වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    වීථි සුනඛයෙකු මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

    මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප සමාජයේ කොතෙකුත් දැක තිබුණද තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් මෙවැනි තීරණයක් ලබාදීම ලංකා ඉතිහාසයේ සැබවින්ම වැදගත් සංධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.

    පන්නිපිටිය විද්‍යාල හංදිය ප්‍රදේශයේ ජනතාවට ඊයේ (25) සුවිශේෂී දිනයක් වුයේ ඔවුන් 'බ්ලැකී' වෙනුවෙන් කළ ඉල්ලීමට මෙලෙස නීතියෙන් පිහිටක් හිමිවීම හේතුවෙනි.

    පන්නිපිටිය විද්‍යාල හංදියේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වන කාගෙත් ආදරය දිනාගත් 'බ්ලැකී' වසර පහළොවක පමණ කාලයක් එම ප්‍රදේශයේ ජීවත් වූ වීථි බල්ලෙකි.

    එම පටුමඟේ ජීවත් වන කාගේත් ආරක්ෂකයා වුයේත් 'බ්ලැකී' වූ නිසාවෙන්ම සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගැනීමට 'බ්ලැකී' සමත්ව සිටියේය.

    තුන්වේලටම කන්න දෙයක් නිරන්තරයෙන්ම ලැබෙන 'බ්ලැකී' පටුමඟේ නිවසක් අසල නිදහසේ වැතිරී සිටින්නේ කිසිවෙකුගෙන් බාධාවක් නොවූ හෙයිනි.

    සියලුදෙනාගේ ආදරය දිනාගත් 'බ්ලැකී' පසුගිය නොවැම්බර් මස 14 වන දින කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවී ඉතා අවාසනාවන්ත ලෙස මිය යන්නේ අලුබෝගහවත්ත පටුමඟේ ප්‍රදේශවාසීන්ගේ දෙනතට කඳුලක් එක්කරමිනි.

    ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ, එම රිය අනතුර සිතාමතා සිදුකළ එකක් බවටය.

    මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් සියලු වැඩරාජකාරි පසෙකලා නොවැම්බර් මස 16 වෙනිදා කොට්ටාව පොලීසියේ 'බ්ලැකී' ගේ මරණය වෙනුවෙන් පැමිණිල්ලක් ගොනුකළේය.

    එයට සත්ත්ව සුබසාධන සංගම්ද මැදිහත් වී තිබූ අතර, දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

    අදාළ නඩුව ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේ දී එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය දෙසැම්බර් මස 9 වනදා දක්වා මෝටර් රථය පැදවූ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට නඩුව යළි කැඳවීමටත් නියෝග කළේය.

    අධිකරණය මඟින් මෙම තීරණය ලබාදීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සියලුදෙනා එක්ව 'බ්ලැකී'ගේ නිසල දේහය තැන්පත්ව ඇති ස්ථානයේ ඉටිපන්දම් දල්වන්නට වුහ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    puduma ameniyawak tienne minissunta sattut ekka. e unata hena buddist . poosek ge passata rath una koorak anala tibba eka parak, tava 5kata gewal 2,3kin waha deela tibba, tava ekek ta acid daala deela mulu diwama pichila tibba, bag wala dala geta gahala parawal gaane visi karala tibba. okkoma un beragena vaccine karala neuter karala hoda tan walata dunna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    puduma ameniyawak tienne minissunta sattut ekka. e unata hena buddist . poosek ge passata rath una koorak anala tibba eka parak, tava 5kata gewal 2,3kin waha deela tibba, tava ekek ta acid daala deela mulu diwama pichila tibba, bag wala dala geta gahala parawal gaane visi karala tibba. okkoma un beragena vaccine karala neuter karala hoda tan walata dunna
    සමහරුන්ට උපතින්ම සහකම්පනය නෑ බන්. උන්ට පට්ට අවුල් අනිත් උන් කොහොමද මෙහෙම සත්තුන්ට උදවු කරන්නෙ කියල දකිද්දි. ඕක තරහක් විදිහට එලියට එන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    නියමයි 😍

    මොකද්ද රිමාන්ඩ් කරන්න හේතුව ??


    ගමේ උන් තරහට කිව්වම මොකද වෙන්නේ
    අනික රිමාන්ඩ් කරන්න හේතුව
    ------ Post added on Nov 26, 2025 at 12:16 PM
    අපරික්ෂාකාරී රිය ධාවනය. 🤷🏻‍♂️
    ------ Post added on Nov 26, 2025 at 12:19 PM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    එතකොට අයාලේ යන බල්ලෙක් පාරට පැනලා හැප්පුනොත් අපි හිරේ යන්න ඕනද හරි වැඩක්නේ ඒක පාරේ පාඩුවේ ගිය මගේ බයික් එකට කොහෙන්ද ඉඳලා කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිල්ලා හැප්පිලා මාව වට්ටලා දත් දෙකක් කඩලා බරපතල තුවාල කරපු වේසිගෙ බල්ලව දාපල්ල රිමාන්ඩ්
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    බව් බව් බල්ලො නම් දැන් ඔනිවට වැඩි. බල්ලො පොඩි නිසා blind spot සෙට් වෙන්න ඇති. බැහැලා බලලා බල්ලා කොහෙද ඉන්නෙ කියලා බලන්නද
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    එක්කො බල්ලව දැකදැකම ගෑනි වාහනේ අද්දන්න ඇති. නැත්තං කලිනුත් මොනාහරි කේස් වෙලා ඇති. ගමේ උන් බොරු කිව්වද දන්නෙත් නෑ ඉතින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    වීදි සත්තුන්ටත් අයිතීන් තියෙනවද දැන්
    අනිවා තියෙන්න එපැයි. නීතිය තියෙන්නෙ අපිට විතරක් නෙමෙයි. සත්තුන්ට, ගස් කොලන් වලට පරිසරයට ආදරය ආරක්ෂාව ලබා දෙන්නත් එක්ක. අනික උඹලමනේ මේක බෞද්ධ රටක් කියලා කියන්නේ. බෞද්ධ කමේ මූලික දෙයක් තමයි කරුණාව මයිත්‍රිය කියන්නේ. උඹලගේ ඒවා තියෙනවද? 🤷🏻‍♂️