බල්ලපාන

Jun 15, 2015
187
24
0
අබුඩාබි
ඔය කෑගල්ලට ටිකක් මෙහාට වෙන්න තියෙනවා ගමක් බල්ලපාන කියලා. දන්නවා ඇතිනෙ අපේ යාළුවො ඔය කියන ගම ගැන. ඔන්න ඔය ගමෙ වෙලා තියෙන අපුරු සත්ය සිද්දියක් තමයි මේ.
ඔය බල්ලපාන කියන ගමෙ හිටපු නොන්ජල් පහෙ මනුස්සයෙක් පිට ගමකින් කසාදයක් බැඳලා මනමාළිව කැන්දගෙන ආවා බල්ලපානට. මුන් දෙන්නා බැඳලා වෙනම ගෙදරක තමයි පදිංචි වෙලා තියෙන්නෙ. බැඳලා ටික දවසක් ගත උනා. මුන්දෙන්නට ළමයි නෑලු. ගමට ඇවිත් අවුරුද්දක් විතර ගත උනාම ගමට ආවලු අලුතෙන් ග්‍රාමසේවක කෙනෙක්, කෝමහරි ග්‍රාමයා සෙට් උනා අර ගෑණි එක්ක, ගෙදර මනුස්සයා කුඹුරට හේනට ගියපු වෙලාවට ග්‍රාමසේවකයා වසමේ ඇවිදින මුවාවෙන් අර ගෙදරට රිංගලා සැපක් එහෙම අරන් යනවා. ඉස්සර ග්‍රාමසේවක කියන්නෙ ගමක හිටපු බළපුලුවන්කාර චරිතයක්. පොලීසි මහාත්තයා, රහාලාමි ඔහොම තමයි කතා කරන්නෙ. රජයෙන් මොන වැඩෙ තිබුනත් ග්‍රාමසේවකගෙ අනුමැතිය නැත්නම් මොනවත් බැ. කොහොම හරි දැන් ගමෙ කසුකුසුවක් ගියා ග්‍රාමසේවක අර ගෑණිටත් මහාඟු සේවයක් කරනවා කියලා. කනින් කොනින් ගිහින් මේක මේ ගෑණිගෙ මනුස්සයා ඇතුළු නෑදෑ සනුහරේටත් ආරංචි උනා. දැන් ගෙදර මිනිහා ගෑණිට තඩි බානවා ගෑණි මේ වගෙ සම්බන්ධයක් නෑ කියනවා. මේ ප්‍රශ්ණේට දෙපැත්තෙම වැඩිහිටියො මැදිහත් වෙලා විසඳුමක් ගෙනාවා ඒ තමයි ග්‍රාමසේවකත් එක්ක අනියම් සම්බන්ධයක් නෑ කියලා අලුත්නුවර දේවාලෙට ගිහින් දිව් රන එක. ඉස්සර කාලෙ ගම් වල බොහො වෙලාවට මේ වගෙ දිවුරවනවා දේවාල වලට ගිහින්. කෙනෙක් තම්න්ගෙ සත්යභාවය හා අවන්කභාවය පෙන්නුවෙ මෙහෙම දිවුරලා. ඒවගෙ දේවල් කරෙ සෙනසුරාදා හො බදාදා වගෙ කෙම්මුර දවසක. ඉතිං දැන් අර ගෑණිටත් ඊළඟ සෙනසුරාදා දේවාලෙට ගිහින් දිවුරන්න ඕනේ කියලා වැඩිහිටියො කිව්වලු. මේ කිව්ව දවස බදදා දවසක් ගෑණිත් මේ වැඩෙට කැමති වෙලා ඊළඟ දවසෙ ඉඳන් ගෙදර තිබුනු පිත්තල පහානක් එළියෙන් තියලා අයාලෙ යන බල්ලෙකුට කන්න දුන්නළු. සෙනසුරාදා හවස වැඩිහිටියො කිහිප දෙනෙකුයි අර ගෑණියි මිනිහයි ගියාලු අළුත්නුවර දේවාලෙට දිවුරන්න. දේවාලෙ සියළුවතාවත් කරලා දිවුරන්න කිව්වලු අර ගෑණිට ඒ ගෑණි දෙවියො ඉස්සරහා දිවුරුවලු "බල්ලාපානෙන් බත් කන්න ආව දවසෙ ඉඳන් මම කිසිම වරදක් කරලා නෑ, මේ දෙයියො සත්තයි" කියලා. අර ගියපු එවුන් හිතුවා බල්ලපාන ගමට කසාද බැඳලා ආපු දවසෙ ඉඳලා ගෑණි වරදක් කරලා නෑ කියලා. ගෑණි තමන්ගෙ නුවන මෙහෙයවලා අර බල්ලා පහානෙන් කන්න ආපු දවසෙ ඉඳලා වැරදි නොකර ඉඳලා තමන්ගෙ දිවුරීම සම්පුර්ණ කලා. කොහොමද ගෑණු මොලේ.
___කැළුම්___
 
  • Like
Reactions: maxboysl

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හික්... බල්ලපාන ඉස්ටෝර්ස් කියල කඩයක් තියනවා කෑගල්ල මාර්කට් එක ලග බුලත්කොහුපිටිය පාරේ. අහල බලන්න ඕනේ මේක
     
    May 29, 2015
    612
    45
    0
    ඒ කියන්නේ බල්ලපානෙන් බත් කන්න ආපු දවසට කලින් වැරදි කරලා තියෙනවා :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    othana eth gaanita paw sidda wenawane ban...

    boruwata diwreema
    hithaa mathaa boru kireema
    paana & pahana yanu dekak bawa danagena, boruwen minissu rawatteema

    kiyana chodana 3 matha gaanita awurudu 5k apaa gatha karanna niyoga karanawa :P
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බල්ලපානක් තියෙනව අපේ පැත්තෙත්.... වේයන්ගොඩින් බස් එකක් තියෙනව බල්ලපාන හරහා දිවුලපිටිය කියල .... පට්ට ස්ටෝරිය බන් ..