බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද
සූර්ය බලශක්ති විදුලිය සහ රටේ විදුලි ඉල්ලුම
අදවන විට ලංකාවෙ උපරිම විදුලි ඉල්ලුම 2170 MW වෙනව. ඒ කියන්නෙ රාත්‍රී 7-9 අතර වෙලාවක මේ අගය සටහන් වෙනව. පහත පරිදියි විදුලි ජනනය වෙන්නෙ.
= 50 % ක් ද්‍රව ඉන්ධන
= 43 % ක් ගල් අගුරු
= 6.99 % ක් ජල විදුලිය
= 0.01 % ක් සුළං විදුලිය
දිවා කාලයේදී අපේ රටේ දළ විදුලි ඉල්ලුම 1600 MW පමණ වෙනව. අපේ රටේ සියලු නිශ්පාදන සහ සියලු කාර්යාල කාර්යයන් සිදුවෙන්නෙ මේ කාලයේදි. මේ ඉල්ලුමෙන් 900 MW පමණ නිපදවන්නෙ නොරෙච්චෝලෙ ලක් විජය බලාගාරය. ඉතින් ඉතිරි 700 MW විදුලි ඉල්ලුම සදහා දිවා කාලයේදී ජලවිදුලියට හෝ ඉන්ධන විදුලියට යන්න සිදුවෙලා තියෙනව.
අපි සහ සුද්දෙන්ම දන්නව මේ 700 MW ප්‍රමාණය නිපදවන්න ඉතා විශාල මුදලක් වැයවෙනව. සමකය ආසන්න රටක් වෙලා අපිට මේ 700 MW ප්‍රමාණය ලබාගැනීම සදහා සුදුසු සූර්ය විදුලි බලාගාර තිබුනානන් ඉතා කුඩා ඒකක පිරිවැයකට විදුලිය නිපදවාගන්න පුලුවන්.
එහෙනන් මොනවද අපට කලහැක්කෙ.
රජයක් විදියට විශාල ප්‍රමාණයේ සූර්ය බලශක්ති බලාගාර ඇතිකිරීම
නිවාස සදහා සූර්ය පැනල සවිකර අමතර නිපදවන විදුලිය පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කරවීම.
මීට අමතරව රාත්‍රී කාලයේ අවශ්‍යතාව උදෙසා හැකි තරම් ජලවිදුලිය ලබාගැනීමට හැකිවන පරිදි ජලය සංරක්ෂණය කිරීම.
දිවා කාලයේ සූර්ය පැනල මගින් අතිරික්ත විදුලි නිපදවීමක් වෙතොත් ජලාෂ වලින් පිටකෙරෙන ජලය ප්‍රයෝජන ගැනීමෙන් අනතුරුව නැවත එම ජලාෂ වලට පොම්ප කිරීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම. එම ජලය රාත්‍රි කාලයේ විදුලි ජනනයට යොදාගැනීම.
අපිට එකවරම සූර්ය බලශක්තිය මගින් රටම ආවරණය කිරීම තාක්ෂණිකව සහ ප්‍රයෝගිකව යන දෙයාකාරයෙන්ම බැහැ.
තාක්ෂණිකව ගත්තොත් සූර්ය බලශක්තිය මගින් අපට මුලු රටේම විදුලි බල ඉල්ලුමෙන් 20 % කට පමණ අඩුවෙනුයි තබා ගැනීමට හැකිවන්නෙ. හේතුව බෙදාගැරීම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙද්දි සූර්ය රශ්මිය අඩුවන අවස්තාවක එය අනෙකුත් බලාගාර වලින් බාරගැනීමට හැකි පර්දි උචිත ප්‍රතිශතයකින් පවත්වාගත යුතුයි.
ඒ නිසා රටක් විදියට සූර්ය බලශක්තිය සීමාවෙනව. (මෙම ප්‍රකාෂය තරමක් තර්කානුකූල කාරණාවක් බැවින් ඔබේ අදහස් එකතු කරන්න).
මගේ පුද්ගලික අදහසනම් අපි තනි තනිවම සූර්ය පැනල සහ බැටරි ආධාරයෙන් තමන්ගේම (Stand alone) විදුලි බලාගාරයක් නිවසේ සකසා ගැනීම. අවශ්‍ය මොහොතක ලබාගැනීමට පමණක් ජාතික පද්ධතියෙ සම්බන්ධයත් පසෙකින් තබාගෙන සිටීම සුදුසුයි. (නමුත් ආත්මාර්ථකාමී වැඩක් )
ශාන් ලක්මාල්

....