බල්ලට_ගිය_මනුස්සකම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බල්ලට_ගිය_මනුස්සකම

    බල්ලට ගිය මනුස්සකම

    අද පෝය දවස නිසා පාර පුරා මිනිස්සු,පිංකම් වලට යනවා.කතරගම යනවා.මේ සිද්දිය උනේ හේනකඩුව පුරාන රජමහා විහාරයට පොඩ්ඩක් එහාපැත්තෙ.ඉස්සරහ තිස්සපාර.මේ පේන්න තියන පාරෙත් වාහනවලින් අඩුවක් තිබ්බෙ නෑ.ඔය පේන්න ඉන්න මනුස්සය ඔහොම පාරෙ වාඩිවෙලා හිටියා.මීහරක් රැලකට පිටිපස්සෙන් ආපු (සම)හරක් රැලකුත් ඔය මනුස්සය හිටිය තැනින් වාහනෙ පොඩ්ඩක් එහාට කරං ගියා.වෙලාව උදේ 8ට විතර ඇති.

    මට වාහනයක් නෑ.මං පයිං යද්දි තමයි වැඩේ සෙට් උනේ.

    "සීයට කොහෙද යන්න ඕන?"
    "ඉස්පිරිතාලෙට"
    "අද පෝයනෙ.ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නෙ නෑ."
    "නෑ නෑ කමක් නෑ.අනේ මහත්තයෝ මාව බස් එකකට දාන්න"

    ඒවෙලාවෙ එතනින් වීල් එකක් අපිව පහු කරං ගියා..සීයට කෙලින් ඉන්න බෑ.අමාරුවෙන් සීයව උස්සල පාරෙ කොනකට කරාට පස්සෙ මං ඒ වීල් එක පස්සෙං දිවුවා.

    "අයියෙ අයියෙ අර සීයව අර ඉස්සරහ හන්දියට පොඩ්ඩක් එක්ක යන්න පුලුවංද?පව්.ඇවිදගන්න බෑ"

    "මිනිහගෙ හැටි බලන්නකො මල්ලි.ජරාව නේ කොහොමද දාං යන්නෙ?"

    කියපු ඩයල් එක මටත් රවලා වීල් එක ආවටත් වඩා වේගෙන් අරං ගියා.ඒ වගේම එතනින් ගිහිපු කාර් එකක් කිවුවෙ අතන හංදියෙන් මිනිහව ඉන්දලා ගෙදර යන්න කියලා.ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕන මනුස්සයා මඟින් ඉන්දල ගිහිං මොනව කරන්නද.ඉරිච්ච කමිසෙ සාක්කුවක රු.50ක් තිබ්බා.ඒක මට පෙන්නල කාගෙන්ද ඉල්ලගත්තා කිවුවා.ටික දුරක් මං වාත්තුකරං එක්කං ගියා.වැඩේ හරිගියේ නෑ සීයා වෙව්ලන්න ගත්තා.කලන්තෙත් දැම්මා..කෝල් කරල ගෙන්නන්නවත් වාහනයක් තිබ්බෙ නෑ.කරන්නම දෙයක් නැතිකමට මං 1990 ගැහුවා.

    "හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය.කෙසේද ඔබට සහයවන්නෙ?"
    "පාරෙ සීයා කෙනෙක් වැටිල ඉන්නවා.මට උදව් ඕන ඉස්පිරිතාලෙට ගෙනියන්න."

    මගෙන් විස්තර ලබාගත් පසු ඔවුන් මාව තංගල්ල අංශයට සම්බන්ද කලා.කෝල් එක අරං විනාඩි 15ක් ඇතුලත ambulance එක ආවා.ඩෙට්‍රෝස් එකක් දීලා වාහනේ ඩ්‍රයිවිං කරං ආපු අයියගෙ අතේ සල්ලිවලින් සීයට කෑමත් ගෙනත් දුන්නා.කෑම ටිකක් හංගගත්තා.

    "ඇයි සීයෙ කෑම හංගගත්තෙ?"
    "මගේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා.උංදෙන්නත් බඩගින්නෙ."
    "සීයා ඕක කන්නකො.අපි තව කෑම අරං දෙන්නම් උන් දෙන්නට"
    "එපා! මං මේක රෑට කන්න තියාගන්නම්"
    "සීයට රෑටත් අපි කෑම අරං දෙන්නම්"
    "එපා මං මේක තියාගන්නම්."
    "සීයගෙ ගෙදර තව කවුද ඉන්නෙ"
    "කවුරුත් නෑ.මං විතරයි."
    "සීයට කොහෙද යන්න ඕන?"
    "මට බැංකුවට ගිහිං ඉස්පිරිතාලෙට යන්න ඕන බැංකුවෙන් 1500ක් දෙනව මට"
    "අද පෝයනෙ බැංකු වහලා"
    "එහෙනම් ගෙදරට ගිහිං දාන්න.මට ජබර කලන්තයක්.හැදිල.තිබුනෙ.දැං මට හොඳයි"

    "භාරකාරයෙක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනිච්චම අපිටත් බැනුම් අහන්න වෙනවා මල්ලි"
    ඒ ආපු නර්ස් අක්ක කෙනෙක් එහෙම කියල අදාල වසම භාර ග්‍රාම නිලධාරී තුමියව සම්බන්ධ කලා

    ඒ වසම අයිති ග්‍රාම නිලධාරී තුමියව සම්බන්ධ කරාට පස්සෙ නෑදෑයින්ටත් කියල එතුමියත් එතනට ඉක්මනින්ම ආවා.නෑදෑයොනම් කවුරුවත් හිටියෙ නෑ.ආවෙත් නෑ.කෝල්.කලෙත් නෑ.විස්තර දැනගත්ත විදියටනම් සීයගෙ නෑදෑයො ලොකු සල්ලිකාරයො.ඉඩකඩම් සේරම ලියල දීලා ගෙදරකට වෙලා තනියෙන් ඉන්නවා.පිංපඩිය ගන්න පන්සලට යනවා.සල්ලි නැති දව්සට පන්සල ගාව හිඟාකනවලු.

    හුඟක් වෙලා එතනට වෙලා බලං ඉඳල පාරෙ යන වීල් එකක් හයර් එක දෙන්නම් කියල නවත්තගෙන සීයව ගෙදරට ගිහිං දැම්මා.ambulance එකේ ගෙදරට යන්න බෑ.ඒක එයාලට ප්‍රශ්නයක් වෙනවා.කොහොමහරි ඒ සේවාවනම් ඉතාමත් අගය කරන්න ඕන.මට මතකයි ඕක ලංකාවට ආපු දවස්වල මිනිස්සු ඕකට බැන්නා.ඉන්දියාවෙන් ජරාවල් ගෙනල්ල කියලා.ඒ ජරාවල් හොඳයි අපෙ ජරා මිනිස්සුන්ට වඩා.කීපවතාවක්ම 1990 සේවාවෙන් මට කතාකරල ඇහුවා ambulance එක ආවද කියලා..පාරෙ යන වාහනේක වයසක මනුස්සයෙක් දාං යන්න බැරි උන්ට මොන පිරිසිදුකමක් ද?

    මට තියන එකම ප්‍රශ්නෙ මිනිස්සු පංසල් වලට යන්නෙ කතරගම යන්නෙ පල්ලි වලට යන්නෙ මොන මගුලටද කියලයි.පෝස්ට් එක දැම්මෙත් පොර වෙන්න නෙමෙයි.බලන එකෙක්ට හරි දෙයක් කියන්න.මහලොකුවට සුදු රෙද්දක් පොරවන් 2500ක මෙව්ව එකක් ගැන කිය කිය පෝස්ට් ශෙයාර් කලාට වැඩක් නෑ,පන්සල් ගානෙයි දේවාල පල්ලි ගානෙයි ගිහිං ආගම ඇදහුවට වැඩක් නෑ අහිංසක මනුස්සයෙක්ට උදව්වක් කරන්න බැරිනම්.ආගම ධර්මය ජාතිය තියෙන්න ඕන හදවතේ මිසක් පිට පොත්තෙ නෙමේ.පෝය දවසෙවත් ඔය කුනු වෙච්ච පිට හම ගලවල පොලවෙ පය ගහන්න හුරු වෙයං.නැත්නම් උඹයි මායිත් පාරට වැටුන දවසක ඔය ඉරණමටම මුහුන දෙන්න වෙයි.ලෑස්තිවෙලා හිටපං ඉතිං...




    42435645_324366938297984_214801759833423872_n.jpg




    42429500_324366978297980_7291858963908263936_n.jpg



    42449505_324367014964643_5334094909114679296_n.jpg




    උ.ගැනීමකි
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    සිරා කතාව සමහර උන්ගෙ මනුස්සකම නම් බල්ලට ගිහින් තියෙන්නෙ. අපේ ගමේ පන්සලේ උන් ටික අවාරෙට දන්සල දෙන්නෙ. අද තිබ්බෙ ඒක. ඉතිං ඒකේ පෝලිම දිගට තිබ්බා.. ඕකේ මිනිස්සු පෝලිමේ ඉන්නකොට බයිසිකල්වල කොල්ලෝ සෙට් එකක් ආවා.

    එකෙක් ඇහුවා මාමෙ ගෙවල්වල කන්න දෙන්නේ නැද්ද මාමෙ කියල.
    අර මනුස්සයා කිව්වා කන්න දෙන්නෙ ඔයාලා නෙවේනෙ පුතා අපි කන්න ඕන විදිහට කන්නම් කියලා
    ඒ පාර අර බයිසිකලේ ආපු කොල්ලා කිව්වා අහ් හරි මාමෙ සොරි කියලා
    ඒ පාර අර වයසක මනුස්සයා හිතුවෙ මුන් මේ ඇත්තට කිව්වයි කියලා, ඒ මනුස්සයා කිව්වා හරි පුතා හරි කියලා.

    එතකොටම අර බයිසකල්වල හිටපු බල්ලො සෙට් එක අනේ හුකහන් නාකියෝ කියලා කෑ ගහගෙන රේස් කරගෙන ගියා. අර මනුස්සයා දරුවො දෙන්නෙක් එක්ක හිටියෙ. අනික ගමේ අඳුරන සේරම හිටියා. මිනිස්සුන්ගේ මනුස්සකම් නම් බං බල්ලට ගිහින් දැන්.. හොඳම වැඩේ ඒක කරපු උන් ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා එළකිරියෙ. මේ බලපන්...

    https://www.elakiri.com/forum/showthread.php?p=16773565#post16773565

     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මේ හද පාරන කතාව බෙදාගත්තට ස්තූතියි සහෝ.. රෙප් 100+ :yes:
    දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා සහෝ... :)
    ඔයා වගේ නෑ සහෝ හැමෝම.. හැදියාවෙන් තොරයි අද සමාජය.. :(
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Ehema thama bn ada manussakam awanka kam na. Thiyrnne minissu gawa irisiyawa kuhaka kama witharamai bn.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන කතා නම් එච්චරම පැහැදිලි නැ, ත්‍රීවිල් කාරයෙක් කවදාවත් අසරන මනුස්සයෙක් දාල් යන්නෙ නැ,ඒක පචයක්..අනික කතරගම, තිස්ස ගැන කියල තිබ්බත් එහෙම් පාරක් පේන්නෙත් නැ..ඔය කොහෙ හරි අතුරු පාරක උන සිද්දියකට කුහක මිනිහෙක් අලුත් අර්ත කතනයක් දීල විතරයි..දකින හැමදේම විස්වාස කරන්ඩ එපා පානදුරේ එලවලු මැස්ස මතක තියාගන්න..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන කතා නම් එච්චරම පැහැදිලි නැ, ත්‍රීවිල් කාරයෙක් කවදාවත් අසරන මනුස්සයෙක් දාල් යන්නෙ නැ,ඒක පචයක්..අනික කතරගම, තිස්ස ගැන කියල තිබ්බත් එහෙම් පාරක් පේන්නෙත් නැ..ඔය කොහෙ හරි අතුරු පාරක උන සිද්දියකට කුහක මිනිහෙක් අලුත් අර්ත කතනයක් දීල විතරයි..දකින හැමදේම විස්වාස කරන්ඩ එපා පානදුරේ එලවලු මැස්ස මතක තියාගන්න..

    Unp ekata chande dena threewheel karayek nam?:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ත්‍රිවිල් කාරයො එහෙම කරන්නෙ නැ ඒක ටොන් පචයක්

    හා මචන් උඹ කියන දෙයක් තමයි ඉතින් අපිට විස්වාස :yes::yes::yes::yes:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Oya wage Uncle la godak innawa ban ada loke.... habai Uncle lagen athal gaththa ubalath wayasata yana bawa therum gaththa eka watinawa....



    P.S. dan thread dekama bump karanawa. REP tika balance wela thiyei. Luxman aiyage method eka wage.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිරා කතාව සමහර උන්ගෙ මනුස්සකම නම් බල්ලට ගිහින් තියෙන්නෙ. අපේ ගමේ පන්සලේ උන් ටික අවාරෙට දන්සල දෙන්නෙ. අද තිබ්බෙ ඒක. ඉතිං ඒකේ පෝලිම දිගට තිබ්බා.. ඕකේ මිනිස්සු පෝලිමේ ඉන්නකොට බයිසිකල්වල කොල්ලෝ සෙට් එකක් ආවා.

    එකෙක් ඇහුවා මාමෙ ගෙවල්වල කන්න දෙන්නේ නැද්ද මාමෙ කියල.
    අර මනුස්සයා කිව්වා කන්න දෙන්නෙ ඔයාලා නෙවේනෙ පුතා අපි කන්න ඕන විදිහට කන්නම් කියලා
    ඒ පාර අර බයිසිකලේ ආපු කොල්ලා කිව්වා අහ් හරි මාමෙ සොරි කියලා
    ඒ පාර අර වයසක මනුස්සයා හිතුවෙ මුන් මේ ඇත්තට කිව්වයි කියලා, ඒ මනුස්සයා කිව්වා හරි පුතා හරි කියලා.

    එතකොටම අර බයිසකල්වල හිටපු බල්ලො සෙට් එක අනේ හුකහන් නාකියෝ කියලා කෑ ගහගෙන රේස් කරගෙන ගියා. අර මනුස්සයා දරුවො දෙන්නෙක් එක්ක හිටියෙ. අනික ගමේ අඳුරන සේරම හිටියා. මිනිස්සුන්ගේ මනුස්සකම් නම් බං බල්ලට ගිහින් දැන්.. හොඳම වැඩේ ඒක කරපු උන් ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා එළකිරියෙ. මේ බලපන්...

    https://www.elakiri.com/forum/showthread.php?p=16773565#post16773565


    :rofl::D