බලන් කඩතුරා හැර දෑසේ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලන් කඩතුරා හැර දෑසේ....

    බලන් කඩතුරා හැර දෑසේ....

    [FONT=&quot]තදම තද කලූවරක රැයක හදිසියේ ඔබ අවදි වුවහොත් මොහොතක් අඳුර දෙස බලා ඉන්න... ඒ මොහොතේ [/FONT]”[FONT=&quot]දවසක මම අනිවාර්යයෙන් ම මැරෙනවා නේද[/FONT]” [FONT=&quot]කියල ඔබේ මතකයට ආවොත් ඔබට ඇතිවන හැගීම කෙබදු වේ ද....[/FONT]? [FONT=&quot]සහතික වශයෙන්ම ඔබට දැනෙන හැගීම හිත කම්පා කරවන[/FONT], [FONT=&quot]බියමුසු හැගීමකි. ඇත්තටම අපි මැරෙනවා නේද...[/FONT]? [FONT=&quot]එතකොට.... එතකොට මොකක්ද මේ ජීවිතේ නේද...[/FONT]?

    [FONT=&quot]ජීවියෙක් ලෙස ජනිත වූ සෑම ජීවියෙකුටම මරණය කියන නියත උරුමය ලැබිල තියෙනවා... [/FONT]”[FONT=&quot]නත්ථි ජාතස්ස අමරණං...[/FONT]” [FONT=&quot]යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ එබැවිනි.... මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම මිනිසා වැඩියෙන්ම බය වී ඇත්තේ මරණයටය.... ඒ බිය නිසාම ලෝකයට ආගම් නැමති නිර්වින්දකය බිහිවිය.... අපිට මරණෙන් පස්සේ මොකද වෙන්නේ.... මරණාසන්න මොහොත කෙබදු වේ ද යන්න විග‍්‍රහ කිරීමට සෑම ආගමක්ම දක්වා ඇත්තේ අපමණ වෙහෙසකි.... තමන් අදහන ආගම අනුව මරණෙන් පසු ජීවිතය ගැන බිය නොවී සිටීමට මිනිසා දක්වන උත්සාහය දුටු විය ඇත්තටම ඇති වන්නේ මහත් අනුකම්පාවකි....[/FONT]

    [FONT=&quot]ලෝකයේ සියඵම ආගම්වල ඉගැන්වීම් බොරුය... එසේත් නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් සෑම ආගමකම ඇත්තේ ඊට අනන්‍ය වූ ඉගැන්වීමකි[/FONT], [FONT=&quot]ඇදහීමකි.... ඒ අනුව සියල්ලම නිවැරදි විය හැකි නොවේ.. එතකොට ලෝකයේ සැලකිය යුතු පිරිසක් හෝ සියල්ලෝම යනවා ඇත්තේ වැරදි පාරක නොවේ ද....[/FONT]? [FONT=&quot]එතකොට නියත මරණය සඳහා මුහුණ දීමට කතෝලික / ඉස්ලාම් / හින්දු ඔබ සූදානම්ද[/FONT]? [FONT=&quot]බෞද්ධ මම සූදානම්ද[/FONT]? [FONT=&quot]කවුද දනිත්ද[/FONT]? [FONT=&quot]මන්ද යත් ඒ අත්විදීම ඔබටවත් මටවත් ලැබී නොමැති බැවිනි.... අප සෑම විටම එය කවුරුන් හෝ කියා ඇති නිසා දිවිහිමියෙන් විශ්වාස කරන අනුගාමිකයින් පිරිසක් පමණක්ම වන බැවිනි....[/FONT]

    [FONT=&quot]ඔබට ජීවිතයේ හොඳම පාඩම හා නිවැරදිම සත්‍ය කියා දෙනුයේ ඔබගේ මරණයයි.... නමුදු එම ඉගැන්වීම[/FONT], [FONT=&quot]එම පාඩම තවදුරටත් ඔබට මෙලොව ජීවිතයට කිසිදු උපකාරයක් නොවන්නේ ඔබ තවදුරටත් මෙලොව ජීවත් නොවන බැවිනි.... [/FONT]

    [FONT=&quot]ගැහැණියක් පිරිමියෙක් සංවාසයේ යෙදුණු බැවින් අප මෙලොවට ජනිත වීමු.... ඇගිලි මිටි මොලවාගෙන පැමිණිය ද ඒ අතර හිර වූ දෙයක් නම් නැත්තේමය... අප මෙලොවට ජනිත වූයේ හිස් අතිනි... නිරුවතිනි.... අපට ඇදුම් අන්දවා ආගම නැමති ලේබලය ගැසුවේ දෙවියන් නොව මිනිසුන්ය... හාත්පස බැලූ සෑම තැනකම ඇත්තේ මිනිසාගේ නිර්මාණයන්ය.... අප අත්දකිනුයේ මිනිසා විසින් අත්විදින දේමය.... එතැන කිසිදු ආශ්චර්යයක් නැත්තේමය.... අවසන මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙසම මිය යන්නේය.... නමුදු ඇසටවත් නුදුටු දෙවි කෙනෙක් ගැන මහමෙරක් විශ්වාසය තබා [/FONT]”[FONT=&quot]ආගම්වාදි ජීවියෙකු[/FONT]” [FONT=&quot]ලෙස මිනිසා අයාලේ යන්නේය.... කවුරුන් හෝ ගැසූ ලේබලයක් පලිහක් කරගෙන එකිනෙකා මරා ගන්නේය..... තමන් ජීවත් වන අවුරුදු [/FONT]100[FONT=&quot] කටත් වඩා අඩු කාලය තුළ අවුරුදු [/FONT]500[FONT=&quot] ක් ජීවත් වීමට පිඹුරුපත් සකසන්නේය.... ජීවිත කාලයම ගඩොලෙන් ගඩොල තබා අනේක දුක් විද විසල් මාලිගා තනන්නේය... අවසන එහි ඉස්තෝප්පුවේ උඩුකුරුව ලෑලි පෙට්ටියක් මත වින්ද මිනිසෙකු ලෙස නොව විදවපු මිනිසෙකු ලෙස අවසන් ගමන් යන්නේය.... මොකක්ද මේ ජීවිතය....[/FONT]?

    [FONT=&quot]පළමුව අප සිතිය යුත්තේ දිනක අප ඒකාන්තයෙන්ම මැරෙන බවය.... එය කවදා කොතැන කෙලෙසක වේදැයි අපි නොදනිමු.... ඔබට කැමැත්තක් වේ නම් ඒ දිනය[/FONT], [FONT=&quot]ඒ තැන තීරණය කොට මිය යා හැක... ඒ සිය දිවි නසා ගැනීමෙනි... [/FONT]

    [FONT=&quot]මේ පුංචි ජීවිත කාලය තුළ සැබෑ ලෙසම ඔබ ජීවත් වෙන්න..... මේ පොළව[/FONT], [FONT=&quot]මේ අහස[/FONT], [FONT=&quot]මේ පරිසරය ඔබටත් අයිති බව සිතට ගන්න.... ඔබ පැල්පතක උපත ලද්දත්[/FONT], [FONT=&quot]මහ මන්දිරයක උපත ලද්දත් මේ ජීවිතය විඳින්න ඔබට අයිතිය ඇති බව සිතට ගන්න.... එලෙසම ඔබට ඇති අයිතිය ඔබට මෙන්ම අනෙක් අයටත් ඇති බව සිතට ගන්න... එවිට ඔබ ජීවිතය විදිනු ඇත... එලෙසම තවත් අයෙක්ගේ විදීමට ඔබ බාධාවක් ද නොවනු ඇත... ඔබ කිසි විටෙක අනුන්ගේ ජීවිතවල තමන් පිළිබදව ප‍්‍රතිරූප මවන්න උත්සාහ නොකරන්න.... ඔබ සෑදිය යුත්තේ ඔබට සුවය කැන්දන නිවසකි... ඇතැම් විට එය ලෑලිවලින් ගැසූ නිවසක් විය හැකිය..... ඔබ ගත යුත්තේ ඔබට පහසුව සලසන වාහනයකි... ඇතැම් විට එය පාපැදියක් වුවද විය හැකිය... කම් නැත.... වැදගත් වන්නේ එය ඔබගේ සතුට හේතුවුවා ද යන්න මිසක වෙන කිසිවක් නොවේ....[/FONT]

    [FONT=&quot]අප මොන අටමගලයක් ගැසුවත් යම් දිනක මේ ගෙන්දගම් පොළවේ පස් යට වැළලී යනු ඇත... එසේත් නැත්නම් ගින්දර සෑයක් මත දැවී අලූ වී යා හැක... අප මැරුණු දාට අප වෙනුවෙන් කඳුලක් හෙලීමට තරම්වත් කෙනෙක් සිටී දැයි නොසිටීදැයි අපි නොදනිමු.... අප වෙනුවෙන් ගුණ කථන පවත්වාවිද නොපවත්වාවිදැයි අපි නොදනිමු.... මහා අවමංගල්‍ය පෙරහැරක අපගේ නිසල සිරුර ගෙන ආවත් මළ හිරු බැස යාමත් සමග අපගේ සිරුර පාලූ සොහොනක තනිකර සියල්ලෝම පිටව යනු ඇත.... කාලයත් සමග අතලොස්සකගේ මතකයන් අතර ඉඳ හිට මතකයට එන සිතිවිල්ලක් පමණක් වී අවසන එය ද නැත්තටම නැති වී යා හැක.... ඉතිං ජීවිතය යනු එවැනි දෙයකි.... ආගම නැමති නිර්වින්දකයෙන් නිර්වින්දනය කළා වූ ඒ මරණයේ අප අත්දැක ඇති සැබෑ යථාර්ථය එයයි.... එය බොහෝ දෙනෙක්ට සිදු වූ බව අප අපගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමු.... ඒ අනුව එය අපට ද එලෙස සිදුවන බව පරම සත්‍යයකි....

    [/FONT]

    [FONT=&quot]අප සියල්ලන්ටම මරණය යනු නියත උරුමයකි.... කොටසක් එය සිදුවන බව දැන දැනම නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමට උත්සහා කරති.... සදාකාලික ජීවිතයක් පතමින් ළගා කරගත නොහැකි ඉලක්කයක් පිහිටුවාගෙන දිවා රැ අනේක දුක් විදිති.... තවත් කොටසක් නියත මරණය දැන දැනම ආගමික උන්මත්තක භාවයකින් සියල්ලන්ටම ගැලවුම අපේ ශාස්තෘවරයාණන් වහන්සේ යැයි කියා දවස පුරාම නොකා නොබී වදිති පුදති අදහති.... ඔවුන්ගෙන් ඇසුවහොත් පවසනුයේ මරණෙන් මතු සදාකාලික සතුට සදහා එය කරන බවකි.... ඔවුන් ආගම කිසි විටෙක මෙලොව තමන්ගේ සුඛ විහරණය සදහා යොදා නොගනිති..... මේ සියල්ලන්ම ජීවත් වුවත් ජීවත් වනුයේ මැරි මැරීය.... ඔවුන් ජීවිතය විදිනවා නොව විදවනවාය.... අවසන නියත උරුමයට අවනත වී මළගං යන්නේය....[/FONT]

    [FONT=&quot]ඉතිං අවසන මම මෙසේ කියමි.... [/FONT]

    [FONT=&quot]ඔබ මිනිසෙකු ලෙස ඉපද මිනිසෙකු ලෙස මිය යා යුතුය.... ඒ අතර ඇත්තේ සීමිත කාලයකි.... ඔබ සෑම මොහොතකම ජීවිතය විඳින්න.... එය හෙටට කල් නොදමන්න.... මන්ද යත් ඒ හෙට දවස ඔබගේ මරණය තෙක් නොපැමිණෙන බැවිනි.....

    [FONT=&quot][FONT=&quot]([/FONT]ආගම් උම්මත්තක භාවයෙන් පෙළෙන්නන්ට උපහාරයක් පිණිස යළි පළ කළෙමි.[/FONT])
    [/FONT]
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    [FONT=&quot][FONT=&quot]ආගම් උම්මත්තක භාවයෙන් පෙළෙන්නන්ට උපහාරයක් පිණිස[/FONT][/FONT]
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල පෝස්ට්ස් දාන්නෙ නිකං හරියට ආගම් කියල ලේබල් කල්ල තියෙන දේවල් අතරෙයි, නිරාගමික කියල ලේබල් කරගත්තු අයගෙ විශ්වාස අතරෙයි මාර fundamental වෙනසක් තියෙනව වගේනෙ. පොඩ්ඩක් නිකං ඉන්න වෙලාවක කල්පනා කරල බලපල්ලකො දෙයියනේ ආගම් වල නොපෙනෙන දේවල් තියෙනව කියල පිළිගන්නව කියල විහිලු කරන උඹල නොපෙනෙන ගුරුත්වාකර්ශණය පිලිගන්නැද්ද කියල ?

    ආගම් කියල අද ලේබල් ගැහිල තියෙන්නෙ ඒ කාලෙ මිනිස්සු ගොඩනඟපු දැනුම.
    විද්‍යාවන් කියල අද ලේබල් ගහල තියෙන්නෙ අද කාලෙ මිනිස්සු ගොඩනඟන දැනුම.

    ආගම් කියන ලේබල් ගොඩෙන් එකක් තෝරගත්තු අය අනික් ආගම් ටික බොරුයි කියනව කියල හිනා වෙන උඹල කරන්නෙත් තවත් ආගම් වගේම එකක් තෝරගෙන අනික්ව බොරුයි කියන එක තමා.

    ඇදහීම්/විශ්වාස වලිං තොරව දැනුමක් නෑ. හැම දැනුමක්ම නිර්මාණය වෙන්නෙ ඒ දැනුමට පදනම් වෙන විශ්වාස ටිකක් මුල් කරගෙන. හරියට ගණිතයෙ එන ස්වසිද්ධි (axiom) වගේ. කවුරුත් 1+1=2 කියල නිකං කියන්නෑ. ඕකටත් ඔප්පු කිරීමක් තියෙනව. ඒ ඔප්පු කිරීමට මාර තර්කානුකූලව කිසිම විශ්වාසයක් නැතුව එන්නෑ. ඔතනට එන්නෙත් ඔප්පු කරන්නැති දේවල් ටිකක් උපකල්පනය කරල.

    ආගම් කියල ලේබල් කරල තියෙන ඒවා වේවා විද්‍යාවන් කියල ලේබල් කරල තියෙන ඒවා වේවා මේ හැම එකකම පදනමේ තියෙන්නෙ ඔප්පු කරන්නැති සමහර විට ඔප්පු කරන්න ක්‍රමයක් වත් නැති හුදෙක් ශ්‍රද්ධාව මත පදනම් වෙලා පිලිගන්න විශ්වාස විතරයි.

    භෞතික විද්‍යාව ගත්තොත් හැම සිදුවීමක්ම නිරූපණය කරන්නෙ ගණිතමය සමීිකරණ වලිං. භෞතික විද්‍යාඥයො "අදහනව" විශ්වයේ සෑම දෙයක්ම වැඩ කරන්නෙ ගණිතමය සමීකරණ වලට අනුකූලව කියල. මේක මලාට මොකෙක්ටවත් ඔප්පු කරන්න බෑ. ඒක හුදෙක් විශ්වාසයක් විතරයි. සමීකරණ ගොඩනඟ නඟ ඒවගෙන් ලැබෙන ප්‍රතිඵල වලට අනුව වැඩ සිද්ධ වෙනවද කියල පරීක්ශණ කරල බලන එක විතරයි කරන්නෙ. මලාට දෙයක් සිද්ධ වෙන්නෙ x^2 ට සමානුපාතිකවද x^1.99999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999998 ට සමානුපාතිකවද කියල වෙන් කල්ල අඳුරගන්න බෑ. එහෙම තැන් වල නිකංම ලස්සන සලකල x^2 ගන්නව 1.999....8 ගොඩ අතෑරල. එතනදිත් තියෙන්නෙ විශ්වාසයක් සිදුවීම් සරලව දක්වන්න පුලුවන් සමීකරණ වලට අනුව වෙන්න ඕනෙ කියල. අහපංකො කොහොමද මේව දැනගත්තෙ කියල ? ඕව සේරම විශ්වාස.

    ඔතනිං එහාට ගියාම යථාර්තයේ තියෙන දේවල් අපි හිතේ මවාගන්න ඒවගෙ සිතුවිලි සමඟ ගැලපෙනව කියල විශ්වාස කරලයි විද්‍යාවෙ දැනුම ගොඩනඟන්නෙත්. ඒක දැනගත්තෙ කොහොමද ? ඒවත් හුදෙක් ශ්‍රද්ධාව මත පිලිගන්න ඇදහීම් විතරයි. මලාට ඔප්පු කරන්න බෑ. ඔහොම හිතාගෙන පලයං එතකොට තේරෙයි ඔය කියන විදිහට ආගම් කියල ලේබල් කරල තියෙන දේවල් විශ්වාස කරන අයගෙයි ආගම් කියල ලේබල් කරල තියෙන දේවල් බොරුයි කියල විශ්වාස කරන අයගෙයි අතරෙ උඹ හිතන තරම් වෙනසක් නෑ කියල. දෙගොල්ලොම වෙනස් විශ්වාස පද්ධති දෙකක ඉඳන් අනික් විශ්වාස පද්ධතියෙන් ගම්‍ය වෙන දේවල් බොරුයි කියල තර්ක කරනව.

    පදනමක් නැති ඇදහීම් වලිං තොර දැනුමක් නෑ. පදනමක් නැති ඇදහීමක් නැති මනුස්සයෙක් මේ ලෝකෙ ඇත්තෙත් නෑ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයි ඉපදෙනකොට ආගම් කියන ලේබලේ ගහනව කියල බණ කියනව. ඒකෙන් ඒ ගහපු ලේබල් එකෙං පිට හිතන්න බැරිවෙනව කියල බණ කියනව. ඒ වුනාට උඹල කවදාවත් අහනවද ඇයි අයින්ස්ටයින්ට අංශු වල probabilistic ස්වභාවය පිළිගන්න බැරිවුනේ කියල ? යකෝ එහෙම වුනෙත් සම්භාව්‍ය භෞතිකේ පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගත්තු හින්ද තමා. ඒ කාලෙ ගොඩ දෙනෙක්ට එහෙම වුනේ සම්භාව්‍ය භෞතිකෙන් indoctrinate කරල තිබුන නිසා තමා.

    හැම දැනුමක්ම කරන්නෙ indoctrination කිරීමක් තමා උඹල ආගම් විතරක් අල්ලගෙන ඒවගෙන් ලමයි indoctrinate කරනෝ කියල කෑගැහුවට. ඔප්පු කිරීමක් නැති දෙයක් අදහනව කියන්නෙම indoctrinate කරගැනීමක්. උඹල කියන්නෙ හැමෝම උඹලගෙ ක්‍රමේට indoctrinate වෙන්න කියල. උඹලට උඹලගෙ indoctrination එක පේන්නෑ. අනික් අයගෙ එක පේනව. ආගම් අදහන අයත් ඇතුලුව හැමෝටම ඔහොම තමා උඹල උන්ට වඩා උඩින් කියල හිතං හිටියට. තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ඇදහීම් පේන්න ඊට වඩා වෙනස් ඇදහීම් තියෙන දැනුම් පද්ධතියක එහෙම තියෙන ඇදහීම් ගැන හොයන්න ඕනෙ. එහෙම නැති වුනාම හැමෝම හිතං ඉන්නෙ මං හිතං ඉන්න විදිහ තමා හරි default. මේ විදිහට තමා ලමයි ඉපදෙන්නෙ. මට ඇදහීමක් නෑ. අනික් අය අදහනව වගේ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආගම් වල නොපෙනෙන දේවල් තියෙනව කියල පිළිගන්නව කියල විහිලු කරන උඹල නොපෙනෙන ගුරුත්වාකර්ශණය පිලිගන්නැද්ද කියල ?.....

    ඔයා මම කියන දේට පිටස්තර දෙයක් කියන්නේ.... පටලවගෙන....
    මම කතා කරන්නේ ආගමික උම්මත්තකයින් ගැන.... ඔයාගේ නිදර්ශන බලන්නකෝ....
    ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන්නේ පේනවට ද? බොළඳ තර්කයක්.... නිවන, ස්වර්ගය හා ගුරුත්වාකර්ෂණය සසදන්නේ කොහොමද... තුනම පේන්නේ නෑනේ නෙහ්....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා මම කියන දේට පිටස්තර දෙයක් කියන්නේ.... පටලවගෙන....
    මම කතා කරන්නේ ආගමික උම්මත්තකයින් ගැන.... ඔයාගේ නිදර්ශන බලන්නකෝ....
    ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන්නේ පේනවට ද? බොළඳ තර්කයක්.... නිවන, ස්වර්ගය හා ගුරුත්වාකර්ෂණය සසදන්නේ කොහොමද... තුනම පේන්නේ නෑනේ නෙහ්....

    උන්මත්තකභාවය මනින්නෙ කොහොමද ? කොතනද සීමාව ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල පෝස්ට්ස් දාන්නෙ නිකං හරියට ආගම් කියල ලේබල් කල්ල තියෙන දේවල් අතරෙයි, නිරාගමික කියල ලේබල් කරගත්තු අයගෙ විශ්වාස අතරෙයි මාර fundamental වෙනසක් තියෙනව වගේනෙ. ?

    වෙනසක් තියෙනවා නේන්නං කවුරුත් ගුරුත්වාකර්ශනේ ගැන ලියපු පොත් වලට පහන් පත්තු කරලා දුන් අල්ලන්නයි උදේ හවා වඳින්නයි ඒක නෑ කියන උන් එක්ක යුද්ද කරන්නයි මරන්නයි වෙන මොන තියරියක් ආවත් නෑ මේක තමා හරි කියල මැරෙන්නයි යන්නෙ නෑ :yes:. බලපන් එතනම ලොකු වෙනසක් තියෙනව නෙ. :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උන්මත්තකභාවය මනින්නෙ කොහොමද ? කොතනද සීමාව ?

    ලේසියි :

    පළමුවැන්නා : ති‍්‍රපිටකය බොරු...
    දෙවැන්නා : කොහොමද උට්ටෝ ඔහොම කියන්නේ... කැරි වේසිගේ පුතා...

    දෙවැන්නා ආගමික උම්මත්තකයෙක්.... :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙනසක් තියෙනවා නේන්නං කවුරුත් ගුරුත්වාකර්ශනේ ගැන ලියපු පොත් වලට පහන් පත්තු කරලා දුන් අල්ලන්නයි උදේ හවා වඳින්නයි ඒක නෑ කියන උන් එක්ක යුද්ද කරන්නයි මරන්නයි වෙන මොන තියරියක් ආවත් නෑ මේක තමා හරි කියල මැරෙන්නයි යන්නෙ නෑ :yes:. බලපන් එතනම ලොකු වෙනසක් තියෙනව නෙ. :yes:

    නාලන්දා විශ්ව විද්‍යාලෙ ගිණි තියද්දි කවුරුත් ත්‍රිපිඨකේ වෙනුවෙන් මරන්න ගියාද කියල හොයල බැලුවනං. උඹ හිතන්නෙ නිව්ටන්ල එහෙම ලියපු පොත් වල මුල් පිටපත් තියෙන කෞතුකාගාරෙයක් එහෙම එහෙම නිදහසේ විනාශ කරන්න දීල බලං ඉඳියි කියලද ?
    පහන් පත්තු කරල වඳින එක ඒ සංස්කෘතිය. පහන් පත්තු නොකර වඳින්න පුලුවන්. ආගම් අදහන්නෑ කියල නිව්ටන්ලට වඳින නිරාගමිකයො ඕනෙ තරං ඉන්නව.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලේසියි :

    පළමුවැන්නා : ති‍්‍රපිටකය බොරු...
    දෙවැන්නා : කොහොමද උට්ටෝ ඔහොම කියන්නේ... කැරි වේසිගේ පුතා...

    දෙවැන්නා ආගමික උම්මත්තකයෙක්.... :)

    ඒක මනුස්සයගෙ ප්‍රශ්නයක් මිසක් ආගම් කියල උඹල ලේබල් කරන දේවල් වල ප්‍රශ්නයක් නෙමේ. කුරාණෙ බොරු කිව්වත් ඔහොම කෑගහන්නැතුව පිලිවෙලකට කතා කරන උන් ඕනෙ තරං ඉන්නව. නිව්ටන් කිව්වෙ බොරු කිව්වාම ඔහොම කියන උන් නෑ කියලද උඹ හිතන්නෙ ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක මනුස්සයගෙ ප්‍රශ්නයක් මිසක් ආගම් කියල උඹල ලේබල් කරන දේවල් වල ප්‍රශ්නයක් නෙමේ. කුරාණෙ බොරු කිව්වත් ඔහොම කෑගහන්නැතුව පිලිවෙලකට කතා කරන උන් ඕනෙ තරං ඉන්නව. නිව්ටන් කිව්වෙ බොරු කිව්වාම ඔහොම කියන උන් නෑ කියලද උඹ හිතන්නෙ ?

    මම උඹගේ ඔය උත්තරය ගන්න තමයි සරල විදියට කිව්වේ....
    ඔව් ආගම මිනිහගේ ප‍්‍රශ්නයක්.... ඒ වගේ මිනිස්සු ගොඩක් එකතු වුණාම ඒක ලොකු ප‍්‍රශ්නයක් වෙනවා... වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එකාම, වමට ගැහුවොත් දකුණත් දෙන්න කියන එකාම ”අඬේ කැරියා උඹ අපේ ආගමට ෂොට් එක දෙන්න ආවොත් බාවනවා” කියල කියනවා.... ආන්න එතනයි "ආගම මිනිහගේ ප‍්‍රශ්නය වෙනුවට ආගම මිනිස්සුන්ට ප‍්‍රශ්නයක්" වෙන්නේ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ඕනෙ වුනේ මිනිස්සුන්ගෙ හැදියාව ගැන කතා කරන්න නෙමේ. මම කියන්නෙ ඕනෙම දෙයක් බොරුයි කියල කියන්නෙ තවත් බොරු තොගයක් ඇත්ත කියල විශ්වාස කරගෙන කියල. මේ පෝස්ට් එක දාපු කෙනා ඔප්පු කරන්න බැරි නිසා මිථ්‍යා කියල පෙන්නන ගොඩක් දේවල් මිථ්‍යා කියන නිගමනේට ඇවිල්ල තියෙන්නෙ වෙන මිථ්‍යා තොගයක් ඇත්ත කියල උපකල්පනය කරල කියල. මිනී මරාගන්න ඕනෙ එකාට ඕනෙ කෙහෙම්මලක් අල්ලගෙන බෙදිල මරාගත්තෑකි. ඒකට ආගමක්ම ගෑවෙන්න ඕන්නෑ. සමාජවාදය ආගමක්ද ? ඔය අගේට ආගමක් නැතුව මිනී මරාගත්තෙ. මං කියන්නෙ සමාජයෙන් මිථ්‍යායි කියල අහක දාන ගොඩක් දේවල් මිථ්‍යායි කියල අහක දාන්නෙ ඒ සමාජෙ ඒ කාලෙ ඒ වාතාවරණෙ ප්‍රමුඛතාවය දීල පිලිගන්න තවත් මිථ්‍යා ගොඩක් ඇත්ත කියල අරගෙන. එහෙම සමාජයක ජීවත් වෙද්දි හිතෙන්නෙ තමන්ට කිසිම පදනමක් නැති විශ්වාස නෑ කියල. සේරම ගානට තර්ක කරල සාක්ශිත් ඇතුව ආපු නිගමන කියල. එහෙම දැනුමකිං පිරිච්චි සමාජයක් කවදාවත් ඇතිවෙලා නෑ. මහපොලොව දෙවි කෙනෙක් කියන විශ්වාසයටත් මහපොලොව භෞතික විද්‍යා නියම වලට අනුව වැඩ කරන පද්ධතියක් කියන විශ්වාසයටත් කියන දෙකටම වලංගුභාවයක් තියෙනව. එකක ඉඳන් අනිකට මිථ්‍යාවක් කියල හිනා වෙන එක විකාරයක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම උඹගේ ඔය උත්තරය ගන්න තමයි සරල විදියට කිව්වේ....
    ඔව් ආගම මිනිහගේ ප‍්‍රශ්නයක්.... ඒ වගේ මිනිස්සු ගොඩක් එකතු වුණාම ඒක ලොකු ප‍්‍රශ්නයක් වෙනවා... වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එකාම, වමට ගැහුවොත් දකුණත් දෙන්න කියන එකාම ”අඬේ කැරියා උඹ අපේ ආගමට ෂොට් එක දෙන්න ආවොත් බාවනවා” කියල කියනවා.... ආන්න එතනයි "ආගම මිනිහගේ ප‍්‍රශ්නය වෙනුවට ආගම මිනිස්සුන්ට ප‍්‍රශ්නයක්" වෙන්නේ...

    දැන් එතකොට ත්‍රිපිඨකේ බොරු කිව්ව කියල හැම පැත්තකම ඉන්න හැම මනුස්සයෙක්ම හැම කාලෙකදිම බොරුයි කියන එකාව බාවන්න හැදුවද ? හැම මනුස්සයම එහෙම හැම කාලෙදිම බාවන්න හැදුවෙ නැත්තං උඹ කොහොමද සාධාරණව ත්‍රිපිඨකේ ඇත්තයි (ත්‍රිපිඨකේ හරි කුරාණෙ හරි ප්‍රින්සිපියා මැතමැටිකා හරි මොකක් හරි) කියල පිළිගැනීමේ ප්‍රශ්නයක් තියෙනව කියල කියන්නෙ ? එහෙම නොවෙන මිනිස්සු ඉඳීම උඹේ ඔය තියරිය අනුව පැහැදිලි කරන්නෙ කොහොමද ?