මේකයි සීන් එක. මගේ ජිවිතේ මට තේරිලා තිබ්බ මම හරි කම්මැලි කියල. හැබැයි කරන සමහර දේවල් පට්ටම සක්සස්. ඒ උනාට මට හරිම ඉක්මනට කරන දේ එපා වෙන්න ගත්තා. මමත් මෝහනය දන්නවා. හැබැයි මටම ට්‍රීට් කරගන්න එක මට කරගන්න බෑ. අන්තිමට මම consultant psychiatrist කෙනෙක් හම්බුනා හොස්පිටල් එකට ගිහින්. මම පෞද්ගලික තැනකට නොගියේ ඇත්තටම ඒ වෙනකොට අන්තිමටම වැටිලා සල්ලිත් නැතුව හිටපු හින්දා. මගේ අක්ක ඩොක්ට. එයා consultant psychiatrist කෙනෙකුට කෝල් කරලා කිව්වා මල්ලි එනවා කියල. හැබැයි මට ප්‍රමුඛතාවයක් හම්බුනේ නෑ අක්ක ඩොක්ට කියල. මාත් ගියේ පෝලිමේ නොම්මර අරගෙන.
මට ප්රාධාන වශයෙන් දැනුන දේ තමයි කරන දේවල් හරි ඉක්මනට එපා වෙන එක කොටින්ම "start in a flash, end in a crash" කියන කතාව මට හරියටම ගැලපුනා. පුදුම නිදිමතකුත් තිබුනා. කොහොමහරි අන්තිමට ADD කියල තමයි ඩොකා කිව්වේ. එයා මට methylphenidate ගන්න ලියල දුන්න. කාට හරි ඕක ගන්න කියල තියනවා නම් වෙන බ්‍රෑන්ඩ් ගන්න එපා. රිටලින්ම ගන්න. ගත්ත දවසේ ඉඳල කම්මැලිකම ගියා, හැබැයි තව දෙයක් කියන්න ඕන. අපි ෆෝකස් වෙන දේ මොක උනත් ඒක නොකා නොබී හරි ඉවර කරන්න පුළුවන්. බඩගිනි දැනෙන්නෙත් අඩුවෙන්. ඒ නිසා අනිවා කෑමට පස්සේ ගන්න කියල කිව්වේ. හිත එහෙ මෙහෙ දුවන එක සම්පුර්ණයෙන්ම වගේ නැති උනා. හිටපු ගමන් මල පනින එකත් නැති උනා.
මට ඇත්තටම රිටලින් වලින් හම්බුනේ පොසිටිව් දේවල් විතරයි. කලකිරීම වගේ ෆීලින් සහ අනාගතේ ගැන අවිනිශ්චිත බව, බය සම්පුර්ණයෙන්ම වගේ නැති උනා.
මේක දාන්න හේතුව තමයි තමන්ට අව්ලක් තියන බව නොදන්නා අය ගොඩක් ඉන්න පුළුවන්. උඹලගේ ජිවිත හරි අතට යන්නේ නැත්නම් බය ලැජ්ජාව පැත්තක තියල රජයේ හරි පෞද්ගලික හරි psychiatrist කෙනෙක් හම්බෙන්න පලයල්ලා. එක උඹල, උඹල වෙනුවෙන් කරන හොඳම දේ වෙන්න පුළුවන්. මට දීපු බෙහෙත තමයි රිටලින්. වෙන ඒවා ගත්තට ඒ වගේ හොඳ අවධානයෙන් වැඩක් කරන්න තරම් අටෙන්ෂන් එකක් එන්නේ නෑ. මම දැන් මාස 3ක් විතර ගන්නවා. තාත්තා නැති උනාට පස්සේ තමයි මට ටිකක් සරට අවුල් වෙන්න් ගත්තේ. අම්ම නැති උනා මාස 4 කට කලින්. ඊට පස්සේ පීක් උනා සිම්ප්ටම්. හොස්පිටල් එකෙන් නිකන් දෙන එක නම් ඇත්තටම වැඩක් නෑ. ප්රෝග්රෙස් එකක් ඇත්තටම තියනවා රිටලින් වලින්. .
මොනවහරි දැනගන්න තියන්නම් අහන්න. ජිවිතේ ඉදිරියට යන්නේ නෑ වගේනම් දෙපාරක් හිතන්න එපා Professional ට්‍රීට්මන්ට් ගන්න.