බල්ලගේ කණ තුවාල වෙලා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචන්ලා, අපේ බල්ලට දැන් අවුරුදු 16ක් විතර වෙනවා. උගේ කණ තුවාලවෙලා තිබුණා මිට සති කීප්යකට කලින්. ඩොක්ටට කියලා බෙහෙතක් ගෙනත් කන සුද්ද කරලා දැම්මා දැන් 03 වතාවක් විතර. ඒත් තාම සනිප නෑ. ඊට පස්සේ කපුරුබෝල කුඩු, කොහොබතෙල් එක්ක දැම්මා. ඒත් නෑ. මු කෑ ගහනවා වෙදනාවට. වයසත් නිසා අමාරු වෙන්න ඇති. බල්ලොන්ට මෙහෙම වෙදනාවක් දැනෙන නිසා මට හිතෙනවා මුට ඉන්ජෙක්ශන් එකක් ගහන්න. (මැරෙන්න) පශු වෙද්‍ය වර්යෙක්ට කියලා එහෙම කරගන්න පුලුවන්ද? ඒක පවක් වෙන එකක් නෑ මු මේ වෙදනාවෙන් විදිනවට වඩා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මචන්ලා, අපේ බල්ලට දැන් අවුරුදු 16ක් විතර වෙනවා. උගේ කණ තුවාලවෙලා තිබුණා මිට සති කීප්යකට කලින්. ඩොක්ටට කියලා බෙහෙතක් ගෙනත් කන සුද්ද කරලා දැම්මා දැන් 03 වතාවක් විතර. ඒත් තාම සනිප නෑ. ඊට පස්සේ කපුරුබෝල කුඩු, කොහොබතෙල් එක්ක දැම්මා. ඒත් නෑ. මු කෑ ගහනවා වෙදනාවට. වයසත් නිසා අමාරු වෙන්න ඇති. බල්ලොන්ට මෙහෙම වෙදනාවක් දැනෙන නිසා මට හිතෙනවා මුට ඉන්ජෙක්ශන් එකක් ගහන්න. (මැරෙන්න) පශු වෙද්‍ය වර්යෙක්ට කියලා එහෙම කරගන්න පුලුවන්ද? ඒක පවක් වෙන එකක් නෑ මු මේ වෙදනාවෙන් විදිනවට වඩා...
    ඇන්ටිබයෝටික් දුන් නැද්ද
     
    • Like
    Reactions: D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,917
    113
    Putting down a dog if he is unable to live happily is something accepted in other countries. No idea about here. Better ask a vet. But anyway why not consult another vet and get a course of med before you decide? And stop doing the local treatments as that might worsen the wound.
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෝමල් බල්ලෙක්ද නැත්තං ඇල්සේෂන් වගේ ජාතියක එකෙක්ද ?
    අපේ ගෙදර නං නෝමල් උන්ට දාන්නෙ මිරිස් කුඩු වතුරෙ දියකරලා. ළඟඳි අපේ එකෙක් බල්ලො කාගන ඇඟිලි දෙකක් දාන්න පුලුවන් තුවාලයක් බඩේ හදාගන. පස්සදෙැක්කෙ අපි. එතකොට බඩ ඉදිමිලා සැරව ගලනවා. පස්සෙ ඌව අල්ලගන මිරිස් කුඩු වතුරෙ දියකරලා තුවාලෙට දැම්මා. එක පාරයි. දැං හොඳටම හොඳයි.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එක ඩොක්ට කෙනෙක්ට පෙන්නලා ගෙනවේ, අනිත් කෙනාගෙන් කියලා ඉල්ලගෙන ආවේ. දැන් හොදටම අමාරුයි වගේ. අද ඩොක්ට කෙනෙක්ට ගෙදරට එන්න කිව්වා. එයාටත් පෙන්නලා අවසාන විසදුම ගන්නවා. හැබැයි මේ එන ඩොක්ටනම් කිව්වා එයා එහෙම ඉන්ජක්සන් ගහන්නේ නෑ කියලා. අපි කන බලලාම එයාගේ බෙහෙතත් දාලා බලමු කියලා.

    නෝමල් බල්ලෙක්ද නැත්තං ඇල්සේෂන් වගේ ජාතියක එකෙක්ද ?
    අපේ ගෙදර නං නෝමල් උන්ට දාන්නෙ මිරිස් කුඩු වතුරෙ දියකරලා. ළඟඳි අපේ එකෙක් බල්ලො කාගන ඇඟිලි දෙකක් දාන්න පුලුවන් තුවාලයක් බඩේ හදාගන. පස්සදෙැක්කෙ අපි. එතකොට බඩ ඉදිමිලා සැරව ගලනවා. පස්සෙ ඌව අල්ලගන මිරිස් කුඩු වතුරෙ දියකරලා තුවාලෙට දැම්මා. එක පාරයි. දැං හොඳටම හොඳයි.
    නෝමල් බල්ලෙක් (දෙමුහුන්)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කනේ ඔළුවේ එන තුවාල හොඳ වෙන්නෙ කලාතුරකින් බං. අපෙ බල්ලො දෙන්නෙක්ම මැරුණා කන තුවාල වෙලා පණුවෝ ඇවිල්ල. බෙහෙත් කරාට හොඳ කරන්න බැරි වුණා.
     
    • Like
    Reactions: D_Mad

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කන ඇතුළෙද පිට ද? පව් බන් කපුරුබොල කොහොබතෙල් වගේ දේවල් දාන්න එපා මාරම වේදනාවක් උන්ට , බෙටදින් එක්ක තව කුඩු වර්ගයක් දෙනවා ඩොක්ටර් මික්ස් කරලා ගාන්න කියලා එකට අඩු වෙනවා , මිරිස්කුඩු , එනම් මනම් දාන්න එපා පව් බන් ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් උගේ අන්තිම කාලේ..තුවාල හොඳ වෙනවා අඩුයි. ඒක එක ජරාව නොදා සේලයින් වලින් හෝදලා හොඳ බෙහෙතක් දාපන්. කෑමට antibiotic කලවම් කරල් දීපන්.
     
    • Like
    Reactions: The Hacker

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    godak wayasada? ape poosage lagadi kan dekema thuwala awa. passe gentian violet / negasunt damma dan nm godak durata hari. eth ballek nisa doctor knkta pennanna.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙන ඩොකෙක්ට පෙන්නපන්. පව්කාර වැඩවලට අත ගහන්න එපා මචන්. ඇන්ටිබයොටික් එකක් ඉල්ලගෙන පොවපන්. බොන්නෙ නැත්නම් කට ඇරලා පෙති ටික කටට දාලා තද කරන්න. එතකොට ඒවා බඩට යනවා. සතාව මැරුවොත් උබ කවදා හරි ඕක ගැන හිතලා විදවනන් ඉඩ තියනවා
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒක පවක් වෙන එකක් නෑ මු මේ වෙදනාවෙන් විදිනවට වඩා...
    වේදනා විඳ විඳ වුණත් තව මොහොතක් හරි ජීවත් වෙන්න හැම කෙනෙක්ම කැමතියි. ඒ හින්දා තුවාලෙ හොඳ කරගන්න විදිහ ගැනම හිතපන්.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මෙන්න මේ විදියට කරලා බලපන්

    01. බල්ලව හොදට නාවල මැස්සෝ අඩු, පිරිසිදු තැනක දම් වැලකින් ගැටගහන්න (යන්න දෙන්න එපා කෙහේවත්.)

    02.නෙගසාන් කියල සුදුපාට කුඩක් තියෙනවා, එක තුවාලේ උඩට හොදට දාන්න. එහෙම දාල දවසක් විතර තියන්න.

    03. ඊලග දවසේ තුවාලේ ආයෙත් හොදට සෝදන්න. නෙගසාන් දැම්මම තුවාලේ කබොල්ල වගේ හැදෙනවා, එක ගැලවිලා යනකන් හොදට හෝදන්න. නැත්නම් තුවාලේ ආයෙත් පැසවන්න බලනවා

    04. දෙවැනි දවසෙත් ආයෙත් ඒ විදියටම නෙගසාන් දාල හෝදගන්න (දැන් තුවාලේ පනුවෝ එක්කෙනෙක් වත් නෑ )

    05. බේතඩීන් තමා හොදම බෙහෙත. පුළුන් අරගෙන වක්කෙරෙන්නේ නැති ගානට පොගවාගෙන තුවාලේ හොදට පිහදාන්න. ඊට පස්සේ පොවා ගත්ත පුළුන් ටිකක් තියල හොදට වෙලන්න .

    06. ඒ විදියට තුවාලේ හොද වෙනකන් බේතඩීන් දාන්න.

    දවස් දෙකකට සැරයක් නාවන්නත් අමතක කරන්න එපා. බෙහෙත් දානකොට හැමදාම තුවාලේ හොදට සෝදන්න.


    බවුවට ඉක්මන් සුව....! <3