බල්ලන් ගැන

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචං කවුද ඉන්නේ බල්ලෝ ඇති කරන අය...

    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    2. දෙන විටමින් එහෙම මොනවද?
    3. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    4. උන්ට කන්න දෙන්නේ මොනවද?

    දැන ගන්නත් එක්ක බල්ලගේ Photo එකක් එක්ක reply කරන් යන්න මචංල කාට හරි උදවුවක් වෙයි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Oya okkotama kalin kiyahanko ubala gedara dawas ganan nathi dawaswalata balla kanne bonne kohomada kiyala? Salli deela yanawada handiyen kapan kiyala, naththan ahala pahala minssunta wada denawada kama danna kiyala, ehemath naththan u ona tharam dawas badaginne innawada?

    Mama onna oya seen eka nisa ballo hadanne na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    Oya okkotama kalin kiyahanko ubala gedara dawas ganan nathi dawaswalata balla kanne bonne kohomada kiyala? Salli deela yanawada handiyen kapan kiyala, naththan ahala pahala minssunta wada denawada kama danna kiyala, ehemath naththan u ona tharam dawas badaginne innawada?

    Mama onna oya seen eka nisa ballo hadanne na.
    ආදුරන කෙනෙක්ට සල්ලි දීල යනවා කෑම දෙන්න කියලා හැමදාම.. හොරෙක් වගේ එකෙක්ට දෙන්න එපා. බල්ලන්ට කැමති , බල්ලෝ හදන කෙනෙක්ට වැඩේ බාර දුන්නම ඒ ටික බලාගනී. නැත්නම් බල්ලෝ නවත්තල යන තැන තියනවා. හැබැයි එහෙම එකක ඉදල අපේ අල්ලපු ගෙදරක සුපිරියට හිටපු ජර්මන් ෂෙපර්ඩ් එකෙක් මලා. ඒ මිනිස්සු එද්දී බල්ලා වල දාලත් ඉවරලු. සුපිරියටම maintain කරපු train කරපු සතෙක්.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    දැන්නම් ඉන්නෙ රොටෙක් (rottweiler), ඊට කලින් german shepherd & doberman ඉදල තියෙනව :yes: ;) ඉදපු බල්ලොන්ගෙන් loyaltyඑක අතින් උපරිමේම ඉන්නෙ දැන් ඉන්න රොටාතමයි, කීකරු මට විතරයි, හැබැයි වෙලාවකට controlනැත. සැර වැඩියි. මුලින්ම හදන සුරුතලා විදියට රොටෙක් recommend කරන්නේ නැත.
    1. දෙන විටමින් එහෙම මොනවද?
    විටමින් කියන්නෙ පොඩිම කාලෙ තමයි දෙන්න සෙට් වෙන්නෙ, විටමින් වල නම නම් දන්නේ නෑ එකේක ඒවා දෙන්න කියනවා වෙට්, පොර ලියල දෙන එක ගෙනත් දෙනව, කෝට් එක ශයින් වෙන්න දෙන්න එකක් තියෙනව, ලෝම යනවට තව එකේක ඒව තියෙනව, බල්ලගෙ බර අනූව වෙට් දෙන්න කියන එක දෙනව.
    1. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    පොඩිම කාලෙනම් parvo කියල ලෙඩක් හැදෙනව පැටවුට, ඒකෙන් තමා ගොඩ දාගන්න තියෙන්නෙ, හරියට ට්‍රීට් කරේ නැතොත් පැටිය ඉවරයි ඉතින්, තව පස්ස පන නැති වෙන ලෙඩක් එනව බන්, තව ටික් ෆීවර්(tick fever ) කියල එකක් එනව කිනිතුල්ලොන්ගෙන්, ඕක එන්නෙ බල්ලගෙ ඇගේ කිනිතුල්ලො බෝවෙලා වැඩිවුනාම, ලෝම ගොඩක් තියෙන බල්ලොන්ට මේක එනව ගොඩක් වෙලාවට, ඔය තුන තමා මට සෙට් වෙලා තියෙන අත් දැකීම්.
    1. උන්ට කන්න දෙන්නේ මොනවද?
    පොඩි කාලෙනම් ඩෝග් ෆුඩ් එක්ක එලකිරි දෙනව, පාන් එලකිරි වල පොගවල දෙනව, ඒවට විටමින් පෙත්තක් වෙට් දෙනව ඒකත් කලවම් කරල දෙනව ටිකක් ලොකු වෙනකම්, එලකිරි හැමදාම උදේට මම ගෙනත් පොවනව කිරි බෝතලෙන්, ටිකක් ලොකු වෙද්දි මුදවපු කිරි බත් වලට කලවම් කරල අනල දෙනව. ලොකු වෙන්න වෙන්න පලා ජාති එක්ක මාලු කටු, සෝයා ලූස් ගෙනාපුවා, මස් කඩ වලින්කපල අයින් කරන මස් කටු එකට බත් එකට දාල වෙනමම බත් එකක් හදල දවසට වේල් දෙකක් දෙනව. තුන් වේලම දෙන්න එපා කියල තමා වෙටා කියල තියෙන්නෙ.

    මේ ඔක්කොම එක්ක හරියට වෙලාවට පනු බෙහෙත් දෙන්න ඕන අමතක නොකර, නැත්නම් ගල්,තනකොල කකා වමනෙ දාන්න පටන් ගන්නව.

    ඕව තමයි මචන් මගේ අත් දැකීම බල්ලො හදපු දේවල් සම්බන්දව, ටෙක්නිකලි මං ඉගෙනගෙන බල්ලො හදල නෑ, මට වෙට් කියල දෙන විදියට මම කරන්නෙ. :yes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    පාරෙන් ගෙනාපු පැටැව් දෙන්නෙක්...
    දැන් ලොකු උන්...

    දෙන විටමින් එහෙම මොනවද?
    පොඩි කාලෙ මල්ටි විටමින් දුන්න..
    නම මතක නැහැ

    බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    ජලභිකාව (මෙය සතුන්ගෙන් මිනිසුන්ටද වැලදේ) සතුන්ට සේම මිනිසාටද මාරාන්තිකයි
    පාවෝ... (මෙය සතුන්ගෙන් සතුන්ට වැලදේ) (සතුන්ට මාරාන්තිකයි)
    පස්ස ගාත් පන නැතිවෙන ලෙඩ (මේක හැදුනොත් දුකිවිදිනව සතා)
    (මේවාට සෑම අවුරුද්දකම එන්නත් කල යුතුය)
    කිනිතුල්ලන් සිටින්නේ නම් ඒ සදහා බෙහෙත් කළ යතුය..(කිනිතුලු උන සතුන්ට මාරාන්තිකයි)
    මාස 3 කට සැරයක් පණු බෙහෙත්

    උන්ට කන්න දෙන්නේ මොනවද?
    බත්, මාලු, මස්, එලවලු, බල්ලන් සදහා වෙනම සකස්කරන ලද කෑම
     
    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      29.4 KB · Views: 130
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    ජර්මන් ෂෙපර්ඩ්

    2. දෙන විටමින් එහෙම මොනවද?
    මාස තුනක් යනකල් නම් විටමින් වර්ග දෙකක් දුන්නා, නම් නම් මතක නෑ. තව කැල්සියම් කුඩු කෑම වලට කවලම් කරල දුන්නා. මුල් මාස තුනෙන් පස්සේ ඊලඟ මාස තුන යනකල් විටමින් වර්ග දෙකෙයි කැල්සියම් වලයි ඩෝස් එක
    වැඩි කරල දුන්නා වෙට් කිව්ව විදියට. දැන් නම් කෝට් එක ෂයින් වෙන්නයි ස්කින් එකටයි විටමින් එකක් දෙනවා.

    3. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    අපේ එකා බට්ටා කාලේ නම් එක පාරක් කුණු වලේ තිබුන මාළු සුද්ද කරපුව වගයක් කාලා, දවස් තුනක් යනකල් බඩ යාමයි වමනෙයි තිබුනා. රෑ නිදි මරාගෙන හෙන ගේමක් දීලා තමයි ගොඩ ගත්තේ. ඊට පස්සේ නම් කුණු ගොඩවල් අවුස්සන්න ගියේ නෑ. ඒ කේස් එකෙන් පස්සේ නම් තාම දෙයියනේ කියලා ඒ වගේ ලොකු ලෙඩක් ඇවිල්ලා නෑ. දැන් තියෙන ලොකුම අවුල තමයි ෆන්ගල් කේස් හැදිලා තියෙන එක. ගොඩක්ම බෙල්ල යටයි, බඩ දෙපැත්තයි තමයි කහන්නේ. ඒ කහපු පොට් වල ලෝම ගිහින් හම කළු පාට වෙනවා. ඉන්ජෙක්ශන් ගැහුවා, බෙහෙත් දුන්නා, ක්‍රීම් ගෑවා බට් තාම සම්පූර්ණයෙන්ම සනීප නෑ. කොහොමත් GSලට ස්කින් ඩිසීසස් ලොකුවමට එනවා කියනවනේ.
    ඒ ඇරුනම මාස තුනකට සැරයක් පණු බේත් දෙන්න ඕන. පණු බේත් දෙන්නේ බල්ලගේ බර අනුව, සාමාන්‍යෙන් කිලෝ දහයකට එක පෙත්ත ගානේ. අපේ ඩෑල් එකට නම් පෙති හතරක් දෙනවා. පණු බේත් දෙන එක එහා මෙහා උනොත් පණු අමාරුව එන්න පුළුවන්. අපේ ඩෑල් එකට පෙති හතර දෙන එක මාසයක් වගේ පහු වෙලා එක දවසක් රෑ අටට විතර මූට වමනේ යන්න වගේ එන්න ගත්තා හැබැයි වමනේ යන්නේ නෑ. එවෙලෙම වෙට් ට කෝල් එකක් අරන් සිම්ටම්ස් ටික කිව්වා. වෙට් කෙලින්ම ඇහුවේ පණු බේත් වේලාවට දුන්නද කියලා. බලනකොට මාසයක් පහු වෙලා නේ. ඒ වෙලාවෙම ෆාමසියට ගිහින් පෙති ටික ගෙනල්ල දුන්නා.

    2. උන්ට කන්න දෙන්නේ මොනවද?
    පොඩි කාලේ නම් දවසට වේල් හතරක් කිරි දුන්නා. ඒ දවස් වල ඉතින් මහ රෑට එලාම් තියාගෙන කිරි හදලා , පොවලා , චූ කරවන්න එළියට අරන් ගිහින් හෙන යුද්ධයක් තමා කෙරුවේ. ඊට පස්සේ ඩෝග් ෆූඩ්ස් දුන්නා. ඊටත් පස්සේ බත් වලට පුරුදු කරා. දැන් නම් බත් එක්ක මාළු, පලා, වට්ටක්කා තමයි ගොඩක්ම දෙන්නේ. ඔය අතරේ මාසෙට දෙතුන් සැරයක් වගේ මාළු වෙනුවට කුකුල් මස් දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120 and S_M_S

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    ජාතියක් , ජන්මයක් දන්නෙ නෑ, අතුරුගිරිය හයිවේ බ්‍රිජ් එක ගාවින් අහුල ගත්තෙ 😬

    2. දෙන විටමින් එහෙම මොනවද?
    මේකිට පොඩි කාලේ දුන්න විටමින් කෝස් එකක්, එකක් 1500යි, ඕනෙ වෙට් කෙනෙක් ගාව තියනව, එකයි මේ නැට්ටෙ බූල් ඇවිල්ල තියෙන්නෙ. නැතුව කලවන් එකියක් නෙවෙයි.

    3. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    Rabies, Distemper, Parvo (most common)වලට vaccine course එකක් තියනවා, annually දෙන්න ඕනෙ, පනු බේත් මාස 2කට පාරක්

    4. උන්ට කන්න දෙන්නේ මොනවද?
    බත් තමා, කරි චිකන්/ මාලු ගෙනල්ලා, වේලකට කෑලි 2ක් පරිප්පුත් එක්ක අනලා දෙනවා. වැඩිය මිරිස් කන්නෙ නෑ. සැමන් කන්නෙ නෑ. බිත්තරත් අවුලක් නැතුව කනවා :ROFLMAO: :ROFLMAO:

    IMG_20191019_084326.jpg
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
      German Shepherd - long coat.

    2. දෙන විටමින් එහෙම මොනවද?
      පොඩිකාලේ vetzyme stress + vetzyme BE+ දුන්න. vet තමයි කිව්වෙ දෙන්න කියලා. අවුරුද්දක් වගේ වෙනකල් දුන්න. දැන් දෙන්නේ petvit කියල syrup එකක්. vetzyme දෙන්න ගියොත් බංකොලොත් වෙනවා :D

    3. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
      tick fever, එනවා ticks ලාගෙන්.ගේමක් දෙන්න ඕන උන්ගෙන් බේරගන්න. nexguard දෙනවා ඒක නිසා. තව tick shampoo දාලා නාවන්නේ. අපේ එකාට ගිය අවුරුද්දෙ බල්ලන්ට හැදෙන corona variant එකක් හැදිලා අමාරුවෙන් බේරගත්තෙ saline එහෙම දීලා.
      පණුබෙහෙත් (drontal) දෙන්න ඕන බර අනුව, tablet per 10kg.

    4. උන්ට කන්න දෙන්නේ මොනවද?

      පොඩිකාලේ බබාලට දෙන කිරි සහ dog food. දැන් උයනවා වෙනම කොලජාති + protein source (chicken parts or fish). රෑට milk + bread. තව dog food තියාගෙන ඉන්නවා තෑගි විදියට දෙන්න සහ හදිසියට ගන්න. ඊට අමතරව හැමදාම ගෙදර බිඳින පොල්වල වතුර දෙනවා. එතකොට ආයේ වෙන vitamin ඕන නෑ. බූල් හින්දා උෂ්නෙටත් හොඳයි ඒක. තව අපේ එකා නොකන පලතුරක් නෑ.
    20200727_183545.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වල් බල්ලෙක්ව තමයි දැන් හදන්නේ. ඌව අපි ගෙනාවේ නෑ. ඌ කාත් කවුරුත් නැතුව ඉද්දි තමයි අපේ ගෙදරට ආවේ. අපිත් ඒ වෙද්දි ගෙදර බල්ලෙක් හිටියේ නැති නිසා ඌව ගෙදරට ගත්තා.

    හොද සතෙක්ට ගහන්න ඕනි බෙහෙත් ඔක්කොම ටික විදලා තියනවා. මැක්කො එනකොට ඒකට වෙනම බෙහෙත් අරන් ඇවිත් ගානවා. කෑම බීම ගැන එච්චර අවුලක් නැ. දෙන ඕනි දෙයක් කනවා. ඒත් මම ඩෝග් ෆුඩ් තමයි කන්න දෙන්නෙ. ඒව නැතත් බත් දුන්නත් කනවා. අහල පහල ගෙවල්වලට ගිහිනුත් කාලා එනවා. අපි සතියක් ගෙදර නැති උනත් සතාට තනියම කන්න හොයා ගන්න පුලුවන්.

    කලින් හොද බල්ලෙක් හදලා තියනවා. ඌ එක්ක බලද්දි මූ හොදයි. වියදම් අඩුයි. ලොකුම වාසිය තමයි සතියක් විතර නිදහ්සේ කොහේ හරි ගිහින් ආවැකි. කලින් බල්ලා ඉද්දි දවස්2-3ක ගමනක් යන්නත් නෑ. දැන් දිගටම හදන්නෙ අසරණ වෙච්ච වල් බල්ලො තමයි
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    german shepherd cross
    විටමින් vetzyme stress , තව සිරප් එකක් දුන්නා පොඩි කලේ නම මතක නැ
    පොඩි කලේ වෙනම මස් මලු එහෙම දුන්නා දැන් අපි කන ඒවම මස් මලු කලවම් කරලා දෙන්නේ තමයි කන්න කැමති
    පැණිරස කන්න ආසයි වැඩිය දෙන්නේ නැ සිනි නිසා
    කිම් කැකර් දෙයියා :giggle: :P
    කක්කා දාපුවා එකතු කරලා සිලින්ඩරයකට දානවා බබයක් කපලා වලලු දෙකක් බස්සලා තියෙන්නේ ජරාව දන්න
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචං කවුද ඉන්නේ බල්ලෝ ඇති කරන අය...

    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    2. දෙන විටමින් එහෙම මොනවද?
    3. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    4. උන්ට කන්න දෙන්නේ මොනවද?

    දැන ගන්නත් එක්ක බල්ලගේ Photo එකක් එක්ක reply කරන් යන්න මචංල කාට හරි උදවුවක් වෙයි..
    1. උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
    දැන්නම් ඉන්නෙ රොටෙක් (rottweiler), ඊට කලින් german shepherd & doberman ඉදල තියෙනව :yes: ;) ඉදපු බල්ලොන්ගෙන් loyaltyඑක අතින් උපරිමේම ඉන්නෙ දැන් ඉන්න රොටාතමයි, කීකරු මට විතරයි, හැබැයි වෙලාවකට controlනැත. සැර වැඩියි. මුලින්ම හදන සුරුතලා විදියට රොටෙක් recommend කරන්නේ නැත.
    1. දෙන විටමින් එහෙම මොනවද?
    විටමින් කියන්නෙ පොඩිම කාලෙ තමයි දෙන්න සෙට් වෙන්නෙ, විටමින් වල නම නම් දන්නේ නෑ එකේක ඒවා දෙන්න කියනවා වෙට්, පොර ලියල දෙන එක ගෙනත් දෙනව, කෝට් එක ශයින් වෙන්න දෙන්න එකක් තියෙනව, ලෝම යනවට තව එකේක ඒව තියෙනව, බල්ලගෙ බර අනූව වෙට් දෙන්න කියන එක දෙනව.
    1. බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
    පොඩිම කාලෙනම් parvo කියල ලෙඩක් හැදෙනව පැටවුට, ඒකෙන් තමා ගොඩ දාගන්න තියෙන්නෙ, හරියට ට්‍රීට් කරේ නැතොත් පැටිය ඉවරයි ඉතින්, තව පස්ස පන නැති වෙන ලෙඩක් එනව බන්, තව ටික් ෆීවර්(tick fever ) කියල එකක් එනව කිනිතුල්ලොන්ගෙන්, ඕක එන්නෙ බල්ලගෙ ඇගේ කිනිතුල්ලො බෝවෙලා වැඩිවුනාම, ලෝම ගොඩක් තියෙන බල්ලොන්ට මේක එනව ගොඩක් වෙලාවට, ඔය තුන තමා මට සෙට් වෙලා තියෙන අත් දැකීම්.
    1. උන්ට කන්න දෙන්නේ මොනවද?
    පොඩි කාලෙනම් ඩෝග් ෆුඩ් එක්ක එලකිරි දෙනව, පාන් එලකිරි වල පොගවල දෙනව, ඒවට විටමින් පෙත්තක් වෙට් දෙනව ඒකත් කලවම් කරල දෙනව ටිකක් ලොකු වෙනකම්, එලකිරි හැමදාම උදේට මම ගෙනත් පොවනව කිරි බෝතලෙන්, ටිකක් ලොකු වෙද්දි මුදවපු කිරි බත් වලට කලවම් කරල අනල දෙනව. ලොකු වෙන්න වෙන්න පලා ජාති එක්ක මාලු කටු, සෝයා ලූස් ගෙනාපුවා, මස් කඩ වලින්කපල අයින් කරන මස් කටු එකට බත් එකට දාල වෙනමම බත් එකක් හදල දවසට වේල් දෙකක් දෙනව. තුන් වේලම දෙන්න එපා කියල තමා වෙටා කියල තියෙන්නෙ.

    මේ ඔක්කොම එක්ක හරියට වෙලාවට පනු බෙහෙත් දෙන්න ඕන අමතක නොකර, නැත්නම් ගල්,තනකොල කකා වමනෙ දාන්න පටන් ගන්නව.

    ඕව තමයි මචන් මගේ අත් දැකීම බල්ලො හදපු දේවල් සම්බන්දව, ටෙක්නිකලි මං ඉගෙනගෙන බල්ලො හදල නෑ, මට වෙට් කියල දෙන විදියට මම කරන්නෙ. :yes:
    elama..Thanks machn