- උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ?
දැන්නම් ඉන්නෙ රොටෙක් (rottweiler), ඊට කලින් german shepherd & doberman ඉදල තියෙනව

ඉදපු බල්ලොන්ගෙන් loyaltyඑක අතින් උපරිමේම ඉන්නෙ දැන් ඉන්න රොටාතමයි, කීකරු මට විතරයි, හැබැයි වෙලාවකට controlනැත. සැර වැඩියි. මුලින්ම හදන සුරුතලා විදියට රොටෙක් recommend කරන්නේ නැත.
- දෙන විටමින් එහෙම මොනවද?
විටමින් කියන්නෙ පොඩිම කාලෙ තමයි දෙන්න සෙට් වෙන්නෙ, විටමින් වල නම නම් දන්නේ නෑ එකේක ඒවා දෙන්න කියනවා වෙට්, පොර ලියල දෙන එක ගෙනත් දෙනව, කෝට් එක ශයින් වෙන්න දෙන්න එකක් තියෙනව, ලෝම යනවට තව එකේක ඒව තියෙනව, බල්ලගෙ බර අනූව වෙට් දෙන්න කියන එක දෙනව.
- බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද?
පොඩිම කාලෙනම් parvo කියල ලෙඩක් හැදෙනව පැටවුට, ඒකෙන් තමා ගොඩ දාගන්න තියෙන්නෙ, හරියට ට්‍රීට් කරේ නැතොත් පැටිය ඉවරයි ඉතින්, තව පස්ස පන නැති වෙන ලෙඩක් එනව බන්, තව ටික් ෆීවර්(tick fever ) කියල එකක් එනව කිනිතුල්ලොන්ගෙන්, ඕක එන්නෙ බල්ලගෙ ඇගේ කිනිතුල්ලො බෝවෙලා වැඩිවුනාම, ලෝම ගොඩක් තියෙන බල්ලොන්ට මේක එනව ගොඩක් වෙලාවට, ඔය තුන තමා මට සෙට් වෙලා තියෙන අත් දැකීම්.
- උන්ට කන්න දෙන්නේ මොනවද?
පොඩි කාලෙනම් ඩෝග් ෆුඩ් එක්ක එලකිරි දෙනව, පාන් එලකිරි වල පොගවල දෙනව, ඒවට විටමින් පෙත්තක් වෙට් දෙනව ඒකත් කලවම් කරල දෙනව ටිකක් ලොකු වෙනකම්, එලකිරි හැමදාම උදේට මම ගෙනත් පොවනව කිරි බෝතලෙන්, ටිකක් ලොකු වෙද්දි මුදවපු කිරි බත් වලට කලවම් කරල අනල දෙනව. ලොකු වෙන්න වෙන්න පලා ජාති එක්ක මාලු කටු, සෝයා ලූස් ගෙනාපුවා, මස් කඩ වලින්කපල අයින් කරන මස් කටු එකට බත් එකට දාල වෙනමම බත් එකක් හදල දවසට වේල් දෙකක් දෙනව. තුන් වේලම දෙන්න එපා කියල තමා වෙටා කියල තියෙන්නෙ.
මේ ඔක්කොම එක්ක හරියට වෙලාවට පනු බෙහෙත් දෙන්න ඕන අමතක නොකර, නැත්නම් ගල්,තනකොල කකා වමනෙ දාන්න පටන් ගන්නව.
ඕව තමයි මචන් මගේ අත් දැකීම බල්ලො හදපු දේවල් සම්බන්දව, ටෙක්නිකලි මං ඉගෙනගෙන බල්ලො හදල නෑ, මට වෙට් කියල දෙන විදියට මම කරන්නෙ.