලේ මැද්දෙන් පොඩි පොඩි දියඇලි cross කරගෙන තමයි යන්න තියෙන්නේ. පොකුණ ලගටම බයික් වල යන්න පුළුවන්. අන්තිම ගෙදරින් පොඩ්ඩක් අහලා යන්න ඒ අවට අලි ඉන්නවා කියලා අපිට අන්තිම ගෙදර හිටපු ඒ අච්චිඅම්මා කිව්වා. හුණුගල් දියඇල්ලත් තියෙනවා මේ ලගපාතම ඒකට නම් වහින දවස් වලට යන්න බැ.
    🐘
    🙃


    හුණුගල් පොකුණත් බලලා, අපි පිටත් කල්තොට ප්‍රසිද්දම දියඇල්ල බලන්න දූවිලි ඇල්ල. එතන නම් ගොඩක් හදලා ලස්සනට දැන් හදලා තියෙනවා ඇල්ල බලන්න ඉදගෙන. දුවිලි ඇල්ල බලලා හවස 3.30 විතර අපි පිටත් උනේ කන්ඩියපිට පන්සලට.
    💚


    කන්ඩියපිට පන්සල කියන්නේ වැවක් මැද තියෙන පොඩි පන්සලක්, (චෛත්‍ය), ඒ පන්සලට යනවා නම් ටිකක් කලින් යන්න ඕනේ නැත්තම් බෝට්ටුවෙන් ඒ පන්සලට යන්න බැ හවස් උනාම අපි යද්දී 4.30ට විතර වෙලාව උනා ඒ නිසා වැව රවුමේ ඉදන් බලලා අවා.
    🌳
    💚


    කල්තොට කියන්නේ intermediate zone එකක් dry සහ wet දෙකම තියෙන.අපි යද්දිත් පහලට හොදටම වහිනවා උඩට හොදටම අව්ව. මේ ටික විතරක් නෙවෙයි බලන්න තියෙන්නේ කල්තොට. ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන් කිව්වොත්
    🥰
    🌳
    ⛈️


    01. දියවිනි ඇල්ල
    02. කූරගල පුරාණ රජ මහාවිහාරය
    03. බුදුගල රජ මහාවිහාරය
    04. හුණුගල් පොකුණ
    05. දූවිලි ඇල්ල
    06. Shaila Bimbarama Raja Maha Viharaya
    07. කන්ඩියපිට පන්සල

    දියවිනි ඇල්ල වෙල් යායත් එක්ක

    දියවිනි ඇල්ල වෙල් යායත් එක්ක


    473081264_913687054288416_3249514774837213315_n.jpg

    හුණුගල් පොකුණ

    473056869_913687067621748_5544667318852628507_n.jpg

    දූවිලි ඇල්ල


    473355076_913687217621733_5960877854404194421_n.jpg

    කන්ඩියපිට පන්සල

    473583781_913687357621719_7257065851854349574_n.jpg

    දියවිනි ඇල්ලේ උඩ කොටසේ

    473135673_913687087621746_9133984651228449505_n.jpg


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    සිරිලන්කන් කීවට අපි මේ රටේ මේවගේ තැන් කීයකට ගිහින් නැද්ද.... ස්තුතියි මහන්සියෙන් වීඩියෝ හදල තොරතුරු ෂෙයාර් කරට..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    තන්ජන්තැන්න පොඩි වැවක් එහෙමත් තියෙනව. පොඩි ගමකුත් තියෙනව ඒ වැව් බැම්ම දිගේ ගියාම. ඔය වේවැල්වත්ත පාරෙ සෑහෙන්න දිය ඇලි තියෙනව. (5-6ක් විතර.) මෝනිං සයිට් එකකුත් තියෙනව.කූරගල චෛත්‍ය ලඟට මීදුම නැති දවසට හම්බන්තොට පෝර්ට් එකත් යන්තං පේනවලු.