World at War -BBC ඩොක් එක. කොටස් 26න් දෙවනි ලෝක යුද්ධය හෙනම සාර්ථක ලෙවල් එකකට විස්තරාත්මකව කවර් කරනව. Classic BBC at its best. Mother of all history documentaries.
--
Century of the Self - Adum Curtis ගෙ කොටස් 4 ක ඩොක් එක. මේකෙ තියෙන්නෙ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ ඇමරිකාව තමන්ගෙ දේශපාලනික, කෝපරේට් වැඩ වලට පබ්ලික් කන්සෙන්සස් එක හැඩගස්වගන්න ෆ්‍රොයිඩ් ගෙ මනෝවිශ්ලේෂනය පාවිච්චි කරපු විදිහ ගැන. මේව අදටත් පොලිටිකල් තින්ක් ටෑන්ක්ස් වල පාවිච්චි වෙන දේවල් වෙන්න පුලුවන්.
(Adum Curtus ගෙම Hypernormalisation කියන ඩොක් එකත් රෙකමන්ඩ් කරනව)
--
Bitter Rivals: Iran and Saudi Arabia - PBS Frontline. ඉරානයෙ සහ සවුදි දේශපාලනික ප්‍රශ්නය ඒකෙ මධ්‍යකාලීන ඓතිහාසික මූල වල ඉඳල වර්තමාන අර්බුද දක්වා කනෙක්ට් වෙන විදිහ ගැන කොටස් දෙකක විස්තරයක්. ඒ ඒ කලාප වල ආගමික ඒකාධිකාරයන් මූලධර්මවාදී ප්‍රවනතාවයන් වලට නැඹුරු උන විදිහ සහ අල්කයිඩා, හමාස්, තලේබාන් වගේ විවිධාකාර ප්‍රොක්සි ගෲප් ඔරිජිනේට් උනේ කොහොමද වගේ දේවල් ගැන අවබෝධයකුත් ඉබේම එන එක මේකෙ අමතර වාසියක්.
ඇමරිකන් ඩොක් එකක් නිසා පොඩි පොඩි හිස්තැන් පුරවගෙනම බලන්න කියල යෝජනා කරනව. හැබැයි IMO ලොකුවට පක්ෂග්‍රාහි ඩොක් එකක් නෙමේ කීයටවත්.
තව මතක් උනොත් පස්සෙ කියන්නම්.