මට ඕනෙ වුනේ මිනිස්සුන්ගෙ හැදියාව ගැන කතා කරන්න නෙමේ. මම කියන්නෙ ඕනෙම දෙයක් බොරුයි කියල කියන්නෙ තවත් බොරු තොගයක් ඇත්ත කියල විශ්වාස කරගෙන කියල. මේ පෝස්ට් එක දාපු කෙනා ඔප්පු කරන්න බැරි නිසා මිථ්‍යා කියල පෙන්නන ගොඩක් දේවල් මිථ්‍යා කියන නිගමනේට ඇවිල්ල තියෙන්නෙ වෙන මිථ්‍යා තොගයක් ඇත්ත කියල උපකල්පනය කරල කියල. මිනී මරාගන්න ඕනෙ එකාට ඕනෙ කෙහෙම්මලක් අල්ලගෙන බෙදිල මරාගත්තෑකි. ඒකට ආගමක්ම ගෑවෙන්න ඕන්නෑ. සමාජවාදය ආගමක්ද ? ඔය අගේට ආගමක් නැතුව මිනී මරාගත්තෙ. මං කියන්නෙ සමාජයෙන් මිථ්‍යායි කියල අහක දාන ගොඩක් දේවල් මිථ්‍යායි කියල අහක දාන්නෙ ඒ සමාජෙ ඒ කාලෙ ඒ වාතාවරණෙ ප්‍රමුඛතාවය දීල පිලිගන්න තවත් මිථ්‍යා ගොඩක් ඇත්ත කියල අරගෙන. එහෙම සමාජයක ජීවත් වෙද්දි හිතෙන්නෙ තමන්ට කිසිම පදනමක් නැති විශ්වාස නෑ කියල. සේරම ගානට තර්ක කරල සාක්ශිත් ඇතුව ආපු නිගමන කියල. එහෙම දැනුමකිං පිරිච්චි සමාජයක් කවදාවත් ඇතිවෙලා නෑ. මහපොලොව දෙවි කෙනෙක් කියන විශ්වාසයටත් මහපොලොව භෞතික විද්‍යා නියම වලට අනුව වැඩ කරන පද්ධතියක් කියන විශ්වාසයටත් කියන දෙකටම වලංගුභාවයක් තියෙනව. එකක ඉඳන් අනිකට මිථ්‍යාවක් කියල හිනා වෙන එක විකාරයක්
ඔන්න ඔයා දැන් අමුතු කතාවක් කියනවා... ඔයා කලින් ත්‍රෙඞ්වල පොතක ලියල තිබුණු දෙයක්, පරම්පරාවෙන් අහල තියෙන දෙයක් ඇත්ත කියල කියන්න මාර ට‍්‍රයි එකක් දෙනවා.... ඒක ඇත්ත කියල ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් දෙන්නේ නෑ... එදා හිටියලූ, එදා කළා ලූ, එහෙම කළොත් මෙහෙමලූ කිය කිය පොත්වල ෙඡ්ද ගණන් කොපි පේස්ට් කරනවා... ඇයි අද නැත්තේ, ඇයි අද කරන්න බැරි, ඇයි අද එහෙම කළොත් මෙහෙම වෙන්නේ නැත්තේ... ඔයා සියල්ලම කෙළ පැමිණියා නම් ඔයා එක දෙයක් හරි ඔප්පු කරන්නකෝ....
දැන් අර මෝඩ තර්කය ගේන්න එපා ”එහෙනම් බොරු කියල ඔප්පු කරන්න” කියලා...
ඒකට උදාහරණය මේ වගේ.... ”ඉස්සර ලංකාවේ හිටියා අඩි 100 ක් උස යෝධ මිනියෙක්... හිටියේ නෑ කියල ඔප්පු කරන්න” කියනව වගේ දෙයක්....


ඔව් ඔව් කියල තියෙනවා.... බයිබලයෙත් කියල තියෙනවා... කුරානයෙත් කියල තියෙනවා... කවුද ඇත්ත කියන්නේ....?